කෙනෙක් අපි දිහා බලද්දී මුලින්ම අවදානය යොමු වෙන්නේ අපේ ඇස් දෙකට. ඒ වගේම මුහුණේ සුන්දරත්වය වැඩි කර පෙන්වන්නේ ඇස් වලින්. අපේ ඇස් වටා කළු වෙලා, රැළි වෙලා, ඇස් ගිලිලා එහෙම තිබුනොත් එය අනිවාර්යෙන් අපේ පෙනුමට බාධාවක් වෙනවා. ඇස් වටා රැළි වැටීම්, කළු වීම වැනි තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියකින් ඔයාට කිව්වා. අද කියන්නේ මේ තත්ත්වයන් වලින් ඔයාගේ ලස්සන ඇස් දෙක රැක ගන්නේ කොහොමද කියන එක ගැන.
හරිම ලේසි පහසු සත්කාර කිහිපයක් තමයි තියෙන්නේ. ඔයාට පහසු ක්‍රම එකක් හෝ කිහිපයක් දවසට එක බැඟින් try කරලා බලන්න. වෙනසක් තියෙනවද කියලා.
1. ආමන්ඩ් ඔයිල්
රාත්‍රී නින්දට පෙර අම්න්ඩ් ඔයිල් ස්වල්පයක් අවපැහැ වුනු ඇස් වටා ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. එය මුළු රාත්‍රිය පුරාවට තියෙන්නට හැර උදෑසන සෝදා හරින්න. දිනපතා නින්දට පෙර දෑස් වලට මේ සත්කාරය ලබා දෙන්න. ආමන්ඩ් වල ඇති විටමින් E සමේ ආපැහැ වීම් අවමකර සම මෘදු කරවනවා.
2. පාස්ලි සහ යෝගට්
පාසලි කොළ මිටක් සහ යෝගට් තේ හැඳි 2ක් හොඳින් බ්ලෙන්ඩර් කර ඇස් වටා ආලේප කරන්න. විනාඩි 25කින් සෝදා ඉවත් කරන්න. සතියට දින තුනක් නැවත කිරීම ප්‍රමාණවත්. පාස්ලි වල ඇති බීටා කැරොටින්, විටමින් සී, ෆෝලික් අම්ලය සහ වෙනත් ඛනිජ සහ විටමින් සම පැහැපත් කරන්න උදවු වෙන පෝෂ්‍ය පදාර්ථයන්. ඒ මඟින් අවපැහැ ගැන්වුණු සම නැවත යතා තත්ත්වයට පත් කරනවා.
3. අර්තාපල්
අර්තාපල් ගෙඩියක් කෑලි කපා බ්ලෙන්ඩර් කර ඒ යුෂ අර ගන්න. රාත්‍රී නින්දට පෙර ඇස් වටා ආලේප කරන්න. උදෑසන සෝදා හරින්න. අර්තාපල් වල ඇති පිෂ්ඨය සහ විටමින් සී සහ පෝෂණ කොටස් ඇස් වටා පෝෂණය කරමින් අඳුරු බව ඉවත් කරන්න උදව් කරනවා.
4. බේකින් සෝඩා
බේකින් සෝඩා තේ හැඳි එකකට උණු වතුර ස්වල්පයක් එක් කර ඇස් වටා ආලේප කරන්න. විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. සම පැහැපත් කරන්න තියෙන හොඳ විසඳුමක් බේකින් සෝඩා.
5. මී පැණි
පිරිසිදු මි පැණි අවපැහැ ඇස් වටා ආලේප කර විනාඩි 15කින් සෝදා හරින්න. ඇස් වටා සම පෝෂණය කරමින් සමේ අඳුරු බව ඉවත් කරන අතරම සම මෘදු කරවනවා.
6. රෝස වතුර
රාත්‍රී නින්දට පෙර රෝස වතුර ස්වල්පයක් අඳුරු ඇස් වටා ආලේප කරන්න. රෝස වතුර සමේ සෛල ශක්තිමත් කිරීම සහ ප්‍රතිඔක්සිකාරකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේම සම පැහැපත් කරමින් අඳුරු කවයන් ඉවත් කිරීමට උපකාර කරනවා.