මුහුනේ සම හැමදාමත් ලස්සනට තියා ගන්න හරිත තේ වලින් සත්කාර

September 18, 2019
9,086
Greet tea remedies for a young skin
හරිත තේ ගැන අපේ හැඩකාරියෝ දැනගෙන හිටියේ ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් යුක්ත පානයක් බව විතරක් නම් දැන් ඌන පූරණයන් හදා ගැනීමට කාලය ඇවිත්. සමහර විට හරිත තේ කියනවාට වඩා ‘‘ග්‍රීන් ටී ‘‘ නම හොඳට හුරු ඇති. අපි කවුද ඉතින් ලස්සනට ඉන්න අකමැතිද.. ඒත් ඉතින් අපට උවමනා විදිහට වයස පාලනය කර ගන්නත් බැහැ. හැබැයි අපට උනන්දුවක් තිබුනොත් සම වයස්ගත නොවී තබා ගැනීම නම් එතරම් අපහසු කාර්යක් නොවෙයි. එහෙමනම් සමට හරිත තේ සත්කාරයක් කර ගැනීම නිවසේදීම පුලුවනි.

මුලින්ම අපි සාමාන්‍ය හමට හරිත තේ සත්කාරයක් කර ගැනීමට බලමුද…?

01. එහෙම නම් කඩල පිටි මේස හැන්දක් සමග කහ කුඩු තේ හැඳි කාලක් පමණ මිශ්‍ර කරන්න. දැන් වියලා කුඩු කර ගත් හරිත තේ මේස හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය මුහුණේ ආල්ප කරලා විනාඩි 20 ක් තබා ගෙන එයින් පසුව සෝදා හරින්න.

02. හරිත තේ එහෙම නැත්නම් දන්නා වචනයෙන් කිව්වොත් “ග්‍රීන් ටී”‍ සමග මින්චි කොළ දෙකක් සහ මිපැනි මේස හැන්දක් එකතු කර ගෙන තනා ගත් මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි විස්සකින් සෝදා හරින්න.

03. තවත් විදිහක්... හරිත තේ දළු කීපයක් අරගෙන එයටම දොඩම් ලෙලි කුඩු කර ගෙන එකතු කරන්න. දොඩම් ලෙලි කුඩු මේස හැන්දක් පමණ උවමනා වෙනවා. දැන් මේ මිශ්‍රණයටම මී පැණි මේස හැඳි බාගයකුත් එකතු කර ගෙන තනා ගත් මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි විස්සකින් පසුව සෝදා හරින්න.

ඕනෑම ස්වභාවයක සමටත් හරිත තේ සූදානම් හොඳේ..

01. කෙසෙල් ගෙඩි බාගයක් අරගෙන එයටම හරිත දළු කීපයක් එකට මිශ්‍ර කර තලපය මුහුණේ ගල්වා විනාඩි 15 කින් සෝදා හරින්න.

02. කඩල පිටි මේස හැන්දක් අරගෙන එයට ලෙමන් යුෂ ස්වල්පයක් සහ හරිත දළු එකතුව සාදා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කරලා විනාඩි 15 කින් පසුව සෝදා හරින්න.

මගේ මුහුණ නම් හරිම වියලියි... ප්‍රශ්නයක් නැහැ.. හරිත තේ සූදානම්..

01. මීපැණි මේස හැන්දක් සමග හරිත තේ දළු කීපයක් එකට මිශ්‍ර කර ගෙන මුහුණේ ගල්වා විනාඩි 15 කින් සෝදා හරින්න.

02. ඒ විතරක් නොවෙයි... අලිගැටපේර මේස හැඳි දෙකක් සමග හරිත තේ දලු කීපයක් එකට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කිරීමෙන් විනාඩි 15 කට පසුව සෝදා හරින්න.

අනේ හැඩකාරියගේ මුහුණ තෙල් සහිත නම්... කලබල වෙන්න එපා... අපි මේ විදිහට බලමු..

01. හාල් පිටි මේස හැඳි දෙකක් සමග වියලා කුඩු කර ගත් හරිත තේ මේස හැන්දක් සහ ලෙමන් යුෂ එකතුව තනා ගත් මිහ්‍රණය මුහුනේ ගල්වා විනාඩි පහළොවකින් පසුව සෝදා හරින්න.

02. තවත්... අමු තේ කොළ තුනක් ගෙන එය ලෙමන් යුෂෙන් අඹරා ගෙන මුහුණේ ගල්වා විනාඩි දහයකින් සෝදා හරින්න.

ඕවා ගානවා තියා අතක් වැදෙන්නවත් බෑ මගේ හම හරිම සංවේදියි.... ඉතින් මම මොකද කරන්නේ...

ආ... එහෙමනම්.. ආයේ අඩුවක් මොකටද..? මෙහෙම පුලුවනි.

යෝගට් මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ හරිත දළු කීපයක් සමග මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර විනාඩි 15 කින් පසුව සෝදා හරින්න.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,247
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,995
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,980
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,414
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed