විවාහයෙන් පසුවද ආදරය රැක ගන්න

July 6, 2018
13,765
Save your love even after marriage
අද වන විට බොහෝ ආදර සම්බන්ධතාවලට පැවැත්මක් නැහැ. කාලය ගතවීමත් එක්ක ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම මහත් අභියෝගයක්. ගොඩක් දෙනෙක් ආදර සබදතාවක් පටන් ගන්න කොට තියෙන උනන්දුව කාලය එක්ක නැති වෙලා යනවා. බොහෝ තරුණ තරුණියන්ගේ ආදර සබදතාවලට පටන්ගන්න ඉක්මනට වඩා ඉක්මනින් අවසන් කරනවා. එහෙම ජෝඩු ඔබ අනන්තවත් දැකලා ඇති. සමහර විවාහ ජෝඩු ගතින් ළග ඉන්නවා වගේ පෙනුනට ඇත්තටම සැබෑ සම්බන්ධතාවක් ඔවුන් අතර දක්නට නොමැති තරම්. ඒ නිසාම අද සමාජය තුළ ජීවීත හානී කර ගැනීම් වගේම විවිධ අපාරාධ බහුල වශයෙන් දක්නට ලැබෙනවා. අපි අද ඔබට කියන්න හදන්නේ ඔයාගේ ආදර සම්බන්ධතාව කොහොමද දිගු කල් පවත්වාගෙන යන්නේ කියලා.

01. ආදරය රැක ගන්න දෙදෙනාම උත්සාහ කරන්න

සම්බන්ධතාවයක් තනියම එක් පාර්ශවයකට පමණක් සාර්ථකව පවත්වාගෙන යන්න බැහැ. පටන් ගත්ත ආදර සම්බන්ධතාව රැකගන්න එක දෙන්නගේම වගකීමක්. එම නිසා දෙදෙනාම නිරන්තරයෙන් ආදරය රැක ගන්න උත්සාහ කරන්න. දෙදෙනා අතර පවතින විශ්වාසය සම්බන්ධතාව ඉදිරියට පවත්වාගෙන යෑමේදී ඉතා වැදගත් වන නිසා දෙදෙනාම එකිනෙකාට අවංක වෙන්න. අදහස් නිතරම හුවමාරු කරන්න. දෙදෙනාමට පවතින ගැටලූ විවෘතව කතා කරන්න. ඒවාට දෙනාම එකතුව විසදුම් සොයන්න. එවිට ඔබගේ සම්බන්ධතාව පවත්වා ගැනීම වඩාත් පහසු වේවී.

02. පරණ පුරුදු අමතක කරන්න එපා

පෙම් කළ අවධියේදී ප්‍රේමණීය වුණ හැටිත්, දෙදෙනා එක්ක දෑත් පටලවාගෙන ඇවිදින්න ගිය හැටිත්, සතුටු සාමීචියේ යෙදුණ හැටි අමතක කරන්න එපා. විවාහ වු පසුවද ඒ පුරුදු ඒ ආකාරයෙනම පවත්වාගෙන යන්න. අවස්ථාවක් ලැබෙන සෑම මොහොතකම නිදහසේ කාළය ගත කරන්න පුළුවන් තැනකට දෙන්න එක්ක ගිහින් එන්න. විවාහායෙන් පසුව ලිංගික ආශාවන් ක්‍රමයෙන් හීන වී යන්න දෙන්න එපා. ඒ වගේම ලිංගික එක් වීම යුතුකමක් හෝ දින චර්යාවේ තවත් එක් අංගයක් බවට පත් කර ගන්න එපා. දෙදෙනාගේ රුචි අරුචිකම් මනාව අවබෝධ කරගනිමින් සොදුරු මොහොතක් බවට පත් කර ගන්න.

ආදරය කරන අවධිය තුළ ඔබට කුමන බාධක පැවතියත් ඒ අවධියේ හමුවීමට කාලය වෙන් කළ හැටි නිතරම මතක් කරගන්න. විවාහයෙන් පසුව ඒ පුරුද්ද නැති කර ගන්න එපා. වේලාවක් ලැබුණ වේලාවට චිත්‍රපටයක් බලන්න දෙන්න එක්ක ගිහින් එන්න. දෙන්නා එක්ක අතීතය මතක් කරලා සතුටු වෙන්න. එවිට වර්ථමානයේද ඔබගේ සම්බන්ධතාවය හොදින් පවත්වා ගැනීමට හැකි වේවි.

