දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

April 11, 2022
71,158
chore lists for kids
බොහෝ දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීම පිළිබඳව විවිධ මතවල සිටිනවා.. ඇතැම් දෙමවුපියන් එය පහසුවක් සේ සිතනවා ; ඇතැමුන්ට එය කරදරයක්.. එමෙන්ම ඇතැම් දෙමවුපියන් සිතන්නේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණු වන අතරම එය දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතුවෙන බවයි.

ඇත්තෙන්ම ඔවු.. දරුවන් එදිනෙදා කටයුතු කෙරෙහි එක්කර ගැනීම දරුවන්ට මෙන්ම දෙමවුපියන්ටද එකසේ වාසිදායකයි. ඒ වගේම දරුවන් නිවසක වැඩ කටයුතු සඳහා දායක කරගැනීම ඔවුන් තුළ කාර්‍යයන් සම්බන්ධ ආචාර ධර්ම වර්ධනයට, වගකීම සහ වගවීම පිළිබඳව ඉගැන්වීමට සුදුසුම ස්ථානයයි.

ඒ සඳහා දරුවන් පෙළඹවීමට ඔබට විවිධ ක්‍රියාකාරකම් යොදා ගැනීමට පුළුවන්.. විශේෂයෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව දරුවන්ට පාසලේදි උගන්වන්නේ නැහැ.. එමනිසා නිවසේ කාර්‍ය‍යන් සඳහා මුදල් සම්බන්ධ කිරීමට පුලුවන්. විශේෂ‍යෙන් ජීවිතයේ පසුකාලීනව මහන්සි වි වැඩ කිරීම මත සැපවත් ජීවිතයක් ගත කල හැකිබවට වෙන පාඩම ඔබට දරුවාට කියාදීමට පුළුවන්..

එසේනම් දරුවන් නිවසෙ කාර්‍යයන් සඳහා ඵලදායීව යොදාගන්නේ කෙසේද? කුමන කාර්‍යයන් සඳහා දරුවන් එක්කර ගන්නවාද සහ එයට ආරම්භයක් ගන්නේ කෙසේද කියා ඔබටත් ගැටළු ඇති..

- පළමුවෙන් ඔබ නිවසේ කාර්‍යයන් අතරින් එක් එක් දරුවාගේ වයසට සුදුසු කාර්‍යයන් ලැයිස්තුවක් සකස් කරගත යුතු වෙනවා.

- එය වඩාත් සංවිධානාත්මක කරගැනීමට සතිපතා කාල සටහනක් සකස් කරගන්න.

- දරුවාගේ කුසලතාවන් සහ පරිණතභාවය පිළිබඳව සැලකිලිමත් වීමත් වැදගත් වෙනවා.

- යම් කාර්‍යයක් පැවරීමට එය හොඳින් කියාදීම සහ පෙර දිනක් හෝ දෙකක් නැතිනම් දරුවා එයට හුරුවන තුරු අධීක්ෂණය
- දරුවාට පැමිණෙන ගැටළු නිරාකරණය සහ ඔවුන්ට සවන් දීමත් වැදගත් බව මතක තබාගත යුතුයි.


එසේනම් මෙන්න හැඩකාරි අපෙන් එක් එක් දරුවන්ට ව‍යසට අනුව පැවරීමට පුලුවන් කාර්‍යයන් කිහිපයක්.. එය ඔබට මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කිරීමත් පුළුවන්..



වයස අවුරුදු 5ට අඩු දරුවන්

+ තනිව තමන්හේ හිස පීරා ගැනීම
+ දත් මැදිම
+ තමාගේ කිළිටි ඇඳුම් සෝදන කූඩයට දැමීම
+ සෙල්ලම් කිරීමෙන් පසු සෙල්ලම් බඩු අදාල ස්ථානයේ තැබීම
+ තමා ආහාර ගත් පිගාන සහ කෝප්පය අදාල ස්ථානයේ තැබීම
+ මල්පැළ වලට වතුර දැමීම


ප්‍රාථමික වයස් ඛාණ්ඩය - අවුරුදු 6 සිට 9 දක්වා දරුවන් සඳහා

+ ඉහත සඳහන් කාර්‍ය‍යන්
+ සුරතල් සතුන්ට ආහාර සහ ජලය ලබාදීම
+ පොළව සහ වෙනත් මතුපිට වැකුම් කිරීම
+ ආහාර බදුන් සේදීම
+ කෑම මේසය සැකසීම
+ මුළුතැන්ගෙයට මිලට ගන්නා ග්‍රොසරි බඩු නිවස තුළට රැගෙන ඒම
+ වාහනය සේදීම


නව යොවුන් වියේ දරුවන් - වයස අවුරුදු 10ත් 12ත් අතර

+ කුඩා වයසේදි සිදුකල ඉහත කාර්‍යයන්
+ නිවසේ කුණු ඉවත් කිරීම
+ කුඩා ආහාර වේල් සකස් කරගැනීම සහ ඒවා ආහාර බඳුන්තුලට දමාගැනීම
+ නානකාමරය පිරිසිදු කිරීම
+ රාත්‍රී ආහාරය සැකසීමට සහය වීම
+ සුරතල් සුනඛයා සමග ඇවිදිමට යාම
+ තමන්ගේ ඇඳ ඇතිරිලි ඉවත් කිරීම සහ සයනය සකස් කරගැනීම


නව යොවුන් වියේ දරුවන් - වයස අවුරුදු 13ත් 15ත් අතර

+ මින් පෙර දරුවා කල කාර්‍ය‍යන්වලට අමතරව පහත කාර්‍යන් පැවරීමට පුළුවන්.
+ තණකොළ කැපීම
+ මල් ගස් කප්පාදු කිරීම
+ මලපැල සිටුවීම
+ නිවස මතුපිට මොප් කිරීම
+ ශීතකරණය පිරිසිදු කිරීම
+ තමාගේ කුඩා සහෝදර සහෝදරියන් බලාගැනීම


අවුරුදු 16ට වැඩි යොවුන් දරුවන්

+ ඉහත කාර්‍ය‍යන් සියල්ලම සහ ඊට අමතරව වගකීමෙන් වැඩි පහත කාර්‍ය‍යන් මෙම වයසේ දරුවන්ට සිදුකිරීමට පුළුවන්.
+ රෙදි සේදීම සහ නැවීම
+ නිවසට අවශ්‍ය යම් යම් භාණ්ඩ රැගෙන ඒමට ආරක්ශිතව වෙළඳසැලට යාම.
+ නිවසේ වාහනයට අදාල සුලු නඩත්තු කටයුතු

දරුවන් නිවසේ කාර්‍ය‍යන් සඳහා එක්කර ගැනීමේදි ඔවුන් තුල ඒ සම්බන්ධ ධනාත්මක පෙළඹීමක් ඇති කිරීමට දෙමවුපියන් ලෙස ඔබ මතක තබාගත යුතු වෙනවා. උදාහරන ලෙස විනෝදජනකව පවුලේ සියල්ල එක් පැයක නිවසේ කටයුතු වල නිරත වීම, හොඳින් වැඩ සිදුකල දරුවා ඇගයීම සඳහා දරුවා ප්‍රිය කරන ආහාරයක් සකස් කර දීම හෝ ත්‍යාගයක් ලබාදීම වැනි දෑ සිදුකිරීමට ඔබට පුළුවන්..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,668
   12

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි

Latest Articles

Most Viwed