උකුණන්ගෙන් ඔබේ දරුවත් පීඩා විදිනවද?

July 9, 2018
8,291
Is your child suffer because of head lice?
කාන්තාවන් බහුතරයකට තියෙන ගැටලුවක් තමයි හිසෙහි උකුණන් බෝ වීම. බහුල වශයෙන් මෙකී ගැටලුවෙන් පීඩා විදින්නේ පාසල් යන වයසේ දරුවන්. මෙයට නිසි ප්‍රතිකාර නොකළහොත් ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වීමට තිබෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම මෙකි ගැටලුව නිසා ඔබේ දරුවාගේ දෛනික ජීවන රටාවද අවුල් වියවුල් තත්ත්වයට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං මේ ගැන හැඩකාරී තුළින් පැහැදිළි කරන්න අපි සුදානම්.

උකුණන් යනු පරපෝෂිත කුඩා සත්ත්වයෙක්. මනුෂ්‍ය හිසේ හා කෙස් සහිත සමේ උකුණන්ගේ ජීව චක්‍ර‍රය සිදුවෙනවා. ප්‍රධාන වශයෙන් අවස්ථා 03 දී උකුණාගේ
පැවැත්ම හදුනාගත හැකියි. ලේඩියා හෙවත් බිත්තරය, කෝෂ අවස්ථාව හා උකුණා යනුවෙන් එම අවස්ථා ත්‍රිත්වය හදුනාගත හැකියි.

උකුණන් බෝ වෙන්නේ කොහොමද?

උකුණන් මිනිසාගෙන් මිනිසාට බෝවෙන ක්‍ර‍ම ගණනවාක් හදුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම උකුණන් සිටින හිස කෙස් මගින් බෝවෙන අතර, ඇදුම්වලින් සහ
අනෙකුත් පෞද්ගලිකව ඔබ භාවිත කරන කොට්ට, ඇද ඇතිරිලි, පනාව, තොප්පිය, කොණ්ඩ බූල්, බුරුසු වගේම උකුණන් ඉන්න අයගේ දේවල් බහුලව භාවිත කිරීමෙන් උකුණන් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ විය හැකියි.

උකුණු උවදුරෙන් වැඩි පුරම පීඩා විදින්නේ කවුද?

උකුණු උවදුරෙන් බහුලව පීඩා විදින්නේ වයස අවුරුදු 5ත් - 10ත් අතර පාසල් ළමුන්. මේ අවධියේ පසුවන ළමුන් ඉතාමත් ක්‍රි‍යාකාරීයි. ඔවුන් නිරන්තරයෙන්
වෙහෙසීමට පත්කරන ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. එහිදි ඔවුන්ගේ හිසට දහඩිය දැමීම වේගවත්ව සිදුවෙනවා වගේම කුණු දුහුවිලි රැදීම ක්ෂණිකව රැඳෙනවා. මෙවැනි පසුබිමක් තුළ උකුණන් බෝවීම වේගවත්ව සිදු විය හැකියි. පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමයින්ගේ කොණ්ඩය දිග නිසා හිසෙහි උකුණන් ඉතාමත් ඉක්මනින් බෝ වෙනවා. දෙමාපියන් කාර්යබහුල වීම නිසා දරුවන්ගේ හිස නිසියාකරයෙන් පිරිසිදු කිරීමක් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන් කුඩා දරුවන්ව
දිනපතා නෑවීමක් සිදු කරන්නේ නැති තරම්.

උකුණන් නැති කරන්න ගෙදරදීම පිළියම් කරන්න

01. උකුණන් හිසෙන් සදහටම නැති කරන්න ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රතිකර්ම රැසක්  තියෙනවා. ඔබේ දරුවා ස්නානය කරන විට සුදු රෙදි කඩක් ගෙන ෂැම්පු
කිරීමෙන් අනතුරුව හොදින් හිස සුදු රෙදි කඩ සමගින් හිස් කබල පිරිමදින්න. ස්වල්ප වේලාවකින් අනතුරුව ඔබට හොදින් දැක බලා ගන්න පුළුවන් මේ සුදු රෙදි
කඩ තුළ උකුණන් සහ ලේඩින් රැදි සිටින ආකාරය. මේ ආකාරයෙන් කිහිප වතාවක්ම සිදු කිරීමෙන් යම් ප්‍රමාණයකට හෝ මෙම ගැටලුවෙන් මිදීමට හැකි වෙනවා.

