හැමදාම උණුවතුර බොන අයට ලැබෙන දේවල් ඇහුවොත් ඔබ පුදුම වෙයි

June 2, 2018
10,116
You’ll be surprised to hear the benefits of drinking warm water
වතුර කියන්නේ ඉතින් එදිනෙදා ජීවිතේදී අපිට නැතුවම බැරි දෙයක්. වතුර බොන එක ගැන කතා කරොත් අපි එක එක විදිහට වතුර බොනවා ඔය අතරේ තියෙන එක වතුර බොන විදිහක් තමයි වතුර උණු කරලා බොන එක. උණු කරලත් නිවලා බොන අය වගේම ටිකක් රස්නෙන් වතුර බොන අයත් ඉන්නවා. ඉතින් අද අපි කියන්න යන්නේ ටිකක් රස්නෙන් වතුර බොන අයට ලැබෙන පුදුම හිතෙන දේවල් ටිකක් ගැන. කියවලාම බලන්නකෝ ඔයත් අනිවාර්යෙන්ම ඔයාගේ සීතල වතුර කෝප්පේ දෙපාරක් හිතන්නේ නැතුව උණු වතුර කෝප්පයකට මාරු කරනවා .

01. හැමදාම දැනෙන ඔසප් වේදනාව නැති කරනවා

ඔසප් වේදනාව ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ එක විඳින අය ඒ ගැන ඕනෙවටත් වඩා හොඳට දන්නවා. එහෙම අයට උණුවතුර කියන්නේ කියලා ඉවරයක් කරන්න බැරි සහනයක් ලබාදෙන දෙයක්. උණු වතුර වලට පුළුවන් උදරයේ තියෙන මාංශ පේශීන් ලිහිල් කරලා සහනයක් ලබාදෙන්න. මේ නිසා හැමදාම උණුවතුර බොන කෙනෙක්ට ඔසප් වේදනාව 90% කින්ම් අඩු කරගන්න පුළුවන්.

02. ඇඟේ තියෙන විෂ පහසුවෙන්ම ඉවත් කරනවා

මේ කාලේ අපි කන්නේ බොන්නේ හුස්ම ගන්නේ 90% ක් ම ශරීරයට විෂ දේවල් ඉතින් මේ විෂ අපේ ඇඟ ඇතුලේ රැඳිලා තියෙනවා අපිට උණු වතුර බොන එකෙන් පුළුවන් පහසුවෙන්ම මේ විෂ ඇගෙන් ඉවත්කර ගන්න. මේක වෙන්නේ මෙහෙමයි  අපි උණුවතුර බොනකොට අපේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා මේ නිසා අධිකව දහඩිය පිටවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දහඩියත් එක්කම ශරීරයේ තියෙන විෂ අපේ ඇඟෙන් පිටවෙනවා .

03. වයසට යන එක කල් දාන්න පුළුවන්

දන්නවද අකලට වයසට යන්නෙත් අපේ ඇඟ ඇතුලේ එකතුවෙන විෂ නිසා කලින් කිවුවා අපි උණුවතුර බොනකොට ඒ විෂ දහඩිය මගින් ඇඟෙන් ඉවත් කරනවා. මේ නිසා අකලට වයසට යන එක නතර වෙනවා. ඒ විතරක් නෙවෙයි හමේ නම්‍යශිලිත්වය වැඩි කරන සෛල වර්ධනය වෙනවා වගේම හමේ සුමුදු බවත් වර්ධනය වෙනවා. 

04. පෘෂ්ටිමත් දිගු කොණ්ඩයක්

ලස්සන් දිග කොණ්ඩයක් කියන්නේ අපි කාගේ උනත් හීනයක්. ඉතින් හැමදාම බොන උණුවතුර කෝප්පයට පුළුවන් අපේ ඒ හීනය ඇත්තටම හැබෑ කරලා දෙන්න. හිසකෙස් වල අගිස්ස ශක්තිමත් කරලා වැඩීමේ වේගය 5 ගුණයකින් වර්ධනය කරන්න උණුවතුර වලට පුළුවන්.

05. කෑම හොඳින් ජීර්ණය වෙන්න

අපේ ආහාර ජීර්ණ පද්ධතිය අශ්‍රිතව තැම්පත් වෙලා තියෙන මේද කොටස් දියකර දැමීමේ හැකියාවක් උණුවතුර වලට තියෙනවා. ඒ වගේම මල බද්දයට උණුවතුර කියන්නේ හොඳම විසඳුමක්. ඒ විතරක් නෙවෙයි කොලෙස්ටරෝල් වගේ බෝ නොවෙන රෝගත් 50% විතර පාලනය කරන්න උණු වතුර වලට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How magnesium help us to have a better sleep
   213
   176

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,937
   116

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Get rid of wrinkles that makes you look older
   3,858
   111

ඔබ වියපත් කරන සමේ රැලි වැටීම් අවම කර ගන්නේ මෙහෙමයි

කවුරු වුනත් උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම රැක ගන්න. සමේ තෙතමනය රැක ගනිමින් රැලි වැටීම් අවම කරන මේ ස්වාභාවික සත්කාර ඔයත් අදම try කරන්න
Mung Kawum Recipe
   5,215
   95

මුං කැවුම් - Recipe

සිංහල අවුරුදු කෑම
Secrets to take out the beauty in you
   6,954
   86

ඔයාගේ හැඩ-වැඩ වැඩි කර ගන්න ඕන නම්, මේ රහස් 5 ඔයාට හරිම වැදගත්

අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා සම්පුර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා

Latest Articles

Most Viwed