සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදීමෙන් ඔයාට ලැබෙන වාසි

July 24, 2018
13,009
Benefits of walking barefoot on grass
ගොඩක් දෙනෙක් මුළු දවස පුරාම සෙරෙප්පු දාගෙන ඉදලා රෑට නින්දට යනකොට විතරයි කකුල් දෙකෙන් සෙරෙප්පු ඉවත් කරන්නේ. එළියට යනකොට විතරක් නෙමෙයි ගේ ඇතුළේ ඉන්න කොටත් බොහෝ දෙනෙක් සෙරෙප්පු දාගෙන ඉන්නවා. දවස පුරාම සෙරෙප්පු දාගෙන ඉන්න ඔයා කවදාවත් හිතුවද නිතරම සෙරෙප්පු දාන එක ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොද නෑ කියලා. අපේ රටේ තියෙන උෂ්ණාධික කාලගුණය එක්ක සෙරෙප්පු දවස පුරාම දාගෙන ඉන්න එක ශරීරය සෞඛ්‍යයට හොද නෑ. සෙරෙප්පු ගලවලා තණකොළ මත ඇවදීමෙන් ඔයාට ලැඛෙන වාසී ගැන ඇහුවොත් ඔයාට පුළුවන් හැම වේලවකම ඔයා තණකොල ටිකක් පාගලා ඇවිදින්න උත්සාහ කරයි. තණකොළ මත ඇවිදිමෙන් ඔයාට ලැඛෙන ආස්වාදය හා ප්‍රයෝජන ගැන අද hadakari.com තුළින් කතා කරන්න අපි තීරණය කළා. අපි ඔයාට සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදින්න කියන්නේ ඇයි කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

ඔයාගේ ඇස්වලට හොදයි

ඇස්වලට වගේම ඔයාගේ සිරුරේ තවත් අවයව නියෝජනය කරන චිකිත්සා කලාපයන් පාදයේ පතුලේ පිහිටලා තියෙනවා. පාවහන් නැතුව තණකොල මත ඇවිදීමේදී ඔයාගේ පාදයේ පළමු දෙවන හා තුන්වන ඇගිලි මත උපරිම තෙරපීමක් ලබාදීම තුළින් ඔයාගේ ඇස්වල ප්‍රබල චිකිත්සාවක් සිදු වෙනවා. මේ චිකිත්සක කලාපය උත්තේජනය කිරීම මගින් පෙනීම වර්ධනය වීම වගේම ඔයාගේ සමස්ත ශරීරය සෞඛ්‍යය සම්පන්න පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඔයා අවධි වුණු ගමන් පිණි වැටුණු තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදින්න. ඒ මගින් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල රැසක් ලබා ගන්න හැකි වේවී.

ඔයාගේ පාද සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යන්න උපකාරී වෙනවා

සෙරෙප්පු නැතුව ඇවිදිනකොට ඔයාගේ කකුල්වලට ඉතා හොද ව්‍යායාමයක් ලැබෙනවා. පාදයේ මාංශපේශි වගේම බලනහර, වළලූකර, අස්ථී බන්ධනය හා පසුපස මාංශ පේශි සවිමත් වීමත් සිදු වෙනවා. පාදයේ පතුල් සමතලා ස්වරූපයක් ගන්නා අතර තවත් සමහරුගේ යටි පතුල ඝන ස්වරූපයකින් යුක්ත වෙනවා. ඒ වගේම ඉතිං ඔයාගේ පාද පිණි වැටුණු තණකොළවල ස්පර්ශ වීමෙන් නැවුම් ආශ්වාදයක් ලබාගන්න පුළුවන්.

