බිම්මල් බෝල කරිය - Recipe

August 16, 2018
3,770
Mushroom Ball Curry Recipe
බිම්මල් බෝල කරිය හැදීමට අවශ්‍ය දේ :

බිම්මල් ග්‍රෑම් 200
ලොකු ලූනු (කපාගත්) ගෙඩි 1
සුදු ලූනු (කුඩාවට කපාගත්) බික් 4
අමු මිරිස් (කපාගත්) කරල් 5
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණට
කඩල පිටි ග්‍රෑම් 50
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු රස පදමට
කහ කුඩු තේ හැඳි 1/2
තෙල් මේස හැඳි 1
අබ තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
පොල් කිරි අඬු කෝප්ප 2

බිම්මල් බෝල කරිය හදමු

01. බිම්මල් හොඳින් අඹරා ගන්න.

02. එයට ලොකු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා ආදියෙන් අඩක් ඉතිරිකර අනෙක් කොටස එකතු කරන්න.

03. එයටම කඩල පිටි, ලුණු, ගම්මිරිස්, කහ කුඩු එකතු කොට හොඳින් කලවම් කර බෝල සාදා ගන්න.

04. එසේ සාදාගත් බෝල හුමාලයෙන් තම්බා ගන්න.

05. ඉන්පසු භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර රත් වීගෙන එනවිට එයට අබ, ලොකු ලූනු, රම්පෙ, කරපිංචා, සුදු ලූනු, අමු මිරිස් එකතු කොට හොඳින් තෙම්පරාදු කරන්න.

06. එයටම මිරිස් කුඩු, ගම්මිරිස්, කහ, තුනපහ, ලුණු එක්කර පොල් කිරි එකතු කරන්න.

07. එය හොඳින් පැහීගෙන එනවිට තම්බාගත් බිම්මල් බෝල එකතු කරන්න. පොල් කිරි හොඳින් උතුරනවිට ලිපෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-01 00:00:00' and A.id <> 1024 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 9:03:36 PM
Script:/article/1024/mushroom-ball-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 9:03:36 PM
Script:/article/1024/mushroom-ball-curry-recipe.html