ආදරේ හැමදාමත් ළඟ තියා ගන්න කැමති අය කවදාවත් මේ දේවල් කරන්නේ නැහැ

April 22, 2018
12,768
One would never do these if they want to save their love
ආදරේ කරන්න පටන් ගන්න මුල් කාලේ දෙන්න අතරේ තියෙන ආදරණිය බව, සමීප බව වගේම ආදරේ පිවිතුරු බව කියන කාරණාවන් කාලයක් යද්දී ටික ටික නැති වෙලා යන්නගන්නවා වගේම දෙන්න මුලදී තිබුණු සමීප බව නැතුව යනවා. හැබැයි මෙහෙම වෙන්නේ එකිනෙකා ළඟ පොඩි පොඩි වැරදි හා අඩු පාඩු නිසා.

අපි ආදරය කරන්න පටන් ගන්නේ කාලයක් ගිහින් හිත රිද්දගෙන ඈත් වෙන්න හිතන් නෙවෙයිනේ. හැමදාමත් ඒ ආදරේ රැක ගෙන ඉදරි ගමනක් යන්න හිතාගෙන. ඒත් ඒ ගමනට ඔයා ළග තියෙන මේ වැරදි බාධා කරනවා. ඒ නිසා පුළුවන් තරම් මේවගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න. මේ කියන වැරදි හිතා හෝ නොහිතා ඔයා දැනටමත් කරනවා නම් ඒ අඩු පාඩු දැන්ම හදා ගන්න.

1. අනෙකාගේ වැඩ කටයුතු ගැන කිසිම සැළකිල්ලක් නොදැක්වීම

මේ වැරැද්ද කාන්තා, පිරිමි කියලා වෙනසක් නැතුව හැමෝම කරනවා. අනිත් කෙනා ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. මොනවද කරන්නේ, ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, කා එක්කද ඉන්නේ කිසිම දෙයක් ගැන හොයා බලන්නේ නැහැ. වැරදි පාරක යන, වැරදි වැඩ කරන, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක්ට නම් මේක හොඳ අවස්ථාවක්.

ඒ වගේම එයාට ඔයාගෙන් උදව්වක් ඕන වෙන වෙලාවක වත් ඔයා ඒ ගැන තැකීමක් කරන්නේ නැති වුනොත් එයා හුදකලා වෙනවා නේද? ඔයා ගැන එයාගේ හිතේ වැරදි ආකල්ප ඇති වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒක ඔයාල දෙන්නගේ ආදර කතාවේ ඉදිරියට නරක විදියට බලපාන්න පුළුවන්. ඔයා අනිත් කෙනා ගැන හොයා බලන තරමට උනන්දු වෙන තරමට ඔයාට එයාව විශේෂ අයෙක් බව එයාට දැනෙනවා.

2. ඕනෑවට වඩා serious වෙන්න යන එක එච්චර හොඳ නෑ

හැම දෙයක්ම ඕනාවට වඩා serious ගත්තම ආදරේ කරන එක විතරක් නෙවෙයි කිසිම දෙයක් කරන්න බැරුව යනවා. ඒ නිසා සැහැල්ලුවෙන් හිතන්න පතන්න, ඕනවට වඩා හිතන්න ගියහම නැති ප්‍රශ්න ඇති වෙනවා. පොඩි දේත් ලොකු වෙලා පේනවා. ආදරේ කරද්දීත් පොඩි පොඩි දේවල් ලොකු කර ගන්න එකෙන් ඔයාල අතරේ තියෙන ආදරේට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එයා එක්ක ඉන්න හැම වෙලාවකම විනෝදයෙන් හිනා වෙලා ඉන්න.

3. නොසලකා හැරීම

අපි කියන්නේ ගණන් ගන්නේ නෑ කියලා. ආදරේ කරද්දී ගොඩාක් ලොකු ප්‍රශ්න ඇති කරන්න හේතු වෙන කාරණයක් තමයි ගණන් නොගැනීම. අනිත් කෙනා කියන දේවල් අහන්නේ නැහැ,හිතුන හිතුන විදියට වැඩ කරනවා, එහෙම වුණාම ඒවා අනිත් කෙනාට අල්ලන්නේ නැහැ. තමන්ට ලැබිය යුතු ගෞරවය ලැබෙනවට කවුරු වුනත් කැමතියි. එහෙම නැතුව තමන්ව දෙකයි පණහට දාල වැඩ කරනවට කවුරුවත් කැමති නැහැනේ. ගොඩක් දෙනෙක් අතර රණ්ඩු ඇති වෙන්න මේ ප්‍රශ්නේ තමයි මුල් වෙන්නේ.

4. හැම තිස්සෙම වලි දා ගන්න එක ඇඟට ගුණ නෑ

ගෑණු ළමයි කරන ලොකු වැරද්දක් මේක. පොඩි පොඩි දේවල්වලට නිතර නිතර රණ්ඩු වෙනවා. එහෙම වෙද්දී සම්බන්ධතාවයක් දිගටම පවත්වාගෙන යන්න හරිම අමාරුයි. ඔයා එක්ක ඉන්න එක එයාට නීරස වෙනවා. දිගින් දිගටම එහෙම වෙද්දී අනිත් කෙනාට ඔයාව එපා වෙන එක අහන්නත් දෙයක්ද. ඒ නිසා ඉවසීම පුරුදු කරන්න. පොඩි දේවල් වලටත් එල්ලෙන්නම බලාගෙන ඉන්න එපා.

5. අගය නොකිරීම

මොනව හරි දෙයක් සම්බන්ධයෙන් තවත් කෙනෙක් ඔයාව අගය කරනවා නම් ඔයාට හොඳ කියනවා ඒ තරම් සතුටක් තවත් කොහෙන්ද? ඒකට ඔයා ගොඩක් කැමතියි. අන්න ඒ විදියටම ඔයාගේ සහකරු, සහකාරිය ගැනත් හිතන්න. ඔයාගේ සහකරු හෝ සහකාරිය හැම වෙලාවකම ඔයාගේ අගය කිරීම් බලාපොරොත්තු වෙනවා. වෙන කෙනෙක්ගෙන් ලැබෙන අගය කිරීමකට වඩා ඔයාගෙන් හොඳක් අහන එක එයාට ලොකු සතුටක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 785 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:14 AM
Script:/article/785/one-would-never-do-these-if-they-want-to-save-their-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:14 AM
Script:/article/785/one-would-never-do-these-if-they-want-to-save-their-love.html