හීන දැක දැක නිදාගන්න උදව් වෙන පානයක්

February 26, 2019
9,364
A drink to have a better sleep
නින්ද කියන්නේ අපේ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. ඒත් අද ඔයා ගෙවන කාර්යබහුල පරිසරයක එක්ක ඔයාට හරියට නිදා ගන්නවත් ඉඩකඩක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. තියෙන වැඩ රාජකාරී එක්ක ඔයාට ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය වෙන්නේ නෑ කියලා හිතාගෙන නිදා ගන්න තියෙන වේලාවත් එක එක වැඩකටයුතු වෙනුවෙන් ඔයා මිඩංගු කරන කෙනෙක් නම් ඔයාගේ නිරෝගි සුවය නැති වෙන්න තව ලොකු කාලයක් නෑ කියන එක හොඳින් මතක තියා ගන්න. සමහර වෙලාවට ඔයාට වේලාවක් නැති නම් නිදාගන්න ඔයාගෙන් නින්ද ගිලිහිලා යන්න පුළුවන්. එහෙම නැතුව ඔයාට කොච්චර උවමනාව තිබුණත් ඔයා නිදා ගන්න හැකියාවක් නැති නම් ඒත් නින්ද ඔයාගෙන් ඈතට යනවා. මානසික ආතතිය හා පීඩනය, විවිධ රෝගී තත්ත්වයන් නිසා ඔයාට නින්ද අහිමි වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඔයා දන්නවානේ සමාන්‍යයෙන් නිදා ගන්න අවශ්‍යතාව තිබිලත් ඔයාට නිදා ගන්න හැකියාවක් නොමැති වීම ඔයාව තව තවත් මානසික වගේම ශාරිරික වශයෙන් අපහසුතාවට පත් කරනවා කියලා. ඉතිං අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා නිදා ගන්න බැරුව අපහසුතාවෙන් ඉන්න ඔයාට පහසුවෙන් නිදා ගන්න උදව් වෙන පානයක් ගැන.

ඔයාට ඉක්මනින් නින්ද කැන්දන මේ පානය සකස් කර ගන්න ඕන කරන්නේ හරිම පුංචි දේවල් ටිකක්. අමන්ඩ් කිරි කෝප්පයක්, තලාගත් කරදමුංගු, ඉඟුරු ස්වල්පයක්, කහකුඩු ස්වල්පයක්, මී පැණි වැනි පොඩි අමුද්‍රව්‍යය ටිකක් තමයි ඔයාට මේ පානය වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ.

හැඩකාරී අපි ඔයාට කිව්ව මේ අමුද්‍රව්‍ය ටික හොයා ගත්තට පස්සේ හරිම පහසුවෙන් මේ පානය සකස් කරගත හැකියි. මුලින්ම භාජනයක් පිරිසිදු කරගෙන කිරි ටික රත් කර ගන්න. මදක් රත් වීගෙන එනකොට මුලින් කිව්ව කරදමුංගු, ඉඟුරු, කහකුඩු ආදී සියල්ල එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. ටික වේලාවක් යනකොට කිරි එක හොඳින් උතුරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට තියෙන්නේ මී පැණි ටිකක් එකතු කරලා නිදා ගන්න කලින් පානය කරන එක.

ඉතිං නින්ද යන්නේ නැති ප්‍රශ්ණයක් ඔයාට තියෙනවා නම් දැන් පමා වෙන්නේ නැතුව මේ කිව්ව පානය නිවසේදීම හදා ගන්න පුළුවන්. එළකිරි හැර ඕනෑම කිරි වර්ගයක් මේ පානය වෙනුවෙන් ඔයාට භාවිත කළ හැකියි. ඔයා මේ පානය හදා ගන්නකොට හොඳින් කහ මිශ්‍ර කරනවානේ. ඉතිං කහ මගින් ඔයාගේ සිරුරේ තියෙන විඩාව, ආතතිය වැනි තත්ත්වයන් මගහරිනු ලබනවා. අන්න එතකොට තමයි ඔයාට හොඳින් සුව පහසු නින්දක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මී පැණි කියන්නේ ඉතාමත් ගුණදායක ඔසුවක් කියලා ඔයා දන්නවානේ. මෙහි අඩංගු පෝෂක සංඝටක ඔයාට සුව පහසු නින්දක් ඉක්මනින් ලබා දෙනවා. ඉතිං ඔයාටත් හීන දැක දැක නිදා ගන්න ඕන නම් පමා නොවී මේ පානය බොන්න කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1275 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:09:23 AM
Script:/article/1275/a-drink-to-have-a-better-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:09:23 AM
Script:/article/1275/a-drink-to-have-a-better-sleep.html