තණකොළ මත ඇවිදීමෙන් ඔයාගේ ආතතිය දුරු කර ගන්න

උදෑසන කාලයේදී සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදීමෙන් ඔයාගේ මනසට සැහැල්ලූ බවක් ලබා ගන්න පුළුවන්. නැවුම් වාතය, උණුසුම් හිරු එළිය, කොළ පැහැති පරිසරය වගේම සාමකාමී උදෑසන පරිසරය මගින් ඔයාගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා. ඒ වගේම ඔයාට නැවුම් ඔක්සිජන් වාතය ලැබීම ශරීරයේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත්. උදෑසන හිරු කිරණින් ඔයාගේ ශරීරයට විටමින් D ලබෙන නිසා ඔයාගේ මනස වගේම ශරීරය සැහැල්ලූ වී ආතතිය දුරු වීමක් සිදු වෙනවා. ඔයත් වැඩ රාජකාරී එක්ක ආතතියෙන් යුක්ත පරිසරයක ජීවත් වෙනවා නම් ඔයාටත් පුළුවන් දැන් උදේට ටිකක් තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදලා ආතතිය චුට්ටක් නැති කර ගන්න. හැමදාම උදේට විනාඩි 30 ක් විතර සෙරෙප්පු නැතුව ඇවිදලා බලන්නකෝ. ඔයාට හැම දවසකම ඔයාගේ සියලූ වැඩ කටයුතු හොදින් ඉටු කර ගන්න පුළුවන් ශක්තිය ලැබේවී.


විටමින් D ලබා ගන්න

උදෑසන හිරු රශ්මියෙන් ඔයාට විටමින් D ලැඛෙනවා කියලා ඔයා දන්නේ පොඩි කාලේ ඉඳලමනේ. ඉතිං ඔයා උදෑසන කාලයේ සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීමෙන් හිරුණ කිරණේ විටමින් D මගින් ඔයාව පෝෂණය කරනවා. අස්ථී සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යාමටත් ඔස්ටියෝ ආතරයිටීස් සහ අස්ථී සම්බන්ධ වෙනත් රෝග වලිනුත් ඔයාව ආරක්ෂා කරනු ලබනවා. විටමින් D ඌනතාව නිසා අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇති වීම වළකාගත හැකියි. ගර්භණී මව්වරුන්ට ශරීරයට විටමින් D ලබා ගැනීම ඉතාමත් වැදගත් වන අතර සෙරෙප්පු නැතුව තණකොල මත ඇවිදීම ගර්භණී සමයේ පසුවන මව්වරුන්ට ඉතාමත් වැදගත්.

පොළව මත තියෙන ඉලෙක්ට්‍රෝන ශක්තිය ඔයාගේ ශරීරයට ලැබෙනවා

සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදිමෙන් පොළොව මතුපිට තියෙන ඉලෙක්ට්‍රෝන ශරීරයට හුවමාරු වී ඔයාගේ ශාරීරයට යහපත් වෙනස්කම් රැසක් සිදු කරනවා. මේ ඉලෙක්ට්‍රෝන තුළ ප්‍රතිඔක්සිකාරක බලයන් ඇතුළත් වෙන අතර ඔක්සිකාරක මගින් ආතතිය දුරු කරලා ඔයාගේ ශරීරයේ තියෙන සියලූ වේදනා සහ රෝගාබාධ දුරු කිරීම සිදු කරනු ලබනවා.

පාවහන් නැතුව තණකොළ මත හෝ පස් මත ඇවිදීමෙන් මිහිතලය මත ගබඩා වී තියෙන ශක්තිය ඔයාගේ සිරුරට මෙන්ම මනස හා අත්මයටද ගබඩා කරලා තියන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවාද? ඒ වගේම ඔයා තණකොළ මත ඇවිදීමෙන් ඔයාට සුවදායක නින්දක් ලබා ගන්නත් පුළුවන්. ඔයාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමටත් මොළය වර්ධන කිරීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම ස්නායු පද්ධතිය වර්ධනය කිරීමටද තණකොළ මත ඇවිදීම උපකාරි වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 969 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:59 AM
Script:/article/969/benefits-of-walking-barefoot-on-grass.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:59 AM
Script:/article/969/benefits-of-walking-barefoot-on-grass.html