ඔයත් busy ද? එහෙම අයට රුව රැක ගන්න තියෙන ලේසිම විදිය

May 25, 2018
13,399
Are you busy? Here are some tips to keep your beauty
කාර්යබහුල බව කියාන එක අද වෙද්දී අපේ ජිවිත ගිලගෙන කිව්වොත් හරියටම හරි. විනාඩියක් වත් නතර වෙලා හති අරින්න බැරි තරමට අද අපේ අය busy වෙලා. මෙහෙම දුවලා දුවලා අපි කවදා කොතනින් නතර වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. දවසකට කරන්න තියෙන වැඩ කන්ද එක්ක තමන්ට තමන්වත් අමතක වෙනවා. තමන්ගේ පෞද්ගලික ජිවිතේ, සෞඛ්‍ය තත්ත්වය, සුන්දරත්වය වෙනුවෙන් වැය කරන්න තියා සමහර අයට කන්න වත් වෙලාවක් නැහැනේ.

ඒ තරමට busy වුනු අයට විශේෂයන් තරුණ තරුණියන්ට කාර්යබහුල ජිවිතේ අතරේ තමන්ගේ සුන්දරත්වය රැක ගන්න ලේසිම ලේසි tips ටිකක් තමයි මේ කියන්නේ. වෙලාවක් තිබුනොත් try කරලා බලනවාද?

වැදගත්ම දේ මුලින්ම කියන්නම්කො. මේකට ඔයාට වෙනම වෙලාවක් වෙන් කරන්න ඕනම නැහැ. ලස්සන වෙන්නත්, ලස්සන රැක ගන්නත්, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් වතුර කියන්නේ හොඳම බෙහෙත. ඒ නිසා හොඳට වතුර බොන්න. අපේ සෑම පද්ධතියකම නිසි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යම සාධකයක්. දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8ක්වත් පානය කළ යුතුමයි. ප්‍රමාණවත් තරම් වතුර පානය නොකලොත් සම වියලීම ලක් වෙලා වයස්ගත පෙනුමක් එක් වෙනවා.

ඔයාගේ ආහාර රටාව ඔයාගේ සුන්දරත්වයට බලපෑම් කරනවා කියලා ඔයා හොඳටම දන්නා දෙයක්නේ. අනිවාර්යෙන් පලා වර්ග ආහාරයට එක් කර ගන්න. ඒ වගේම තද කොළ පැහැති හා කොළ පැහැයට හුරු පලතුරු වර්ග ආහාරයට ගත යුතුමයි. පේර, ලොවි හා නෙල්ලි ඇතුළු විටමින් C බහුල පලතුරු හැකි සෑම විටම ආහාරයට එක්කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම උදෑසන ආහාරය උදෑසන 8-9 වෙද්දීවත් ගන්න උත්සාහ කරන්න.

හොඳින් වතුර බොන්න ඕන වගේම හොඳින් මුත්‍රා පිට කරන්නත් ඕන. විවිධ හේතුන් නිසා අපහසුවෙන් මුත්‍රා පිට කිරීම පාලනය කිරීම කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ . එහෙම නොවුනොත් ශරීරයේ අපද්‍රව්‍ය පිට නොවීම නිසා ශරීර පද්ධතියට විශාල ලෙස බලපෑම් සිදු වෙන්න පුළුවන්.

සම ඉක්මනින් වයස්ගත කරන්න හේතු වෙන කැෆේන් අඩංගු ආහාර බහුලව ලබා ගන්න එක අවම කරන්න. විශේෂයෙන් තේ, කෝපි අවම කරන්න. කැෆේන් වලින් අපේ මොළය ප්‍රබෝධමත්ව තබන්න හේතු වෙනවා. ඒ නිසා රාත්‍රී නින්දට පෙර කැෆේන් අඩංගු දේවල් පරිභෝජනයෙන් ඔබට අත්‍යාවශ්‍ය නින්ද ඔබට අහිමි වෙන පුළුවන්. නින්ද අහිමි වීම ඔබේ මුහුණේ ප්‍රබෝධමත් බව අහිමි වෙන්න හේතුවක්. ඇස් වටා කළු වෙන්න රැලි ඇති වෙන්න හේතුවක්. වගේම එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් ඉතා ඉක්මනින් වෙහෙසට පත් කිරීමටත් හේතු වෙනවා.

ලෙඩ රෝග නැති සුන්දර සිරුරක් පවත්වා ගැනීමේ ප්‍රධානම රහස තමයි ක්‍රියාශීලි බව. මේ සඳහා ශරීරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන ලෙස දවස පුරාම ඔබේ සිරුර ක්‍රියාශීලීවව තබා ගන්න. එකම තැනකට වෙලා ඇඟ පොඩ්ඩක් වත් හොල්ලන්නෙ වත් නැතිව ඉන්න පුරුදු උනොත් ඔයා අනිවාර්යෙන්ම ලෙඩ ගොඩක් වෙනවා. එය ඔයාගේ පරිවෘත්තිය ක්‍රියාවලිය මනා ලෙස පවත්වා ගෙන යන්න අතිශය වැදගත් වෙනවා. ඒ නිසා කාර්යාලයක වැඩ කරන කෙනෙක් වුනත් ටිකක් ක්‍රියාශීලිව ඉන්න.

දැන් පේනවා නේද ලස්සන වෙන්න, ලස්සනට ඉන්න අමුතුවෙන් කාලය වැය කරන්න ඕන නැහැ කියලා. ඕන කරන්නේ ඔයාට ඒ සඳහා අවශ්‍යතාවයක් ඇති කර ගන්න එක විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 834 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:01:28 AM
Script:/article/834/are-you-busy-here-are-some-tips-to-keep-your-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:01:29 AM
Script:/article/834/are-you-busy-here-are-some-tips-to-keep-your-beauty.html