පොලොස් කට්ලට්

January 4, 2019
5,997
Jackfruit Cutlet Recipe
අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන්නේ පොලොස් කන්න ආස අයට කටට රසට හදන්න පුලුවන් රෙසිපි එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා පොඩි කර ගත් පොලොස් 250g 
කපා ගත් ලොකු ළූණු 150g 
තම්බා පොඩි කර ගත් අල 200g 
මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1
කරපිංචා ඉත්තක්
අමුමිරිස් කරල් 2
සුදු ළූණු බික් 3
දෙහි යුෂ මේස හැඳි 1
ලුණු පදමට

බැටර් එක සෑදීමට:
පාන් පිටි 100g
වතුර ස්වල්පයක්
පාන් කුඩු

තෙල්

සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන තෙල් තේ හැඳි 3ක් පමණ ලිපේ තබා රත් වූ පසු ළූණු, සුදු ළූණු සහ කරපිංචා දමා තෙම්පරාදු කර ගන්න.

02. ලූණු ඉදෙන් සුවඳ එන විට එයට අල, පොළොස්, ලුණු, අමු මිරිස්, කහ සහ ගම්මිරිස් දමා එකිනෙක හොඳින් මිශ්‍ර වන සේ කලවම් කරමින් විනාඩි 3-5ක් පිස ගන්න.

03. ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එකතු කරන්න.

04. මද රස්නේ තියෙද්දී කුඩා බෝල සදා ගන්න.

05. පිටි වලට ලුණු සහ වතුර එකතු කර උකු මිශ්‍රණයක් සදා ගන්න.

06. පසුව පොළොස් බෝල පිටි මිශ්‍රණයේ පොගවා පාන් කුඩු වල තවරන්න

07. රත් වූ ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තෙක් බැද ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1219 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:12:49 AM
Script:/article/1219/jackfruit-cutlet-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:12:49 AM
Script:/article/1219/jackfruit-cutlet-recipe.html