සම සුදු කිරීම සඳහා ග්ලූටතයෝන් සුදුසුද? එය සැබවින්ම ක්‍රියාත්මක වේද?

August 7, 2020
18,934
How does glutathione gives you fair skin
ඔයාට දීප්තිමත් සමක් අවශ්‍යද? ඔයා නොයෙකුත් ක්‍රීම් වර්ග උත්සාහ කරත් ප්‍රතිඵලයක් ලැබිලා නැති පාටයි? ඔයා මෙම ප්‍රශ්න වලට විසඳුමක් සොයනවද? ග්ලූටතයෝන් සම පැහැපත් කර ගැනීමට ඔයාට උපකාරී වන්නේ කොහොමද? ඉතින් මෙම ගැටළු වලට විසඳුමක් අරගෙන තමයි අද හැඩකාරී අපි ආවේ. මුහුණ පැහැපත්ව තබා ගන්න ග්ලූටතයෝන් උපකාර වෙන විදිහ ගැනයි කතා කරන්න හිතුවේ..

ග්ලූටතයෝන් කියන්නේ මොකද්ද?
ග්ලූටතයෝන් කියන්නේ වඩාත්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වුවද බොහෝ දෙනෙක් තවමත් දන්නේ නැහැ. ඔයාගේ සම සුදු කර ගැනීමට සහ මෙලනින් මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. ලොව පුරා සිටින වෛද්‍යවරුන් සහ චර්ම රෝග විශේෂඥයින් බොහෝ විට සමේ ප්‍රතිකාර වලදී ග්ලූටතයෝන් නිර්දේශ කරනවා. භාවිතය සඳහා ක්‍රීම් හෝ  ටැබ්ලට් එකක් බෙහෙත් ශාලාවකින් මිලදී ගන්න පුළුවන්.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ග්ලූටතයෝන් වල බහුල ලෙස ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. මෙය ඉතා ආරක්ෂිත වන අතර ඔයාගේ සමට හානි කරන free radicals හෝ විෂ ද්‍රව්‍ය අන්තර්ගත වෙලා නැහැ. ඔයාගේ සම පිරිසිදු කිරීමට සහ සියලු අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වන අතර දීප්තිමත් පැහැයක් ලබා ගැනීමට පුළුවන්. මෙමගින් ඔයාගේ hyperpigmentation මට්ටම අඩු වෙනවා.

ග්ලූටතයෝන්හි ඇමයිනෝ අම්ල අඩංගු වන අතර එය අතුරු ආබාධ අවමයි. ඒ වගේම දිගු කාලීනව ඔයාගේ සම සෞඛ්‍ය සම්පන්නව හා ආරක්ෂිතව තබා ගන්නවා.

ඔයාගේ සම සුදු කිරීමට ග්ලූටතයෝන් උදව් කරන්නේ කොහොමද?

01. ග්ලූටතයෝන් මූලික වශයෙන් ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල 3 කින් වන cysteine, glycine සහ glutamic acid වලින්.

02. ශරීරය රෝග වලින් ආරක්ෂා කරන අතර සමේ වර්ණක, කැළැල් සහ අඳුරු පැල්ලම් ඇති කරන free radicals වලට එරෙහිවද සටන් කරයි.

03. කාන්තාවන් සාමාන්‍යයෙන් ග්ලූටතයෝන් ටැබ්ලට් එකක් විදිහට පානය  කරන අතර මාස 4 සිට 6 දක්වා නිතිපතා භාවිතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

04. ග්ලූටතයෝන් පෙති ස්වරූපයෙන් පමණක් නොව, එන්නත් සහ රූපලාවණ්‍ය සබන් ලෙසද මිලදී ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒවා වෙළඳපොලේ තරමක් ජනප්‍රියයි. එහි විටමින්, සෝයා තෙල්, ප්‍රෝටීන් සහ ඛනිජ වලින් පිරී ඇති අතර එය ඔයාගේ සම පෝෂණය කිරීමට උපකාරී වෙනවා.

05. ග්ලූටතයෝන් වලින් විතරක් වඩා සුදු පැහැයක් ලබා ගන්න බැහැ. ඔයා සෞඛ්‍ය සම්පන්නව ආහාරයට ගත යුතුයි. දොඩම්, තක්කාලි සහ අලිගැට පේර ඔයාගේ ආහාර වේලට ඇතුළත් කර ගන්න. මේ ආහාර වලින් ඔයාගේ ශරීරය විසින්ම ග්ලූටතයෝන් නිපදවනවා.

ග්ලූටතයෝන් ඔයාගේ සම සුදු කරනවා පමණක් නෙමෙයි  වයස්ගත ලප, කුරුලෑ සහ කැළැල් වලට ද එරෙහිව සටන් කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1753 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:52 AM
Script:/article/1753/how-does-glutathione-gives-you-fair-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:53 AM
Script:/article/1753/how-does-glutathione-gives-you-fair-skin.html