විවාහ වුණු ගමන් මේ ටික කරන්න අමතක කරන්න එපා

September 6, 2018
13,137
Don't forget to get ready for this after marriage
විවාහ වෙන්න බලාගෙන ඉන්න වගේම විවාහ වුණු ඕනෑම කෙනෙක්ගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද කියලා හැඩකාරී අපි ඔයාගෙන් ඇහුවොත් ඒකට ඔයා ළඟ දහසකුත් උත්තර තියේවී. ගෙයක් හදන එක, වාහනයක් ගන්න එක, බිස්නස් එක දියුණු කර ගන්න එක, ලෝකේ වටේ ඇවිදින්න යන එක ආදී නොයෙක් හීන, බලාපොරොත්තු ඔයාලා දෙන්නටත් ඇති. හැඩකාරී අපිට අනුව නම් ඔයාලා දෙන්නටම මේ බලාපොරොත්තු තියෙන්න ඕන. මොකද බලාපොරොත්තුවක් නැතුව අරමුණකට යන්න බෑ කියලයි හැඩකාරී අපි විශ්වාස කරන්නේ. විවාහ ජීවිතයට හා හා පුරා කියලා පය තියපු ඔයාලා දෙන්නා අතරට තුන් වෙනියෙක් ගේන එකත් ඔය හීන, බලාපොරොත්තු අතරේ කිසිවකට සමාන කරන්න බැරි හීනයක්. ඉතිං ඔයා හැමදේම වෙනුවෙන් කාලය එක්ක ඕට්ටු වෙන අතරේ මේ හීනය වෙනුවෙනුත් කල්තියා සුදානම් වෙන්න වෙනවා. අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන්නේ විවාහයෙන් පස්සේ ඔයාලා දෙන්නාගේ පුංචි කැදැල්ලට දරු පැටියෙක් ගෙන්න ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන පුංචි පුංචි දේවල් මොනවාද කියලා.

01. පවුල් සෞඛ්‍යය නිළධාරියා වෙත යොමු වෙන්න

සමාන්‍යයෙන් අලුතින් විවාහ වුණු ඕනෑම ජෝඩුවක් තමන්ගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය හමු වී ලියාපදිංචි වෙනවා. ඒත් සමහර අය නම් මේ කාර්්‍යය අනවශ්‍ය දෙයක් කියලා තමයි හිතන්නේ. ඔයා දන්නවාද? නිරෝගී දරු උපතකට මේ පුද්ගලයාගෙන් ඔයාට ලැබෙන සේවය වචනයෙන් කියලා නිම කරනන් බෑ. ඔයාට මේ නිළධාරිනියගෙන් අවවාද උපදෙස් ලැබෙන්නේ දරුවෙක් කුස පිළිසිඳ ගන්නත් කලින්. සෑම තොරතුරක් සම්බන්ධයෙන්ම ඔයාව දැනුවත් කරනවා. විවාහ වුණාට පස්සේ ඔයාට තියෙන ඕනෑම ගැටළුවක් අම්මාට පස්සේ කියන්න පුළුවන් විස්වාසනීයවන්තම කෙනා වෙන්නේ පවුල් සෞඛ්‍ය නිළධාරිනියයි. ඔයා ගැබ් ගෙන ඔයාගේ පැටියා උස්මහත් වෙනකම් ඔයා වෙනුවෙන් ඇය පෙනී ඉන්නවා. ඉතිං මේ සියලු ප්‍රතිලාභ ලබා ගන්න නම් පමා නොවී විවාහ වුණු මුල් අලුත ඔයා පවුල් සෞඛ්‍යය නිළධාරිනිය හමුවී ලියාපදිංචි විය යුතුයි.

02. ෆෝලික් අම්ලය ගන්න

ගොඩක් දෙනෙක් හිතන්නේ ෆෝලික් අම්ලය ගන්න ඕන ගර්භණී අවධියේදී පමණයි කියලා. ඒත් හරි විදිහට නම් ඔයා බබෙක් හදන්න මාස 03 කට කලින් ෆෝලික් අම්ලය ලබා ගත යුතුයි. ෆෝලික් අම්ලය ඔයාට වගේම ඔයාගේ දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට ඉතාමත් අවශ්‍යයි. ඔයාට පෙති වශයෙනුත් ෆෝලික් අම්ලය ලබාගත හැකියි. ඔයාට පුළුවන් නම් මුං, කවුපි වැනි ධාන්‍ය වර්ග ලබා ගන්න. මොකද බොහෝ එළවලු හා පළතුරුවල ෆෝලික් අම්ලය අන්තර්ගත වෙනවා. ඉතිං මෙවැනි ආහාර ඔයාට ආහාරයට එකතු කර ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

