ප්‍රතිඵල ඇවිත්

April 28, 2020
8,526
Results are out
විභාග ප්‍රතිඵල නිකුත් වීම සමග සියදිවි නසා ගැනීමේ පුවත් දෙක තුනක්වත් අඩුම වශයෙන් වාර්තා වෙනවා. විභාග ප්‍රතිඵල ජීවිතයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක් බව ඇත්ත. එහෙත් අපේක්ෂිත ප්‍රතිඵලය නොලද තැන සියදිවි නසා ගැනීමට තරම් යොමු වෙන තත්වයට දරුවන් පත් වෙන්නේ ඇයි..?

මව්පියන්ගෙන් ලැබෙන පීඩනය

බොහෝ දෙමව්පියන් ප්‍රතිඵල නිකුත් වූ විගසම පටන් ගන්නේ දරුවාට දොස් නගන්න. මෙච්චර කාලයක් අපේ වියදම වතුරේ ගියා වැනි නෝක්කාඩු කියන්න පටන් ගන්නවා. දෙමව්පියන්ගේ පීඩනය දරුවාට දැනෙනවා විතරක් නොවෙයි, තමාගේ ප්‍රතිඵල නිසා දෙමව්පියන් විදවන බවක් ඔවුන්ට දැනෙනවා. මේ වරදකාරී හැගීමෙන් හිත පීඩා කරද්දී දරුවාට තමාගේ ජීවිතයත් එපා වෙන තැනට නොදැනීම පත් වෙනවා.

අභියෝග ඉදිරියේ අනවශ්‍ය ලෙස සැලෙන්න එපා

අද හය හතර තේරෙන තැන පටන් දරුවන් ඉදිරියේ ඇත්තේ ඉතාම තරඟකාරී පරිසරයක්. සාමාන්‍ය වචනයට කියන්නා වගේ ශිෂ්‍යත්වය යනු දෙමව්පියන්ගේත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේත් විභාගයක්. ඒ නිසා දරුවාට තමා ඉදිරියේ ඇති අභියෝග වලට මුහුණ දෙන ශක්තින් ගොඩ නැගී නැහැ.

දරුවා ගැන අධිතක්සේරුව

තමන්ගේ දරුවා තරම් වටිනා සම්පතක් මව්පියන්ට නැහැ. ඒ වගේම සම වයස් කණ්ඩායම් අතර තමන්ගේ දරුවා විශිෂ්ටයෙකු විදිහට ඉස්මතු කිරීමට සෑම දෙමව්පියෙකුගේම හිතේ තිබෙන සාධාරණ ආසාවක්. ඇතැම් මව්පියන් තමාගේ දරුවාගේ හැකියාවට වඩා අනවශ්‍ය විදිහට ඔවුන් ඔසවා තබනවා. මේ නිසා දරුවාත් තමා ගැන ගොඩ නගා ගන්නේ අධිතක්සේරුවක්. එහෙත් මව්පියන් විදිහට විභාගය යනු තීරනාත්මක දෙයක් බැව් පැහැදිලි කර දෙන්න. එවිට ප්‍රතිඵල ඉදිරියේ එය දරා ගැනීමේ හැකියාව දරුවාට ඇති වෙනවා. එහෙම නැතුව අධිතක්සේරුවක් දරුවාගේ මනසේ ගොඩ නැගූ විට තමාගේ ප්‍රතිඵල නිසා ප්‍රතිරූපය බිද වැටීමේ අවපීඩනය නිසා ඔවුන් සියදිවි හානි කර ගැනීම වැනි දරුනු තීරණයන්ට පවා පත් වෙනවා.

ප්‍රතිඵල නිකුත් වුනාම..

දරුවා ගැන අවධානයෙන් ඉන්න

එක්තරා වයසකට පැමිණි පසුව දරුවා තේරුම් ගැනීම ඉතාම අපහසුයි.

ඒ නිසා ප්‍රතිඵල ලැබුනාට පසුව එයින් සෑහීමට පත් නොවීමේ කම්පනයෙන් සිටින්නට පුලුවනි. මව්පියන් විදිහට දරුවා ගැන සියුම් නිරීක්ෂනයෙන් සිටීම ඉතාම වැදගත්.

දරුවා සංසන්දනය කරන්න එපා.

එක් එක් අයගේ ප්‍රතිඵල එවුන්ගේ හැකියාව සහ විභාගයට මුහුණ දුන් පැය කීපයේ අවස්ථාව අනුව තීරණය වෙනවා. විෂය දැණුම ඉදිරිපත් කරන කෙටි කාලයේදී දරුවා දක්වන හැකියාව එක් එක් අයට ආවේණිකව වෙනස් වෙනවා. ඒ නිසා අල්ලපු ගෙදර දරුවා විශිෂ්ට සම්මාන නවයක් ලබා ගත් නිසා ඔහුට සමාන කරමින් එබේ දරුවාට දොස් නගන්න එපා.

විකල්ප ඇත.

යම් ලෙසකින් දරුවාගේ ප්‍රතිඵල අපේක්ෂිත මට්ටමින් නොතිබුන විට ඒ වෙනුවෙන් විවිධ විකල්ප ඇත. ඒ ගැනත් දරුවාට කියා දෙන්න.

ධනාත්මක වන්න.

විභාගය අසමත්වීම යනු අනාගතය මුලුමනින්ම කඩා වැටීමක් නොවේ. පරාජය යනු ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන පන්නරයයි. නැපෝලියන් බොනපාට් පරාජයෙන් නොසැලී ඉදිරියට ගිය අන්දම දරුවාට කියා දෙන්න. ජීවිතය යනු තමා විසින් ගොඩ නගා යුතු බැව් පහදා දෙන්න. ඒ.ආර් රහුමාන්ට ඕගන් වාදනය කළ නොහැකි බව සඳහන් කරමින් ගුරුවරයා විසින් ඔහු පන්නා දමා ඇත. එහෙත් ඔහු සැලුනේ නැත. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා බවට පත් වූයේ ජීවිතයේ බොහෝ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමෙන් බැව් පහදා දෙන්න. අලිබාබා වෙළද සන්නාමයේ හිමිකරු චීනයේ ජැක් මා විවිධ රැකියාවන් වෙනුවෙන් ඉල්ලුම් කළත් ඒ හැම අවස්ථාවකදීම ඔහු ප්‍රතික්ෂෙප විය. කොටින්ම රැකියාවන් තිහක් වෙනුවෙන් ඔහු ඉල්ලුම් කරන ලද අතර ඒ තිහම ඔහු ප්‍රතික්ෂෙප කොට ඇත. චීනයේ KFC ආයතනය ආරම්භ කරන විට ඒ වෙනුවෙන් විසිහතර දෙනෙක් ඉල්ලුම් කර තිබුන අතර එයින් 23 ක් දෙනා තෝරී පත්විය. ප්‍රතික්ෂෙප වූයේ ජැක් මා පමණි. එදා ඔහු ප්‍රතික්ෂෙප වුනත් අද වෙන විට ජැක් මා සන්නිවේදන ජාලය මුල්කර ගත් ලෝක බිලියනපති චරිතයක් බවට පත්ව ඇත. සමහර විට ජැක් මා නොදන්නා ඔබ Alibaba.com ගැන මනා දැනුමකින් යුක්ත විය හැකිය. එසේනම් ඔබේ දරුවාටත් අලිබාබා සන්නාමයේ හිමිකරු ආදර්ශයක් ලෙස සලකා කටයුතු කිරීමට උපදෙස් දෙන්න.


එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   34,474
   12

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed