ගාලික් පීසා රොටි

November 26, 2019
3,724
Garlic pizza roti
අද හැඩකාරී අපි ගාලික් පීසා රොටී ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න විදිහක් කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි 600 g
යිස්ට් තේ හැඳි 1
සීනි මේස හැඳි 2
ලුණු තේ හැඳි 1 1/2
මද උණුසුම් වතුර අවශ්‍ය ප්‍රමාණයට
ඔලිව් ඔයිල් මේස හැඳි 3
බටර් (කාමර උෂ්ණත්වයේ)
සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල ටිකක්
හීනියට කපා ගත් සුදු ළූනු

සාදන ක්‍රමය :

01. මුලින් පාන් පිටි බදුනකට දමා එයට ලුණු, සිනි හා යිස්ට් දමා කලවම් කර ගෙන, එම පිටි මැද වලක් හදා ගන්න.

02. පසු ඇතුලට ඔලිව් ඔයිල් හා මද රස්නේ වතුර වලින් ටිකක් දමා හොඳට කලවම් කර ගන්න.

03. දැන් හිමින් හිමින් පිටි සමග එම වතුර ට්ක කලවම් කර අතේ නොඇලවෙන පදමට පිටි මිශ්‍රණයක් හදා ගන්න.

04. දැන් හදා ගත් පීසා පිටි මිශ්‍රණය විනාඩි 45 හෝ පැයක් තෙත රෙදි කැබැල්ලකින් වසා තියා ගන්න.

05. දැන් ලෑල්ලක අරගෙන පිටි ටිකක් ඉස ගෙන, හදා ගත් පිටි ගුලියක් අරගෙන හොදින් තුනියට වගේම රවුමට ෂේප් කර ගන්න.

06. රොටි තැටියක් රත් වෙන්න තියා, හොඳින් තැටිය රත් වුනාම හදා ගත් පීසා රොටි එක දාලා එක පැත්තක් පිලුස්සා ගන්න.

07. දැන් රොටිය අනිත්පැත්ත හරවා ඒ පැත්ත පිලිස්සෙන අතර තුර රොටිය මතට සුදුලූණු සහ කොත්තමල්ලි ඉස ගන්න.

07. පුලුස්සා ගත් පීසා රොටි එක අරගෙන රොටිය දෙපැත්තේම බටර් ටිකක් ගා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

See what happens to your body if you start eating a cucumber every day
   4,114
   61

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට එක්කර ගැනිමෙන් ඔබගේ ශරීරයට ලැබෙන ධනාත්මක ප්‍රතිලාභයන් දැනගැනීමට කියවන්න..
Try this to increase productivity
   4,788
   60

මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරි තරම් වැඩ ගොඩගැහිලද? මේ Time-block ක්‍රමය උත්සහ කරලා බලන්න

අපි හැමදාම කතා කරන කාල කලමණාකරනයට වැඩිය ප්‍රායෝගික ක්‍රමයක් තමයි කාලය කොටු කරන එක නැතිනම් කාලය බ්ලොක් කරන එක. මේ ක්‍රමය අත්හදා බලන්න.. ලොකු වෙනසක් දැනේවි..
reasons why your vaginal skin is darkening
   6,317
   50

ඔබගේ යෝනි මාර්ගය අවට සම අඳුරු අඳුරුයිද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු

සාමාන්‍යයෙන් කාන්තාවන් සියලුදෙනාගේම පාහේ යෝනි මාර්ගය සහ ඒ අවට සම අඳුරු පැහැයක් ගන්නවා.. නමුත් ඔබ මෙහි අඳුරු පැහැය යටින් ඇති හේතුව දන්නවාද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු සියල්ලම
10 symptoms shows you are pregnant
   45,451
   28

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   43,785
   28

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක

Latest Articles

Most Viwed