ඔයා කොච්චර කෑවත් නිතරම බඩගිනි දැනෙවාද?

July 20, 2018
8,733
Feel hungry all the time?
සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න ආහාර රටාව ඉතාමත් වැදගත්. ඇගපත හොදට වෙහෙසලා වැඩකරනකොට වගේම ශරීරය හොදට වෙහෙසලා ව්‍යායාම කරනවා නම් හෙමත් නැත්තම් ඔයා ගර්භණී අවධියේ පසුවන මවක් නම් ඔයාට හිටි හැටියේ බඩගිනි හැදෙන එක සමාන්‍ය දෙයක්. ඒත් ඔයාට අසාමාන්‍ය විදිහට බඩගිනි දැනෙනවා නම් කොච්චර කෑවත් ඔයාගේ කුස පිරිරෙන්නේ නැත්තම් ඔයාගේ සිරුර ඇතුළේ කුමක් හෝ දෙයක් සිදු වෙනවා වෙන්න පුළුවන්. ඔයා කිසිම හේතුවක් හොයන්නේ බලන්නේ නැතුව ටික කාලයක් එක දිගට පාලනයකින් තොර ආහාර රටාවකට හුරු වුණොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට ඔයාව තරබාරු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාට දියවැඩියාව, අධිරුධි පීඩනය වගේ රෝගී තත්ත්වයන් රැසකටම මුහුණ දෙන්න වෙනවා.

ඔයා කොච්චර ආහාර ගත්තත් ඇත්තටම ඔයාට තියෙන බඩගිනි ගැටලූවට පිළියමක් ලැඛෙන්නේ නැත්තේ ඇයි ද කියලා ඔයා ඉස්සෙල්ලාම හොයලා බලන එක ඉතා වැදගත්. යම් පුද්ගලයෙකට හිටි හැටියේ අසාමාන්‍ය ලෙස කුස ගින්නක් දැනෙන්න විවිධ හේතු කාරණා බලපාන්න පුළුවනන්. කොච්චර කෑවත් බඩගින්න නිතරම ඇති වෙන්නේ ඇයිද කියලා දැන ගන්න මේ ලිපිය ඔයා කියවලම බලන්නකෝ.

විජලනය

ඔයාගේ ශරීරයේ සිදුවන අධික විජලනය මගින් ඔයාට අධික කුස ගින්නක් දැනෙන්න පුළුවන්. ආහාර ගැනීමට තියෙන කැමැත්ත හා පිපාසය කියන ද්විත්වයම අපේ මොළයේ හයිපොතැලමස මගින් තමයි පාලනය වෙන්නේ. ඔයාට පිපාසයට වතුර ටිකක් බොන්න අවශ්‍යතාවක් ඇති වුණාමත් ඒක ඔයාට බඩගින්නක් වගේම දැනෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ඔයා යහමින් ආහාර හා වතුර යන දෙකම භාවිත කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ වගේ වේලාවක ඔයාට කරන්න තියෙන්නේ ශරීරයට අවශ්‍ය පරිදි වතුර බොන එක. එවිට ඔයාගේ සිරුර විජලනයට ලක්වීමක් සිදු වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔයාට නිතර නිතර ආහාර ගන්න පුරුද්දත් නැති කර ගන්න පුළුවන්.

ආහාර වේල් මග හැරීම

යහපත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය කිරීම ඉතා වැදගත්. ඒත් අද ගොඩක් දෙනෙක්ට ප්‍රධාන ආහාර වේල් තුනවත් හිරියට ගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔයාට නිතර නිතර බඩගින්න දැනෙනවා වැඩියි. ඔයා නිතර නිතර ආහාර වේල් මග හැරීම තුළින් සිදු වෙන්නේ ඔයාගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයන් හට ගැනීමයි. ඔයා දීර්ඝකාලීනව ආහාරවේල් මගහැරීම හේතුවෙන් ඔයාගේ ශරීරයේ හෝමෝන අසමතුලිතාවයන් හටගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ප්‍රධාන ආහාරවේල් තුන කිසිම වේලාවක අතපසු කරගන්න එපා. ගොඩක් දෙනෙක්ට කාර්යබහුල පරිසරය එක්ක උදේ ආහාර වේල මගහැරී යනවා. තවත් අය උදේට වැඩිය කෑම කන්න කැමති නෑ. ඒ නිසා අඩුම තරමේ ඔයා පළතුරක්, යෝගට් එකක් හෝ සුළු දෙයක්වත් ආහාරයට එකතු කර ගන්න පුරුද්දක් කර ගන්න.

මත්පැන් පානයට ඇබ්බැහි වීම

ඔයා වැඩිපුර මත්පැන් පානය කරනවා නම් දැනටමත් ඔයාට බඩගිනි වැඩිපුර හැදෙනවා ඇති. මත්පැන් පානය කළාට පස්සේ ඔයා සමාන්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගන්න එක සමාන්‍යය තත්ත්වයක්. නමුත් පසුව ඔබ මත්පැන් පානය නොකළත් ඔයාට වැඩියෙන් බඩගින්න දැනෙන්න පටන් ගන්නවා. මත්පැන් පානය කිරීමෙන් ඔයාගේ ශරීරය විජලනය වෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔයාට ආහාර ගැනීමේ රුචිය වැඩිපුර දැනෙන්න පුළුවන්. ඔයා කුමන වර්ගයේ මදුවිතක් පානය කළත් ශරීරයට අත්‍යාවශ්‍යම ප්‍රමාණයට වතුර බොන්න අමතක කරන්න එපා. ඔයා මත්පැන් පානය කිරීමෙන් ඔයාගේ ශරීරය විජලනය වීම අවම කර ගන්න වැඩි පුර වතුර පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 957 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:37 AM
Script:/article/957/feel-hungry-all-the-time.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:38 AM
Script:/article/957/feel-hungry-all-the-time.html