මුහුනේ සම හැමදාමත් ලස්සනට තියා ගන්න හරිත තේ වලින් සත්කාර

September 18, 2019
8,752
Greet tea remedies for a young skin
හරිත තේ ගැන අපේ හැඩකාරියෝ දැනගෙන හිටියේ ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් යුක්ත පානයක් බව විතරක් නම් දැන් ඌන පූරණයන් හදා ගැනීමට කාලය ඇවිත්. සමහර විට හරිත තේ කියනවාට වඩා ‘‘ග්‍රීන් ටී ‘‘ නම හොඳට හුරු ඇති. අපි කවුද ඉතින් ලස්සනට ඉන්න අකමැතිද.. ඒත් ඉතින් අපට උවමනා විදිහට වයස පාලනය කර ගන්නත් බැහැ. හැබැයි අපට උනන්දුවක් තිබුනොත් සම වයස්ගත නොවී තබා ගැනීම නම් එතරම් අපහසු කාර්යක් නොවෙයි. එහෙමනම් සමට හරිත තේ සත්කාරයක් කර ගැනීම නිවසේදීම පුලුවනි.

මුලින්ම අපි සාමාන්‍ය හමට හරිත තේ සත්කාරයක් කර ගැනීමට බලමුද…?

01. එහෙම නම් කඩල පිටි මේස හැන්දක් සමග කහ කුඩු තේ හැඳි කාලක් පමණ මිශ්‍ර කරන්න. දැන් වියලා කුඩු කර ගත් හරිත තේ මේස හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය මුහුණේ ආල්ප කරලා විනාඩි 20 ක් තබා ගෙන එයින් පසුව සෝදා හරින්න.

02. හරිත තේ එහෙම නැත්නම් දන්නා වචනයෙන් කිව්වොත් “ග්‍රීන් ටී”‍ සමග මින්චි කොළ දෙකක් සහ මිපැනි මේස හැන්දක් එකතු කර ගෙන තනා ගත් මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි විස්සකින් සෝදා හරින්න.

03. තවත් විදිහක්... හරිත තේ දළු කීපයක් අරගෙන එයටම දොඩම් ලෙලි කුඩු කර ගෙන එකතු කරන්න. දොඩම් ලෙලි කුඩු මේස හැන්දක් පමණ උවමනා වෙනවා. දැන් මේ මිශ්‍රණයටම මී පැණි මේස හැඳි බාගයකුත් එකතු කර ගෙන තනා ගත් මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි විස්සකින් පසුව සෝදා හරින්න.

ඕනෑම ස්වභාවයක සමටත් හරිත තේ සූදානම් හොඳේ..

01. කෙසෙල් ගෙඩි බාගයක් අරගෙන එයටම හරිත දළු කීපයක් එකට මිශ්‍ර කර තලපය මුහුණේ ගල්වා විනාඩි 15 කින් සෝදා හරින්න.

02. කඩල පිටි මේස හැන්දක් අරගෙන එයට ලෙමන් යුෂ ස්වල්පයක් සහ හරිත දළු එකතුව සාදා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කරලා විනාඩි 15 කින් පසුව සෝදා හරින්න.

මගේ මුහුණ නම් හරිම වියලියි... ප්‍රශ්නයක් නැහැ.. හරිත තේ සූදානම්..

01. මීපැණි මේස හැන්දක් සමග හරිත තේ දළු කීපයක් එකට මිශ්‍ර කර ගෙන මුහුණේ ගල්වා විනාඩි 15 කින් සෝදා හරින්න.

02. ඒ විතරක් නොවෙයි... අලිගැටපේර මේස හැඳි දෙකක් සමග හරිත තේ දලු කීපයක් එකට මිශ්‍ර කරලා මුහුණේ ආලේප කිරීමෙන් විනාඩි 15 කට පසුව සෝදා හරින්න.

අනේ හැඩකාරියගේ මුහුණ තෙල් සහිත නම්... කලබල වෙන්න එපා... අපි මේ විදිහට බලමු..

01. හාල් පිටි මේස හැඳි දෙකක් සමග වියලා කුඩු කර ගත් හරිත තේ මේස හැන්දක් සහ ලෙමන් යුෂ එකතුව තනා ගත් මිහ්‍රණය මුහුනේ ගල්වා විනාඩි පහළොවකින් පසුව සෝදා හරින්න.

02. තවත්... අමු තේ කොළ තුනක් ගෙන එය ලෙමන් යුෂෙන් අඹරා ගෙන මුහුණේ ගල්වා විනාඩි දහයකින් සෝදා හරින්න.

ඕවා ගානවා තියා අතක් වැදෙන්නවත් බෑ මගේ හම හරිම සංවේදියි.... ඉතින් මම මොකද කරන්නේ...

ආ... එහෙමනම්.. ආයේ අඩුවක් මොකටද..? මෙහෙම පුලුවනි.

යෝගට් මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ හරිත දළු කීපයක් සමග මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර විනාඩි 15 කින් පසුව සෝදා හරින්න.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1397 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:22:37 PM
Script:/article/1397/greet-tea-remedies-for-a-young-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:22:37 PM
Script:/article/1397/greet-tea-remedies-for-a-young-skin.html