හරි පදමට නියම රහට මස්කට් - Recipe

June 8, 2018
10,182
Muscat Recipe
මස්කට් හැදීමට අවශ්‍ය දේ :

තිරිඟු පිටි අඬු කෝප්ප 2
පොල් කිරි (තෙවරක් මිරිකාගත් පොල් ගෙඩියක කිරි)
සීනි අඬු කෝප්ප 4
එළඟිතෙල් මේස හැඳි 2
ආහාර වර්ණකාරක බිංදු 2-3ක්
කජුමද (රන්වන් පාටට බැදගත්) අවශ්‍ය පමණට

මස්කට් හදමු :

1. බඳුනකට තිරිඟු පිටි එක්කර එයට වතුර දමා හොඳින් දියකර පෙරාගන්න.

2. එවිට පිටිවල ඇති ඇලෙන සුළු කොටස වෙන්කර ගත හැකිය.

3. එසේ පෙරාගත් පිටි කොටස (ග්ලුටන්) සහ පොල් කිරි ඝනකම් පතුල සහිත පෑන් එකකට දමා හොඳින් කලවම් කරගෙන මද ගින්දරේ උණු කරන්න.

4. උණු වී ගෙන එන විටම එයට සීනි එකතු කර, වර්ණකාරක බිංදු 2-3ක්ද එක් කර හොඳින් හැඳිගාන්න.

5. එම මිශ්‍රණය එකම ගුලියක් සේ හැන්දට එකතු කර ගත හැකි පදමට පැමිණ තුනීකර ගැනීමට හැකිවන පදමට එනතෙක් දිගටම හැඳිගාන්න.

6. එවිට පොල් තෙල් වෙනම මතුවී පෙනේ. දැන් ලිප නිවා දමන්න.

7. තැටියක් ගෙන එළඟිතෙල් ගල්වා ඒ මත සාදාගත් මස්කට් මිශ්‍රණය තුනීකර ඊට උඩින් බැදගත් කජු දමා කැබැලි කපා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 864 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:50:38 AM
Script:/article/864/muscat-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:50:39 AM
Script:/article/864/muscat-recipe.html