අන්නාසි චට්නි

November 28, 2019
3,487
Pineapple Chutney
කටේ තිබෙන අමිරහට අන්නාසි චට්නි ඉතා ගැලපෙන ආහාරයක්. මේ දවස්වල හැම තැනම උණ හෙම්බිරිස්සාව. සනීප වුනට පසුව වුනත් කෑමට කිසිම පිරියක් නැහැ. කටට අමුතුව අපහසුවක්. දිවට රස දැනෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් කටට පිරියක් ඇති වෙන විදිහේ පුංචි පහේ අන්නාසි චට්නි හදා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේ :

සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක්
විනාකිරි බෝතල් බාගයක්
ලුණු ස්වල්පයක්
ඉඟුරු ස්වල්පයක්
සීනි ග්‍රෑම් 100 ක්
මිරිස් කුඩු මේස හැඳි 2 ක්

සාදන අන්දම :

01. අන්නාසි ගෙඩිය පොතු හැර සුද්ධ කර ගෙන කුඩා කැබලි කපා ගන්න.

02. දැන් සුදුලූණු සහ ඉඟුරු තලා ගන්න.

03. මැටි හට්ටියක සීනි, විනාකිරි සහ ලුණු හොඳින් හැඳිගාමින් උනු කරන්න.

04. මිශ්‍රණය ගොරෝසු වුනාම කපා ගත් අන්නාසි, ඉඟුරු, සුදුලූණු එකතු කරන්න. මේ සියල්ල තැම්බෙන තෙක් හොඳින් පිස ගන්න.

05. අවශ්‍ය වේලාවට ටික ටික ආහාරයට ගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

See what happens to your body if you start eating a cucumber every day
   4,116
   62

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට එක්කර ගැනිමෙන් ඔබගේ ශරීරයට ලැබෙන ධනාත්මක ප්‍රතිලාභයන් දැනගැනීමට කියවන්න..
Try this to increase productivity
   4,788
   60

මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරි තරම් වැඩ ගොඩගැහිලද? මේ Time-block ක්‍රමය උත්සහ කරලා බලන්න

අපි හැමදාම කතා කරන කාල කලමණාකරනයට වැඩිය ප්‍රායෝගික ක්‍රමයක් තමයි කාලය කොටු කරන එක නැතිනම් කාලය බ්ලොක් කරන එක. මේ ක්‍රමය අත්හදා බලන්න.. ලොකු වෙනසක් දැනේවි..
reasons why your vaginal skin is darkening
   6,317
   50

ඔබගේ යෝනි මාර්ගය අවට සම අඳුරු අඳුරුයිද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු

සාමාන්‍යයෙන් කාන්තාවන් සියලුදෙනාගේම පාහේ යෝනි මාර්ගය සහ ඒ අවට සම අඳුරු පැහැයක් ගන්නවා.. නමුත් ඔබ මෙහි අඳුරු පැහැය යටින් ඇති හේතුව දන්නවාද.. එසේනම් මෙන්න එයට බලපාන හේතු සියල්ලම
10 symptoms shows you are pregnant
   45,455
   32

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   43,788
   31

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක

Latest Articles

Most Viwed