විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

July 8, 2022
71,600
How to get vitamin E for healthy skin and hair
කාන්තා ඔබ සෑමවිටම වියළි සමක් සහ දුර්වල හිස් කළඹක් හේතුවෙන් පීඩා විදිනවා. ඇත්තටම ඔබ දන්නවාද මේ සියල්ල සඳහා බොහෝ දුරට හේතු වන්නේ ඔබට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම බව. නීරෝගි ශාරිරික සහ මානසික සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගැනීමට මූලිකවම වැදගත් වෙන්නේ විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර වේලක් දිනපතා ලබාගැනීමයි.

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව..

ඔබගේ සමට විටමින් E මගින් ලැබෙන ප්‍රතිලාභ


සූර්‍යාගේ අහිතකර UV කිරණවල බලපෑමෙන් සමට වන හානිය අවම කිරීම
එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණාංග මගින් සමට පෝෂණය ලබාදීම
ඔබගේ වියළි අඳුරු සමට තෙතමනය ලබාදීම
සමෙහි වැදගත් අංගයක් වන කොලජන් ආරක්ෂා කිරීම
විටමින් E , විටමින් C සහ රෙටිනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක සමග සම්බන්ධ වීමෙන් ඇස් වටා සම අඳුරු වීම පාලනය කරනවා.
කුරුලෑ ඇතිවීම පාලනය කරනවා

ඔබගේ කෙස් කළඹ සඳහා විටමින් E මගින් ලැබෙන ප්‍රතිලාභ

හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදීම
හිසකෙස් වියළි වීම පාලනය කිරීම

ඔබගේ සිරැරේ විටමින් E ඌනතාවයක් ඇතිවීමෙන් ඔබට එල්ලවිය හැකි බලපෑම

සිරැරේ සෛල දුර්වල වීම සහ බිඳවැටීම
සිරැරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
දෘෂ්ටි විතානය ආශ්‍රිත ගැටළු
මාංශ පේශී කැක්කුම් සහ දුර්වල වීම
සිරැරේ සමබරතාවය පිළිබඳව ගැටළු ඇතිවීම

සිරැරට ප්‍රමාණවත් පරිදි විටමින් E ලබාගත හැකි ආකාර


බීජ, ඇට වර්ග ආහාරයට ගැනිම. විශේෂයෙන් ආමන්ඩ්, රටකජු, වට්ටක්කා ඇට ආදියේ විටමින් E බහුලව අඩංගු වෙනවා.
ගස්ලබු, අලිගැටපේර, අඹ වැනි පළතුරු
රතු බෙල් පෙපර්, වට්ටක්කා, නිවිති, බීට්රූට්, බ්‍රොකලි කොල වැනි එළවලු
සෝයා තෙල්, සූරියකාන්ත තෙල් වැනි තෙල් වර්ග

හැඩකාරි අපගේ විශේෂ උපදෙස් : ඔබගේ දෛනික විටමින් E අවශ්‍යතාවය ස්ත්‍රී පුරුෂ භාවය, වයස , ගර්භනීභාවය සහ මවුකිරි ලබාදීම ආදි සාධකයන් සමග වෙනස් වෙනවා. විශේෂයෙන් ඔබ විටමින් E අතිරේකයන් ලබාගැනීමට සැලසුම් කරනවා නම් සහ ඔබට කොපමණ විටමින් E ප්‍රමාණයක් ලබාගැනීම සුදුසුද යන්න සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු බවත් ඔබ මතක තබාගැනීම වැදගත් වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,668
   12

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි

Latest Articles

Most Viwed