02. ඔබේ දරුවාගේ හිස අඩුම තරමින් සතියකට එක් වතාවක් හෝ පරීක්ෂා කර බලන්න. හිස කෙස් හා සහිස් කබල හොදින් නිරීක්ෂණය කරමින් උකුණන් හා ලේඩින් ඉවත් කර දමන්න. ඒ වගේම උකුණු පනාවක් ගෙන හිස පීරිමෙන් හිසෙහි උකුණන් ලේඩින් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.

03. ඔබේ දරුවාව දිනපතා ස්නානය කිරීමට යොමු කරන්න. එවිට හිසෙහි රැදෙන දහඩිය, කුණු, දුහුවිලි ආදී සියල්ල ඉවත් වී යනවා. යම් ප්‍ර‍මාණයකින් හෝ
උකුණන් අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා.

04. ඔබේ දරුවාගේ ඇදුම් පැළදුම් සහ අනෙකුත් පුද්ගලික භාණ්ඩ වෙනම භාවිත කිරීමට ඉඩ කඩ සැලැස්වීම වඩාත් හොදයි. විශේෂයෙන්ම දරුවාට මෙහි අවශ්‍යතාව පැහැදිළි කරන්න. එමගින් උකුණන් අනෙක් නිවැසියන්ට බෝ විමද වළක්වා ගත හැකියි.

05. හිසෙහි උකුණන් ඉවත් කිරීම හිස පිරීමෙන් හෝ දිනපතා ස්නානය කිරීමෙන් පමණක් සිදු කළ නොහැකියි. ඒ සදහා නිවසේදීම ඔබ විසින් සකස් කර ගන්නා අත්
බෙහෙත් භාවිත කළ හැකියි.විශේෂයෙන්ම තම්බන ලද දෙහි හිසේ ගැල්වීම විනාකිරි, කොහොඹ තෙල්, ඔලිව් තෙල්, තේ ගස්වලින් ලබා ගන්නා තෙල් හා කරාබු නැටි තෙල් ආදිය භාවිත කරමින් නිවසේදීම ඔබට අත් බෙහෙත් සකස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදි ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. යම් අසාත්මිකතාවක් මෙම අත් බෙහෙත් වලින් ඇති වේ යැයි ඔබ පරික්ෂා කළ යුතුයි. සකසා ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් දරුවාගේ කන පිටුපස ආලේප කර විනාඩි 15 ක් පමණ ගතවූ පසු කිසිදු වෙනස්කමක් සිදු නොවූයේ නම් පමණක් භාවිත කිරීමට කටයුතු කරන්න.

දරුවන්ගේ හිසෙන් උකුණන් ඉවත් නොකළොත් මොකද වෙන්නේ ?

කුඩා දරුවන්ගේ හිසේ උකුණන් බෝවීම වැඩි වූ විට හිස දැඩි කැසීමකට ලක් වෙනවා. මේ නිසා හිස තුවාල වීටමද පුළුවන්. තුවාල ඇති වුවහෝත් එයට විෂ බීජ
ඇතුල් වී යම් ආසාත්මිකතාවක් දක්වා වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ බහුලයි. ඒ නසා උකුණු ප්‍ර‍ශ්ණය විසදීම අත්‍යාවශ්‍යයයි. එමෙන්ම කුඩා දරුවන්ට මෙම උකුණු ප්‍ර‍ශ්ණය මානසික ඒකාග්‍ර‍රතාව කෙරෙහිද බලපාන්න පුළුවන්. නිතරම හිස කැසීම තුළ ඔවුන්ට අධ්‍යාපන කටයුතුවල නිරත විමට බාධා ඇති විය හැකියි. උකුණන් බහුලව ඉන්න කෙනෙකතුගේ හිස කෙස්වලින් උකුණන් වැටීම තුළ ඔබේ දරුවා සෙසු පුද්ගලයන්ගේ අප්‍රසාදයටද පත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. මෙම හේතු සාධක සැළකිල්ලට ගෙන ඔබේ දරුවාත් උකුණු ප්‍ර‍ශ්ණයෙන් පීඩා විදිනවානම් අදම ඒ වෙනුවෙන් ඔබේ කාලය වෙන් කර ප්‍රතිකර්මයක් කරන්න. එය ඔබේ දරුවාගේ දින චර්යාවට බොහෙවින් උපකාරී වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 930 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:52:24 AM
Script:/article/930/is-your-child-suffer-because-of-head-lice.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:52:24 AM
Script:/article/930/is-your-child-suffer-because-of-head-lice.html