බඩගින්නේ හිටියම සිරුරට මොකද වෙන්නේ කියලා ඔයා දන්නවා ද?

August 1, 2018
8,408
Do you know what happens if you stay hungry?
ගොඩක් දෙනෙක් අද ඉතාමත් කාර්යබහුලයි. මේ කාර්යබහුල ජීවතය එක්ක ගොඩක් දෙනෙක්ට තමන්ව මග හැරිලා යන්න තියෙන අවස්ථා එමටයි. අද අපි කොච්චර කාර්යබහුලද කියලා කියනවා නම් තමන්ට තමන් ගැන හිතන්නවත් කාලයක් ලැඛෙන්නේ නෑ. මේ නිසා ගොඩක් දෙනෙක් කායික වශයෙන් වගේම ශාරීරික වශයෙන්ද පීඩා විඳිනවා. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රබල ගැටලූවක් තමයි ස්ථූලතාවය. ඉතිං ඔයාගේ අවධිමත් ආහාර රටාව නිසා ශරීරයේ බර ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ගොඩක් දෙනා තමන්ගේ සිරුරේ බර අඩු කර ගන්න වගේම තරබාරු බව පාලනය කර ගන්න කියලා බඩගින්නේ ඉන්නවා. ඒත් ඔයා හිතන විදිහට බඩගින්නේ හිටියම ඔයාගේ ශරීරය කෙට්ටු වෙන්නේ නෑ. ඔයා බඩගින්නේ ඉන්නකොට ඔයාගේ සිරුරට වෙන්නේ මොනවද කියලා ඔයා දැන ගත්තොත් ඔයා පුදුමයට පත්වේවී. ඒ විතරක් මෙමෙයි ආපහු කවදාවත් ඔයා බඩගින්නේ නම් ඉන්න එකකතුත් නෑ. Hadakari.com වෙතින් අද ඔයාට ඉදිරිපත් කරන මේ ලිපිය කියවලම බලන්නකෝ බඩගින්නේ ඉන්න එක හොඳ නෑ කියලා අපි ඔයාට කියන්නේ ඇයි කියලා.

ඔයාගේ ශරීරයේ සීනි මට්ටම බිඳ වැටෙනවා

ඔයාගේ සිරුරේ පැවැත්මට ශක්තිය අත්‍යාවශ්‍යයි. ඔයා බඩගින්නේ ඉන්නකොට ඔයාගේ ශරීරයේ සීනි මට්ටම අඩු වෙනවා. බඩගින්නේ ඉන්නකොට ඔයාගේ සිරුරට අවශ්‍ය ශක්තිය අවශෝෂණය කර ගන්නේ සිරුරේ තැම්පත් වෙලා තියෙන ග්ලූකෝස් සහ සීනි වලිනුයි. මෙහෙම ලබා ගන්නා සීනිවලින්. ඔයාගේ මොලයට හා රතු රුධිරාණු සෛලවල ක්‍රියාකාරිත්වයට වගේම මාංශ පේෂීවලටත් යැවෙනවා. ඔයා බඩගින්නේ ඉන්න විට මුල් පැය කීපය තුළ ඔයාට අපහසුවක් නොදැනෙන්නේ අන්න ඒ නිසායි.

ඔයාගේ සිරුරේ තියෙන මේදය බිඳ වැටෙනවා

ඔයා බඩගින්නේ ඉන්නකොට ඔයාගේ සිරුරේ තියෙන මේදය බිඳ වැටෙනවා. මෙය සිදු වෙන්න පටන් ගන්නේ පැය 06 කට 07 කට පමණ පසුවයි. සිරුරේ බර වැඩි කියලා හිතෙන අයට ශරීරයේ බර අඩු කර ගන්න මේ අවස්ථාව ඉතා වැදගත්. සිරුරේ තැම්පත්ව තියෙන සීනි භාවිතයට ගත්තට පස්සේ ඔයාගේ සිරුරේ තැම්පත් වෙලා තියෙන මේදය ප්‍රයෝජනයට ගන්නවා. ඉතිං ඔයාට කෙට්ටු වෙන්න ඕනම නම් නිරාහාරව ඉන්නේ නැතුව කාබෝහයිඩ්රේට් අඩු ආහාර ලබා ගැනීමෙනුත් සිරුරේ බර අඩුකර කරගත හැකියි.

කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලය ඉවත් වීම

ඔයා බඩගින්නේ ඉන්නකොට ඔයාගේ සිරුරේ වැදගත් දේවල් කිහිපයක් සිදු වෙනවා. විෂ හරණ ක්‍රියාවලියේදී ඔයාගේ ශරීරයේ කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලයෙන් පිරිසිදු වෙනවා. මේ වගේ වේලාවකදී ඔයාගේ රුධිර පීඩනය මදක් පහළ වැටෙන අතර හිසේ කැක්කුම, කරකැවිල්ල, මහන්සි ගතිය, සමේ ලප ඇති වීම, මාංශ පේශීවල වේදනා ඇති වීම, සන්ධිවල වේදනා ඇති වීම වැනි තත්ත්වයන් ඇති විය හැකියි.

අහිතකර හැගීම් දැනෙන්න පටන් ගන්නවා

ඔයා එක දිගට පැය 06 ක පමණ කාලයක් බඩගින්නේ හිටියොත් ඔයාට කුසගිනි දැනීම සමාන්‍ය දෙයක්. මෙවැනි තත්ත්වයකදී ඔයාට තරහව, අපේක්ෂා භංගත්වය, දුක සහ මානසික ආතතිය වැනි තත්ත්වයන් ඇති විය හැකියි. මෙවැනි හේතු ඇති වෙන්න ප්‍රබලව බලපාන හේතුව වෙන්නේ කුසගින්නයි. මේ අවස්ථාවේදී ඔබ ඉතා සැළකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඔයාට දැනෙන අහිතකර හැඟීම් අන් අය පිට නොහෙළිය යුතුයි. ඒ වෙනුවට ඔයාගේ ශරීර ශක්තිය වැය නොවන යම් ක්‍රියාවක නියැලෙන්න. කුසගින්න ගැන කල්පනා කරමින් කාලය ගත කිරීම සුදුසු වන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 991 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:18 AM
Script:/article/991/do-you-know-what-happens-if-you-stay-hungry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:19 AM
Script:/article/991/do-you-know-what-happens-if-you-stay-hungry.html