ගෑනු ළමයින්ගෙ ලොකුම ප්‍රශ්නයක් වුනු මූණෙ පිම්පල් මකන සාස්තරේ

April 11, 2019
16,312
How to get rid of Acne
ගෑනු ළමයි වැඩිපුරම හිතන ශරීර අවයවය මොකද්ද කියල කිවුවොත් පළමු තැනට උත්තරේ එන්නෙ මූණ. මූණ ලස්සනට තියාගන්න තමයි හැමෝම උත්සාහ කරන්නෙ. ඒකනෙ සමහරු මූන විතරක් මේකප් කරලා බෙල්ලයි අතුයි කළු පාටට තියෙද්දි කැතට පේන්නෙ. කොහොමින් කොහොම වුනත් මේ විදියට හැමෝම ලස්සනට තියාගන්න කැමති මූණෙ පිම්පල් තියෙද්දි ඒක ගෑනු ළමයින්ගෙ හිතට කරදරයක් නිසා අපි මේ කියන්න යන්නෙ ඔය ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් ස්වභාවික විදි ක්‍රම ටිකක් ගැන. ඒ තමයි ස්වභාවික දේ වලින් හදාගන්න පුළුවන් ෆේස් මාස්ක් ටිකක්.

දොඩම් යුෂ සහ බේකිං සෝඩා සත්කාර​ය

මේ ෆේස් මාස්ක් එක හදාගන්නෙ දොඩම් යුෂ සහ බේකින් සෝඩා එකතු කරලයි. බ්ලැක් හෙඩ්ස්, පිම්පල්ස් නැති කරන, දවස් තුනකට එක් වතාවක් යෙදිය යුතු මේ ෆේස් මාස්ක් එක බේකිං සෝඩා මේස හැන්දකට, දොඩම් යුෂ තේ හැන්දක් එකතු කරලා සාදාගැනීමෙන් එක් වරක් පාවිච්චි කළ හැකියි. මෙය මුහුණ මත යොදා විනාඩි පහළොවකින් පසු සීතල වතුරෙන් සෝදා හැර සමේ තෙතමනය රැඳෙන්නට ඔලිවු ඔයිල් මුහුණ මත ආලේප කරන්න.

ලෙමන් සමග බිත්තර සුදුමද සත්කාර​ය

බිත්තර සුදු මද, කහ කුඩු සහ ලෙමන් එක් කර සාදන මෙම ෆේස් මාස්ක් එක මුහුණේ පිම්පල් වලට එරෙහිව සටන් වදින ප්‍රබල ඔසුවකි. සමේ විෂබීජ නසන කහ කුඩු සම මත තිබිය යුතු තෙතමනය තබාගැනීමට මෙම ෆේස් මාස්ක් එක වඩා යෝග්‍යය. එක් බිත්තර සුදු මදයකට ලෙමන් යුෂ තේ හැඳි කාලක් සහ කහ කුඩු තේ හැඳි තුනෙන් එකක් යොදා මිශ්‍ර කර ආලේප කර මිනිත්තු 10ත් 15ත් අතර කාලයක් තබා, උණුසුම් වතුරෙන් මාස්ක් එක දිය කර හැර සීතල වතුරෙන් සෝදා හරින්න.

අලිගැටපේර සහ මී පැණි සත්කාරය

අලි ගැට පේර සහ මී පැණි යොදා කරන මෙම ෆේස් මාස්ක් එකතු මුහුණේ පිම්පල්ස් ඉවත් කරන්නට අතිශය යෝග්‍යය. හොඳින් ඉදුනු අලිගැටපේර ගෙඩියකින් හතරෙන් එකක්, මී පැණි තේ හැන්දක් හා මුසු කර මුහුනේ ආ​ලේප කර විනාඩි පහළොවකට පසු සීතල වතුරෙන් සෝදා හැර තුවායකින් තෙත මාත්තු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1302 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:39 AM
Script:/article/1302/how-to-get-rid-of-acne.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:21:40 AM
Script:/article/1302/how-to-get-rid-of-acne.html