බිරිදකට රැජිනක් වගේ ඉන්න මේ වගේ සැමියෙක් ලැබෙන්නම ඕනේ

March 6, 2017
74,131
7 things every wife desires from her husband
කාන්තාවකට ඇත්තටම ආදරේ කරන සැමියෙක් ලැබෙනවා කියන්නේ ඇයගේ ජීවිතය බොහොම ලස්සන එකක් වෙනවා කියන එක. ආදරය සැබෑවටම පිරිලා ඉතිරිලා යන පවුල් ජිවිතයක් හිමිකර ගන්න හැමෝටම පුළුවන් නම් මේ ලෝකේ හරිම ලස්සන වගේම වෙනස්ම තැනක් වෙනවා. පිරිමියෙක් ඇත්තටම තමන්ගේ සහකාරියට ආදරය කරනවද කියලා හරියටම දැන ගන්නේ කොහොමද. මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි, මොකද බිරිදට ඇත්තටම ආදරය කරන සැමියෙක් කවදාවත් නොකරන දේවල් ටිකක් තියනවා. ඔබේ සැමියාත් මේ දේවල් නොකරන අයෙක් නම් ඔහු ඇත්තටම ඔබට අසීමිතව ආදරය කරන කෙනෙක්.

1. ඔහු කවදාවත් ඔබේ පෙනුම හෑල්ලුවට ලක් කරන්නේ නැහැ

සමහර පිරිමි අය ඉන්නවා තමන්ගේ සහකාරියගේ පැනුම හෑල්ලුවට ලක්කරන. මේ වගේ පිරිමින් ඔබේ පෙනුමේ මොන විදිහක හරි වැරද්දක් හොයනවා. සමහර විට ඔවුන්ට ඔබේ කොණ්ඩය ලස්සන නොවෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ මහත ඔවුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වගේ මොන දෙයක් ගැන හරි ඔවුන් අඩුපාඩු හොයනවා. නමුත් බිරිදට සැබෑවටම ආදරය කරන සැමියෙක් කවදාවත් මේ විදිහට බිරිදගේ පෙනුමේ අඩුපාඩු කියන්නේ නැහැ. ඔවුන් නිතරම තමන්ගේ බිරිදව සතුටු කරනවා ඇගේ පෙනුම ගැන වර්ණනා කරමින්.

2. ඔහු ඔබේ පෞද්ගලික නිදහස සිමා කරන්නේ නැහැ

හොද සබදතාවයක් තුළ සැමියා බිරිදගෙන් සගවන දෙයක් හෝ බිරිද සැමියාගෙන් සගවන දෙයක් නැහැ. මේ නිසා ඔවුන් දෙදෙනාම අතර තියෙන්නේ හොද අවබෝධයක්. නමුත් සමහර පිරිමින් ඉන්නවා ඔබ ඔවුන්ට කොච්චර අවංක උනත් ඔබව විස්වාස නොකරන. මේ වගේ පිරිමින් කරන්නේ නිතරම බිරිදගේ පුද්ගලික නිදහසට බාධා කරන එක. නමුත් යහපත් සැමියෙක් කවදාවත් තමන්ගේ බිරිදගේ නිදහස සීමා කරන්න උත්සහ කරන්නේ නැහැ.

3. ඔහු අපහසු අවස්ථාවන් මගහැර යන්න උත්සහ කරන්නේ නැහැ

හොද පිරිමියෙක් කියන්නේ කිසිම අවස්ථාවක ප්‍රශ්න වලින් පැනලා යන්න උත්සහ කරන කෙනෙක් නෙවෙයි. මොවුන් ඕනෙම ප්‍රශ්ණයකට සාර්ථකව මුහුණ දෙනවා වගේම ඒවා හොදින් විසදා ගන්නවා. කිසිම අවස්ථාවක ඔහු තමන්ගේ බිරිදව තනිකරන්නේවත් මගහැරල ඉන්නට උත්සහ කරන්නේවත් නෑ.

4. ඔහු හිතන්නේ නැහැ ඔහුගේ හැගීම් පෙන්වීම දුර්වලතාවයක් කියා

බොහෝ පිරිමින් හිතන්නේ තමන්ගේ හිතේ ඇතිවෙන දුකකදී හරි සතුටකදී හරි හැගීම්බර වෙන එක පිරිමි කමට ගැලපෙන දෙයක් නෙවෙයි කියලා. මේ නිසා ඔවුන් කරන්නේ තමන්ගේ හැගීම් සගවාගෙන ඉන්න එක. නමුත් හොද පිරිමියෙක් කවදාවත් තමන්ගේ හැගීම් සගවාගන්න උත්සහ කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ හිතට දැනෙන සතුට වගේම දුකත් තමන්ගේ බිරිද සමග බෙදා හදා ගන්නවා.

5. ඔහු අද ගැන විතරක් හිතන අයෙක් නොවෙයි

සමහර පිරිමින් ඇතැම් වෙලාවට වියදම් කරන්නේ තීරණ ගන්නේ අද ගැන විතරක් හිතලා. මේ නිසා බිරිද වගේම ඔහුගේ පවුලත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. නමුත් බුද්ධිමත් පිරිමියෙක් වැඩ කරන්නේ අනාගතේ ගැන හොදින් හිතලා බලලා. මොවුන් නිතරම පවුලේ අනාගත ආරක්ෂාව ගැන හිතනවා.

6. ඔහු ඔහුගේ මවත් සමග හොද සබදතාවයක් පවත්වනවා

ඕනෙම පිරිමියෙක් තමන්ගේ මවට ආදරය ආරක්ෂාව ලබාදෙනවා කියන්නේ ඔහුට හොද හැකියාවක් තියනවා අනෙක් කාන්තාවන්ටත් හොදින් සලකන්න. මේ නිසා මේ වගේ පිරිමි අය තමන්ගේ බිරිදට තමන්ගේ මවට වගේම ගරු කරනවා.

7. ඔහු ඔබට ගරු කරනවා වගේම කවදාවත් ඔබට හිරිහැර කරන්නේ නැහැ

හොද සැමියෙක් නිවසේදී වගේම පිටතදීත් තමන්ගේ බිරිදට ලබාදිය යුතු ගරුත්වය ලබාදෙනවා. ඒ වගේම ඔහු කවදාවත් බිරිදට ශාරීරිකව හෝ මානසිකව හිරිහැරයක් කරන්න හිතන්නේ නැහැ. මේ වගේ පිරිමි අය නිතරම හිතන්නේ තමන්ගේ බිරිදගේ වගේම පවුලේ යහපැවැත්ම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 106 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:33 AM
Script:/article/106/7-things-every-wife-desires-from-her-husband.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:33 AM
Script:/article/106/7-things-every-wife-desires-from-her-husband.html