පිලව් රයිස් හැදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
එළඟි තෙල් මිලි ලීටර් 50
කැරට් (ජුලියන් හැඩයට කපාගත්) ග්‍රෑම් 50
මල් ගෝවා (කපාගත්) ග්‍රෑම් 50
ග්‍රීන් පීස් (තම්බාගත්) ග්‍රෑම් 50
කජු ග්‍රෑම් 50
වියළි මිදි ග්‍රෑම් 50
ලුණු රස පදමට
පිසගත් බාස්මති බත් ග්‍රෑම් 500
වියළි පළතුරු ග්‍රෑම් 50
පිලව් රයිස් හදමු
01. වොක් බඳුනක් රත්කර එයට එළඟි තෙල් දමා හොඳින් රත් වූ පසු කැරට්, මල්ගෝවා, ග්‍රීන්පීස්, කජු, වියළි මිදි හා වියළි පළතුරු එක්කර තෙම්පරාදු කරගන්න.
02. ඉන්පසු එයට බාස්මතී බත් දමා රස පදමට ලුණු එක්කර ලිපෙන් බා සරසා කෑමට ගන්න.