දැන් කුරුලෑ නැති කර ගන්න තියෙන පහසුම විදිය තමයි සුදුළූණු

May 15, 2018
16,164
The best solution for pimple
කුරුලෑ කියන්නේ වයසත් එක්ක අනිවාර්යෙන් තරුණ ගැහැණු පිරිමි කියන දෙගොල්ලොටම ඇතිවෙන ප්‍රශ්නයක්. ඒ වගේම කුරුළෑ ඇතිවෙන්න මුහුණේ තැම්පත් වෙලා තියෙන කුණු දූවිලි, ඒවගේම අධික තෙල් සහිත බව, එහෙමත් නැත්තං නුසුදුසු වූ ආලේපන වර්ග, ඒ වගේම හෝමෝන ගැටලු හේතු වෙන්න පුළුවන්. හෝමෝන ප්‍රශ්නයක් නිසා කුරුලෑ ඇති වෙනවා නම් ඒකට අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න වෙනවා. අනවශ්‍ය ලෙස ඇතිවන කුරුලෑ සමහර විට හෝමෝන වල ප්‍රශ්නයක් නිසා ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවධානයක දෙන්න.

එහෙම නැතුව තෙල් සහිත සමක, එහෙම නැනම් කුණු දුහුවිලි නිසා හෝ විවිධ ආලේපන ගැල්වීම මගින් ඇතිවන කුරුලෑ වලට සුදුළූණු කියන්නේ හොඳ විසඳුමක්. මිට කලින් අහලා නම් නැතුව ඇති. කියවලාම බලන්නකෝ. සුදුළූණු කියන්නේ දිලීර, බැක්ටීරියා මර්ධනය කරන්න ඉතාමත් ගුණ ගුණදායක ආහාරයක්නේ. මේ ගුණය නිසාම සුදුළූණු කුරුලෑ සත්කාර වලටත් යොදාගන්න පුළුවන්. සුදුළූණු වල අඩංගු සල්ෆර් කියන පෝෂ්‍ය පදාර්ථය කුරුලෑ සුව කරන්න මුල් වෙනවා. එහෙමත් නැත්තන් සුදුළූණු බික් දෙකක් විතර හොඳින් අඹරලා paste එකක් විදියට හදාගෙන කුරුලෑ ඇති තැන්වල ආලේප කරන්න. විනාඩි 10කින් සෝදලා ඉවත් කරන්න. එහෙමත් නැත්තන් සුදුළූණු බික් දෙකක් විතර අරගෙන දෙකට පලලා කුරුලෑ මත විනාඩි 10-15ක් පමණ තියාගෙන ඉඳලා ඇල් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

සුදුළූණු වලට අමතරව කුරුලෑ අවම කරගන්න පුළුවන් තවත් හොඳම සත්කාරයක් තමයි හුමාලය කියන්නේ. ඉතා හොඳින් කුණු දූවිලි ඉවත් කල හැකි ක්‍රමවේදයක්. හුමාලය සමට ඇල්ලීමෙන් සමේ රෝම කූප විවර වෙනවා. ඊට පස්සේ පිරිසුදු වාතය සමට හොඳින් ඇතුළු වෙනවා. ඒ වගේම කුණු දූවිලි හා සමේ තෙල් ගතිය ද ඉන් ඉවත් වෙනවා. වැඩේ කරන්න ඕන මෙන්න මෙහෙමයි.

මුලින්ම වතුර භාජනයක් ලිපේ තියන්න. ඒක රත් වුණාට පස්සේ එහි හුමාලය මිනිත්තු කිහිපයක් මුහුණට හොඳින් අල්ලන්න. හැබැයි මූණ පුච්ච ගන්න එපා. විනාඩි කිහිපයක් මේ විදියට හුමාලය මුහුණට ඇල්ලුවාට පස්සේ lemon හෝ දෙහි යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කල ඇල් වතුරෙන් මුහුණ හොඳින් සෝදන්න. ඊට පස්සේ පිරිසිදු තුවායකින් මුහුණ තෙතමාත්තු කරන්න. ඊට පස්සේ සමේ තෙතමනය ආරක්ෂා කරන හොඳ ආලේපනයක් මුහුණේ ආලේප කරන්න.

අපි tooth paste පාවිච්චි කරන්නේ දත් පිරිසිදු කරන්නේ. ඒත් ඔයා අහල තියෙනවද tooth paste වලින් කුරුලෑ අවම කරගන්නත් පුළුවන් කියලා. සමහර විට අහල නැතුව ඇති. ඒ නිසා කියවලම බලන්නකෝ කොහොමද කරන්න ඕන කියලා. හැබැයි මේකට හැම tooth paste එකක්ම හරියන්නේ නැහැ. සුදු පැහැති tooth paste වර්ගයක් තමයි තෝරගන්න ඕන. නිදාගන්න කලින් හොඳින් මුහුණ සෝදලා, පිරිසිදු කරලා ඊට පස්සේ tooth paste ඉතා ස්වල්ප වශයෙන් අරගෙන කුරුලෑ මත ආලේප කරන්න. පහුවදා උදේට හොඳින් සෝදා ඉවත් කරන්න.

ඒ වගේම ලෙමන් හෝ දෙහි භාවිතයෙන් මේ නිතර නිතර ඇතිවන කුරුලෑ ඉතා ඉක්මනින් අඩු කරගන්න පුළුවන්. රාත්‍රී නිදාගන්න කලින් මද උණුසුම් වතුරට දෙහි බින්දු කිහිපයක් හෝ ලෙමන් බින්දු කිහිපයක් එකතු කරලා මූණ හෝදන්න. මුහුණ පිස දමන්නේ නැතුව එහෙමම වේළෙන්න දෙන්න. උදේට බලන්නකෝ කුරුලෑ වල ඉදිමුම් ගතිය අඩු වෙලාද නැද්ද කියලා.

ඒ වගේම අයිස් කියන්නේ කුරුලෑ වල ඉදිමුම ඉක්මනින් අඩු කරන්න පුළුවන් තවත් හොඳ ප්‍රතිකාරයක්. අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතලා අරගෙන කුරුලෑ තියෙන තැන්වල තියල හෙමිහිට තවන්න. විනාඩි දහයක් විතර මෙහෙම කරාට පස්සේ ටික වෙලාවකින් කුරුලෑවල ඉදිමුම් ගතිය අඩුවෙලා යනවා

මේ කිව්ව දේවල් වලින් එකක් දෙකක් හරි කරලා බලන්නකෝ ප්‍රථිපලයක් තියේද කියලා. තව ඔයාලා දන්න මේ වගේ පොඩි පොඩි tips comment කරලා අපිත් එක්ක බෙදා හදා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 814 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:52:20 AM
Script:/article/814/the-best-solution-for-pimple.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:52:20 AM
Script:/article/814/the-best-solution-for-pimple.html