පිලිකාවෙන් ආරක්ෂා වෙන්න පර්යේෂණ වලින් සොයාගෙන තියෙන මේ දේ කරන්න

July 22, 2020
3,147
Do these to prevent cancer
හැඩකාරියන්ට තමන්ගේ වයස පාලනය කර ගැනීමට නම් බැහැ. ඒත් වයස සමග ඇති වෙන සිරුරේ හැඩයේ වෙනස්වීම නම් පාලනය කර ගන්න කිසිම අපහසුවක් නැහැ. දැන් අලුත්ම කතාවක් තියෙනවා. ඒ මොකක්ද කියලා දන්නවාද..? ලෝකයේ ඌරන්ගේ තරබාරු වීමේ ප්‍රවනතාවය ක්‍රමයෙන් පහල බසිද්දී මිනිසුන්ගේ කතරබාරු වීමේ වේගය නොදැනීම ඉහළ අගයක් ගැනීමේ අවදානම් සහිත තත්වයක් ලෝකය පුරාම ඇති වෙලා. මේ නිසා සමහර විට තරබාරු ඌරෙක් දැක්කාම ඌරන් ඔවුන්ගේ භාෂාවෙන් මේ විදිහට අහන්න ඉඩ තියෙනවාලු.
“ඔයා හරියට මනුස්සයෙක් වගේ මහත් වෙලා…”

ඉතින් මේ සංවාදයට පදනම් වෙන හේතු සාධක සපයන මහා බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ කෘෂිකාර්මික පර්යේෂන වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ 1990 වසරේ පටන් ඌරන්ගේ තරබාරු වීමේ ප්‍රවනතාවය පහළ බසිද්දී මිනිසුන්ගේ තරබාරු වීමේ ප්‍රවනතාවය දිගින් දිගටම ඉහළ නැගීමේ තත්වයක් ඇති වී තිබෙන බවයි. මේ අධ්‍යනය වෙනුවෙන් පුද්ගලයන් ලක්ෂ හතරක් සම්බන්ධ කර ගෙන තිබෙනවා. 1970 වසරේ 3.5 % ක්ව පැවැති තරබාරු ප්‍රතිශතය 1993 වෙන විට 15% ක් දක්වාද, 2020 වෙන විට අධිබර අනුපාතය 28% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, තරබාරුව සමග බොහෝ රෝග අත්වැල් බැඳ ගන්නා බව ඔබ දන්නවා. දියවැඩියාව, හදවත් රෝග, අධි රුධිරපීඩනය වගේම පිළිකා අවදානමත් මේ ලැයිස්තුවට ඇතුලත්. ඒ නිසා නිතරම ඔබේ සිරුරේ බර පාලනය කර ගැනීම ඉතාම වැදගත්.

අනේ ඉතින් කෝ වෙලාවක්..
අපි හැම දෙනාම මේ පොදු වගන්තිය කිව්වත් දිනකට අඩුම වශයෙන් විනාඩි 30 ක් වත් ශරීර ශක්තිය දහනය කරන ව්‍යායාමයන්හි යෙදුනොත් පිලිකා අවදානම අඩු කර ගත හැකි බව JAMA පිළිකා ආයතනය මගින් තහවුරු කර ගෙන තිබෙනවා. එහෙම වුනොත් පිලිකාවකින් මරණය සිදු වීමට තිබෙන අවදානම 8% කින් පමණ අඩු කර ගත හැකි බව මෙම ආයතනය සදහන් කරනවා.

වේගයෙන් බයිසිකල් පැදීම, පිහිනීම වැනි සිරුරට දැනෙන තිව්‍රතාවය වැඩි ව්‍යායාම මේ විනාඩි 30 ක කාලයේදී සිදු වුනොත් පිලිකාවෙන් සිදු වෙන මරණය 31% කින් අඩු කර ගත හැකි බැව් JAMA පිළිකා ආයතනය විසින් පෙන්වා දෙනවා.

මේ අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු 45 ඉක්මවන ලද වැඩිහිටි පුද්ගලයන් 4500 ක් සම්බන්ධ කර ගෙන තිබෙනවා. කොහොම වුනත් කවුරුන් වුනත් පිලිකාවට ගොදුරු වෙන්න තබා මේ නම අහෙනවාටත් බියයි. ඒ නිසා පිළිකාවෙන් බේරී ජීවත්වෙන්න, එහෙම නැත්නම් ඔබේ මරණ සහතිකයේ මරණයට හේතුව පිළිකාව යැයි
සඳහන් කිරීම වලක්වා ගන්න නම් අද පටන්ම දවසේ විනාඩි 30 ක කාලයක්වත් ව්‍යායාමයන්හි යෙදෙන්න.

මේ විදිහට පහසුයි....
ඔබේ මෝටර් රථය, එහෙම නැත්නම් මෝටර් බයිසිකලය මගින් යන කෙටි දුර ගමන් අවම කරමින් ඒ දුර ඇවිදගෙන යන්න. එහෙම නැත්නම් පාපැදියකින් මේ කෙටි දුර යන්න. එයින් ඉන්ධන වෙනුවෙන් වූ වැය බරත් නිදහස්. අද ඇතැම් රටවල මෝටර් රථයෙන් පැමිනියත් එතැන් පටන් පාපැදියෙන් ගමන් කිරීමට නීති රීති පවා පනවා තිබෙනවා. එක් පැත්තකින් පරිසරයටටත් ආරක්ෂාවක්. අනෙත් පැත්තෙන් සිරුරේ ශක්තිය දහනයට ඉතාම හොඳ ව්‍යායාම සැසියක් ලැබෙනවා.

ඔබට විශේෂයෙන් ව්‍යායාම කරන්න වෙලාව නැතිම නම්, ඔබ රූපවාහිනිය නරඹන අතරවාරයේ එය නරඹමින්ම එකතැන දුවන්න. එයත් හොඳටම ප්‍රමාණවත්.

පිහිනීම
නානකාමරයේ වතුරමල යට ස්නානය කිරීම වෙනුවට විවේක දිනයකදී හෝ ගලන දිය පහරක පිහිනීම ඔබට කළ හැකියි. පහසුකම් තිබෙනවා නම් තටාකයක මුදල් වැය කරලා පිහිනුවත් එයින් ලැබෙන ප්‍රතිලාභ බොහොම ඉහලයි. පිහිනීමෙන් ලැබෙන ව්‍යායාම නිසා පිලිකාවෙන් ආරක්ෂාව ලබා ගන්න පුලුවනි... කියන වචනය මොන තරම් අපුරුද...?

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1720 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:00:14 AM
Script:/article/1720/do-these-to-prevent-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:00:14 AM
Script:/article/1720/do-these-to-prevent-cancer.html