නියම ආදරේ තියෙන්නේ මෙන්න මේ වගේ සහකරුවෙක් ළඟයි. බලන්න එයත් මේ වගේද කියලා

May 25, 2018
11,236
A real lover has these qualities
ආදරේට ආදරේ නොකරන කෙනෙක් වත් ආදරේ එපා කියන කෙනෙක් වත් මේ ලෝකේ නැහැනේ. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම අපේ ජිවිත වලට ආදරේ හොයන්නේ. ඒත් අපි ආදරේ කරන්න පටන් ගනිද්දිම සහකරු හෝ සහකාරිය අපිට හැම අතින්ම ගැලපෙනවද කියලා හොයලා බලලා නෙවෙයිනේ සම්බන්ධකම් පටන් ගන්නේ. කාලයක් ආශ්‍රය කරද්දී තමයි එකිනෙකා ගැන හරියටම හඳුනා ගන්නේ. එයා තමන්ට ගැලපෙනවද? එයාව හරියන්නේ නැද්ද කියලා දැන ගන්න නම් කාලයක් ආශ්‍රය කරන්න වෙනවා. හරි යන්නේ නැත්තන් දෙන්න ඈත් වෙන්නේ ඒ නිසානේ.

හැබැයි මේ කියන්නේ ඈත් වෙන්න හේතු නෙවෙයි. ඔයාල දෙන්නට තව ලං වෙන්න හේතු වෙන දේවල්. බලන්න මේ කියන දේවල් එයා ළඟත් තියෙනවද කියලා. එහෙනම් එයා තමයි ඔයාට සුදුසුම කෙනා.

1. ඔයා නැතුව ජිවත් වෙන එක, ඔයාගෙන් වෙන් වෙන එක එයාට කරන්න බැරි දෙයක් නම් එයා ඇත්තටම ඔයාට ආදරෙයි. රණ්ඩු කරලා ආයේ කතා කරන්නේ නෑ කියලා කිව්වට එක දවසක් වත් ඉන්නේ නැත්තන් ඉතින් කොහොමද හිතන්නේ එයාට ඔයා නැතුව ඉන්න බෑ කියලා.

2. එයාට එයාගේ සතුටට වඩා වටින්නේ ඔයාගේ සතුට. එයා ගැන වත් හිතන්නේ නැතුව හැම තිස්සෙම මුල් තැන දෙන්නේ ඔයාට.

3. ප්‍රශ්න හමුවේ ඔයා කවදාවත් තනි කරන්නේ නැහැ. හැමදාම ඔයාට එයා ශක්තියක් වෙනවා.

4. ඔයාගේ ආදරේ රැක ගන්න එයා ඕනෑම කැප කිරීමක් කරන්න ලෑස්තියි නම් ඔයාව මොන තරම් එයාට ඕනද කියන එක ඔයාට හිතා ගන්න පුළුවන්නේ. මොන බාධක ආවත් එයා ඒවගෙන් සැලෙන්නේ වත් ඔයාව ඈත් කරන්නේ වත් නැහැ.

5. එයාගේ සමාවෙ සීමාවක් නැද්ද? වැරදි නම් අපි අතින් ඕන තරම් වෙනවනේ. ඒත් හැමෝම අපි කරන වැරදි වලට හැමදාම සමාව දෙන්නේ නැහැ. ඒත් එයා එහෙම නැහැ. මේ අවසාන වතාව කියා කියා හැමදාම ඔයාට සමාව දෙනවා කියන්නේ වැරදි කියලා ඔයාව අයින් කරන්න බැහැ කියන එක.

6. ගොඩක් අය බලන් ඉන්නේ මොනවම හරි හේතුවක් හදා ගෙන එකිනෙකාගෙන් ඈතට යන්න. ඒත් එයාට ඔයාව දාල යන්න ඕන තරම් හේතු තිබුනත් එයා ඔයාව දාල ගියේ නැත්තම් එතන තමයි නියම ආදරේ තියෙන්නේ. ඒ කියන්නේ මොනවා වුනත් එයාට ඔයාව වටිනවා.

7. හැමෝටම වඩා එයා විශ්වාස කරන්නේ ඔයාව. අනිත් අය මොනවා කිව්වත් ඔයා ගැන එයාගේ හිතේ තියෙන විශ්වාසය ලෙසියකට බිඳෙන්නේ නැති එකක්. ඒ වගේම ඒ විශ්වාසෙ ජිවිත කාලෙටම රැක ගන්න එක ඔයා අතේ.

8. ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් එයා ආදරේ කරනවා නම් ගරු කරනවා නම්
එයා තමයි ඔයා හොයපු කෙනා. ඔයාට ගැලපෙනම, ඔයාට සුදුසුම කෙනා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 832 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:22:48 AM
Script:/article/832/a-real-lover-has-these-qualities.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:22:48 AM
Script:/article/832/a-real-lover-has-these-qualities.html