‘මතක’ ප්‍රශ්ණ ඇති කරන ඇල්සයිමර් (Alzheimer) රෝගය වැළදී ඇත්දැයි ස්ථීරව හදුණාගත හැකි ආකාරය දන්නවාද?

November 16, 2021
5,892
One sure sign you may have Alzheimer’s
වයස්ගත වීමත් සමග අප අතර සිටින බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් වන්නේ ඇල්සයිමර් රෝගය සහ ඩිමෙන්ශියාව වැනි රෝගාබාධයන්ට ගොදුරු වීමේ අවධානමට මුහුණ දීමයි. ඩිමෙන්ශියා රෝගය ඇතිවීම විවිධ ආකාරයනට සිදුවුවත් ඇල්සයිමර් රෝග ලක්ෂණ පිළිබඳව මුල් අවස්ථාවේ සිටම සැළකිලිමත්වී සිටීමෙන් එය වළක්වා ගැනීමට ප්‍රථිකාර ගත හැකියි.

ඇල්සයිමර් (Alzheimer) රෝගය යනු කුමක්ද?

ඇල්සයිමර් රෝගය යනු ඩිමෙන්ශියා රෝගයේම වඩාත් සුලබ ආකාරයකි. මතකයේ, විනිශ්චය කිරීමේ සහ තීරණ ගැනීමේ වෙනස්වීම සමග සමස්ථ ක්‍රියාකාරිත්වයටම බාධා එල්ල කරන රෝග තත්ත්වයකි. වර්ථමානය වන විට ලොව පුරා මිලියන ගණනක් ජනතාව මෙම කරදරකාරී රෝගය හේතුවෙන් පීඩා විදිනවා. බොහෝ විට වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් තුල මෙම රෝගය දැකිය හැකි අතර මෙතෙක් මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රථිකාරයක් සොයාගෙන නොමැත. නමුත් මෙම රෝගීන්ගේ එදිනෙදා ජීවිතයේ කරන කාර්යයන්හිදී තම ඥානය, තම සිතුවිලි, ජීවිතයේ පසුගිය අත්දැකීම් සහ හැඟීම් දැනීම් භාවිතා කිරීම වැඩිදියුණු කිරීමට aducanumab ඖෂධය වෛද්‍යවරු නිර්දේෂ කරනු ලබනවා.

ඇල්සයිමර් රෝගය ඇති අය තුල නිතර දැකිය හැකි ලක්ෂණයක්..

මතකය දුර්වල වීම බොහෝවිට ඇල්සයිමර් රෝගය ඇතිවීම ආරම්භය විය හැකි අතර එහිදි පහත ලක්ෂණ දැකිය හැකි‍යි.

- මෑතකදි දැනගත් තොරතුරු අමතක වීම
- මිනිත්තු හෝ පැය කිහිපයකට පෙර වූ සිදුවීමක් පිළිබඳව පවා මතක නැති වීම
- වැදගත් දිනයන් අමතක වීම
- එකම ප්‍රශ්න නැවත නැවත ඇසීම
- මතක තබා ගැනීම සඳහා සටහන් තබා ගැනීම, සිහි කැඳවීම් වැනි ආධාරක භාවිතය සහ පවුලේ අයගේ සහය නිරතුරුව පැතීම


ඇල්සයිමර් රෝගය සාමාන්‍ය වයස්ගත වන විට ඇතිවන ලක්ෂණයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද..?

සාමාන්‍ය වයසට යෑමත් සමඟ ඇති විය හැකි අමතක වීම්වලට වඩා ඇල්සයිමර් ඇති විය හැකි අමතක වීම් දරුණු හෝ නිතර සිදුවේ. උදාහරණයක් ලෙස: ඔබ ඔබේ යතුරු තැබූ ස්ථානය විටින් විට අමතක වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවා සොයා ගැනීම සඳහා ඔබ ගන්නා පියවරවල ඔබට බොහෝ විට ගැටළු තිබේ නම් හෝ ව්‍යාකූල බවක් ඇත්නම්, එය ඩිමෙන්ශියාවේ ලකුණක් විය හැකිය.

ඇල්සයිමර් රෝගයේ වෙනත් රෝග ලක්ෂණ

- සැලසුම් කිරීමේ හෝ ගැටළු විසඳීමේ අභියෝග
- නිවසේදී, රැකියාවේදී හෝ විවේකයේදී හුරුපුරුදු කාර්යයන් සම්පූර්ණ කිරීමට අපහසු වීම
- කාලය හෝ ස්ථානය පිළිබඳ ව්‍යාකූලත්වය
- සමබරතාවය හෝ සම්බන්ධීකරණය සමඟ ගැටළු
- කථා කිරීමේදී හෝ ලිවීමේදී වචන සමග ඇතිවන ගැටළු
- සමාජ ක්‍රියාකාරකම් හෝ රැකියා කටයුතුවලින් ඈත්වීම
- මනෝභාවයන්ගේ හෝ පෞරුෂත්වයේ දැකිය හැකි වෙනස්වීම්


වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කවර අවස්ථාවේදීද..?

ඔබ තුල හෝ ඔබගේ සමීපතමයන්ගෙන් කෙනෙකු තුල ඉහත ආකාරයේ රෝග ලක්ෂණයන් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් ඉක්මනින් ලබාගත යුතුයි; මන්ද මතකය හා සම්බන්ධ ඕනෑම ගැටළුවක් ඩිමෙන්ශියා හෝ ඇල්සයිමර් රෝගයේ ලක්ෂණය යැයි අනුමාන කල නොහැකියි. ඇතැම් විට එය නින්ද නොයාම, ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැනි රෝග තත්ත්වයන් හේතුවෙන්ද ඇතිවිය හැකි අතර එවැනි රෝග ප්‍රථිකාර මගින් සුවකල හැකියි.. නමුත් රෝග විනිශ්චය සිදුකල හැක්කේ ක්‍රමවත් පරීක්ෂාවක් මගින් පමණක් බැවින් ඔබ ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 2095 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:27:32 AM
Script:/article/2095/one-sure-sign-you-may-have-alzheimer-s.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:27:33 AM
Script:/article/2095/one-sure-sign-you-may-have-alzheimer-s.html