මනාලියක් වෙන්න මාස 3කට වත් කලින් මේ දේවල් ගැනත් හිතන්න

May 14, 2018
21,826
Think of these before your big day
wedding එක කෙල්ලෙක්ගෙ ජිවිතේ ලස්සනම දවස. හැමෝම දකින සොඳුරු හීනය. හැමෝම ඒ දවස එනකන් බලන් ඉන්නවා. හැමෝම කැමතියි එදාට පුළුවන් තරම් ලස්සනට ඉන්න. ඉතින් ඔයාගේ wedding එක දවසට ලස්සනට ඉන්න නම් ඔයාට දැන්ම ඉඳලම ඒ ගැන ටිකක් හිතන්න වෙනවා. ඒ වෙනුවෙන් මේ කියන පොඩි පොඩි දේවල් ටික කරන්න වෙනවා. අඩුම මාස තුනකට වත් කලින් මේ දේවල් අමතක නොකර කරන්න.

සම ලස්සන හා නිරෝගී කර ගන්න. අනිවාර්යෙන් ඔයා දැන් හිතන්න මුණේ සම ගැන විතරයි. එහෙම බෑ. wedding එක දවසට ලස්සනට ඉන්න මුණ විතරක් ලස්සනට තිබිලා මදි. අනිවාර්යෙන් මුළු සිරුරේම සම ගැන හිතන්න හිතන්න වෙනවා. ඒ නිසා wedding එකට මාස තුනකට විතර කලින් ඉඳලා සමට පෝෂ්‍යදායක සත්කාර ලබා දීම වැදගත්. ස්වාභාවික සත්කාර අමතක කරන්නම එපා. ඒ වගේම රාත්‍රී නින්දට පෙර ඔබේ මුහුණ සොදා පිරිසිදු කර මොයිස්චර්රයිසර් වර්ගයක් භාවිතා කරන්න. හොඳ නින්දක් ලබා ගන්න.

ඒ වගේම අධික හිරු එළියට නිරාවරණය වීමත් හැකි තරම් අවම කරන්න. මොකද එයින් සමට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. එලියට යන හැම වෙලාවකම sun protection cream එකක ආලේප කරන්න. wedding එකට දින කිට්ටු වෙද්දී හැම තැනම දුව ඇවිදින්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න.

එහෙම ඉන්න නම් ඉතින් කල් ඇතිව ඔක්කොම වැඩ ටික ඉවර කර ගන්න වෙනවා. wedding එකක් ගන්නවා කියන්නේ මොන තරම් පිස්සු හැදෙන වැඩක්ද කියලා දන්නෝ දනිති. මොන තරම් වැඩ ගොඩක් කරන්න තියෙනවද? කියක් දේවල් නම් බලන්න ඕනද? ඒ නිසා වේලාසනින් වැඩ ටික ඉවර කර ගන්න. නැත්තම් stress අරගෙනම ඔයා කැත වෙයි.

wedding එක දවසට ලස්සනට ඉන්න ඕන කියලා ගොඩක් අය diet කරනවා. එකේ වැරද්දක් නෑ. හැබැයි විවාහයට කලින් දවස් කිහිපයේදී නම් diet කරන්න හිතන්න එපා. ඒ දවස් ටිකේ හොඳට කාලා බිලා ඉන්න. මොකද wedding එක දවසට ඔයා හොඳ සෞඛ්‍ය සම්පන්නව, ශක්තිමත්ව හා ලස්සනට ඉන්න ඕන. අන්තිම දවස් ටිකෙත් diet කලොත් එදාට ඔයාට වෙහෙසකර බව තදින්ම දැනෙයි.

මංගල දිනයේදී මනමාලියගේ සිනහව ඉතාමත් වැදගත්. ලස්සනට හිනා වෙලා ඉන්න නම් දත් දෙපළ ගැනත් අනිවාර්යෙන්ම හිතන්න ඕන නේද? ඒ නිසා දත් වල වර්ණය ගැන වඩා සැලකිලිමත් වන්න. දත් කහ පැහැයෙන් යුතු නම් එය නැති කර ගන්න අවශ්‍ය ප්‍රතිකාර හා සත්කාර අනුගමනය කරන්න.

ඒ වගේම දෙතොල් වල වියලි බව අවම කර ගන්න. ඒ සඳහා ලිප් බාම් එකක් භාවිතා කරන්න. ඒ වගේම ඒ සඳහා ඇති ස්වාභාවික ක්‍රමත් භාවිතා කරනවා නම් වඩාත් හොඳයි.

වැඩිපුර වතුර බොන්න. එයින් සමේ වියලි බව අවම කර ගන්න පුළුවන්. ශරීරයේ තෙතමනය ආරක්ෂා කරන ආහාර වැඩි පුර ආහාරයට එක් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 812 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:00 AM
Script:/article/812/think-of-these-before-your-big-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:00 AM
Script:/article/812/think-of-these-before-your-big-day.html