03. සහකරුවා කැමති සිය බිරිද ලස්සනට ඉන්නවට

බොහෝ කාන්තාවන් විවාහායෙන් පසු තමන්ගේ පෙනුම හෝ ඇදුම් පැළදුම් ගැන එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. කාන්තාවන්ගේ මේ ක්‍රියාවට පිරිම් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ගොඩක් කැමති විවාහයට පෙර මෙන් තමන්ගේ සහකාරීය ලස්සනට ඉන්නවට. ඉතිං ඒ නිසා කොච්චර ඔබ කාර්යබහුල වුණත් ලස්සනට ඇඳුම් ඇදලා පිළිවෙලට ඉන්න පුරුදු වෙන්න.

04. හැකි සෑම අවස්ථාවකදීම සමීප වෙන්න

ආදරයට ටිකක් බොළද බව එකතු වුණාම ආදරය තවත් ලස්සන වෙනවා. විවාහයෙන් පස්සේ ඔබේ සැමියා කොච්චර බැරැරුම් ලෙස ජීවත් වෙන්න හැදුවත් මේ වගේ දෙවල් වලින් ඔහුගේ මුහුණට සිනහක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම රාජකාරී වැඩකටයුතු එක්ක සහකරුවා ආතතියට වගේම විඩාවට පත්වෙන්නත් පුළුවන්. ඉතිං ඔබට මේ වගේ දේවල් කිරීමේන් ඔහුට සතුටක් ගෙන දෙන්න පුළුවන්.

ආදරණීය වැකි ලියපු කොළ කෑල නියවසේ තැනින් තැන, ඇදුම් වල සාක්කුවේ, පර්ස් එකේ, වාහනයේ බොනට් එකේ දාලා තියන්න. අහඹු ලෙස ඒවා දකින විට ඔබ කෙරෙහි තිබෙන ආදරේ තව වැඩි වෙනවා. ඒ වගේම විවේකයක් ලැබෙන සෑම මොහොතකම මැසේජ් එකක් යවන්න, අමතුමක් දෙන්න අමතක කරන්න එපා.

05. පුංචි තෑග්ගක් දීලා සමීප වෙන්න

මේකෙන් අදහස් කරන්නේ ඔහුට හෝ ඇයට මිල අධික තෑගී ලබා දෙන්න ඕන කියන එක නෙමෙයි. ඔබට හැකි පරිදි ඔහුව හෝ ඇයව සතුටු කරන්න පුළුවන් විදිහේ පුංචි තෑගි හුවමාරු කරගන්න. සමහර විට ඔහු හෝ ඇය කැමතිම පින්තූරයක් රාමු කරලා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආසම කෑම වර්ගයක් ගෙනවිත් හෝ නිවස තුළ දී හදලා දෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඔහු හෝ ඇය ඉතාමත් කැමති දේවල් තෑගි විදිහට දෙන්න පුරුදු වෙන්න. අපි මෙහෙම හිතමුකෝ. කාන්තාවන් ගොඩක් ෆැන්සි බඩුවලට කැමතියි නේ. අන්න ඒ වගේ ඔහු හෝ ඇය වඩාත් සතුටට පත්වන දෙයක් තෑගි කරන්න පුරුදු වෙන්න. ඔබ ලබා දෙන පුංචි තෑග්ගෙන් ඔහු හෝ ඇය සතුටට පත් වේවී.

06. නිවස තුළ ප්‍රබෝධමත් වටපිටාවක් නිර්මාණය කරගන්න

ගෙවෙන හැම මොහොතකම නිවස තුළ රැදී කාලය ගත කරන්න ආස හිතෙන පරිසරයක් නිර්මාණය කර ගන්න. නිවෙස ඉතා පිරිසිදුව වගේම ආකර්ශණීය විදිහට තබාගන්න උත්සාහ කරන්න. එතකොට තමයි නිවසේ රැදෙන්න ආස හිතෙන්නේ. ඔහු රාජකාරී කටයුතු ඉවර වෙලා ගේ ඇතුළට එන විට ඔහු ආදරයෙන් පිළිගන්න. එවිට ඔහුගේ විඩාව මහන්සිය ඉබේටම අමතක වෙලා යාවි. නිවාඩු දවසට දෙන්නම ගෙදර ඉන්නවානේ . ඉතිං කෑම හදනකොට වගේම ගෙදර අනෙක් වැඩ කටයුතු ද දෙන්නා එක්ක බෙදාගෙන වැඩ කරන්න. ඒ වගේම ඔබගේ නැදෑ හිතමිත්‍රාදින් සමග හැකි සැම විටම කාලය ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම දෙපාර්ශ්වයේම දෙමාපියන්ට ඔබට හැකි පරිදි සලකන්න අමතක කරන්න එපා. කිසිම අවස්ථාවක දෙදෙනාටම නිදහසේ කාලය ගත කරන්න තියෙන වේලාව සීමා කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 923 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:17 AM
Script:/article/923/save-your-love-even-after-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:17 AM
Script:/article/923/save-your-love-even-after-marriage.html