03. පෝෂණය ගැන හිතන්න අමතක කරන්න එපා

කානතාවකට පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් දැන් ඔයාට ඔයා ගැන හිතන්න කාලය හරි. ඔයා යහපත් ශරීර සෞඛ්‍යය තත්ත්වයකින් ඉන්න තරමට ගර්භණී සමය තුළ නිරෝගීව ඉන්න පුළුවන්. ඔයා බර අඩු, සිරුරෙන් කෙට්ටු කෙනෙක් නම් ඔයාට ගර්භණි භාවයට පෙර සිරුරේ ප්‍රමාණවත් ස්කන්ධයක් පවත්වා ගන්න වෙනවා. ඒ වෙනුවෙන් ඔයා පෝෂ්‍යදායි ආහාර ආහාරයට ගත යුතුයි.

ඒ වගේම ඔයා ස්ථුලතාවයෙන් යුතු කෙනෙක් නම් ඔයාට ක්‍රමානුකූලව සිරුරේ බර පාලනය කර ගන්න වෙනවා. මොකද මෙවැනි තත්ත්වයකදී දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ඇති වී ඔයාගේ දරුවාටත් විවිධ සංකුලතාවන් ඇති විය හැකියි. ඉතිං ඔයා ඉන්න තත්ත්වය දැනගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය පිළියම් කරන්න. දකින දකින දේවල් ආහාරයට ගන්නේ නැතුව පෝෂ්‍යදායී ආහාර නිතරම ආහාරයට එකතු කර ගන්න.

04. ඔසප් දින ගැන අවධානයෙන් ඉන්න

ගර්භණීභාවය බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා ඔසප් දින ගැන අවධානයෙන් සිටීම අත්‍යාවශ්‍ය කරුණක්. නියමිත වේලාවට ඔයාගේ ඔසප් සිදු නොවුණොත් ගර්භණීභාවය පරීක්ෂා කරන පරීක්ෂණය කරන්න. උදෑසන ලබාගන්නා මුත්‍රා සාම්පලයක් වෛද්‍ය රසායනගාරයකට දීලා ඔයා ගැබ් ගෙන ඇති බව නිශ්චිතව පරීක්ෂා කර ගත හැකියි. අද නම් මේ පරීක්ෂණය ඔයාටම වුණත් කරන්න පුළුවන්.

05. ඔයා ගැබ් ගෙන නම් පවුල් සෞඛ්‍යය නිළධාරිනිය හමු වෙන්න

ඔයා ගැබ්ගෙන ඇති බව ඔයාගේ ප්‍රදේශයේ ඉන්න පවුල් සෞඛ්‍යය නිළධාරියට දැනුම් දෙන්න. ඔයාගේ අවසාන ඔසප් දිනය, සරු භාවයට ඔයා ඖෂධ ගත්තා නම් ඒ පිළිබදවත්, උපත් පාලන ඖෂධ, විශේෂ රෝග තත්ත්වයන්ට ගත් ඖෂධ ආදී දේවල් වගේම පෙර ගබ්සා වීම් සිදු වෙලා නම් ඒ ගැනත් ඔයාගේ පවුල් සෞඛ්‍ය නිළධාරිනියව දැනුවත් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔයාට සහ ඔයාගේ සහකරුවාට නිධන්ගත රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ ගැන ඔයාගේ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය දැනුවත් කරන්න.

06. වෛද්‍යවරයෙකු තෝරා ගන්න

දරු ප්‍රසුතියට සුදානම් වෙන ඔයා ඔයාට ළඟම රෝහලේ ලියාපදිංචි වීම ඉතා වැදගත්. ඊට අමතර ඔයාගේ තෝරා ගැනීමට අනුව ප්‍රසව හා නාරී වෛද්‍යවරයෙක් වෙත ගර්භණී කාලය පුරාම යොමු විය හැකියි. ගර්භණී අවධියේදී ඔයාට ඇතිවන විවිධ සංකූලතාවන් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරයාගෙන් වගේම ඔයා තෝරා ගන්නා වෛද්‍යවරයාගෙනුත් අවවාද උපදෙස් ලබාගත හැකියි. කිසිදු බයක් සැකයක් නැතුව ඔයාගේ ගැටළුවලට විසඳුම් හොයා ගන්න පුළුවන් වේවී එතකොට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1066 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:03:18 AM
Script:/article/1066/dont-forget-to-get-ready-for-this-after-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:03:19 AM
Script:/article/1066/dont-forget-to-get-ready-for-this-after-marriage.html