රහ වගේම ගුණ නිවිති පෑන් කේක් - Recipe

August 23, 2018
4,286
Chicken Spinach Pan Cake Recipe
නිවිති කියන්නේ පෝෂණීය ආහාරයක්. ඒත් කොයිතරම් පෝෂණීය වුණත් කුඩා දරුවො නම් නිවිති ආහාරයට ගන්න එතරම්ම කැමැත්තක් නැහැ. ඒ නිසාම දරුවන්ට නිවිති ටිකක් කවාගන්න අම්මලාට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒත් මේ විදිහට නිවිති හදලා දුන්නොත් නම් දරුවෝ ආසාවෙන් කන බව විශ්වාසයි.

පෑන් කේක් හැදීමට අවශ්‍ය දේ :

නිවිති (කොල පමණක් හොඳින් සෝදා) ග්‍රෑම් 200
කුකුල් මස් (තම්බා කටු ඉවත් කරගත්) ග්‍රෑම් 200
බිත්තර 2
පාන් පිටි ග්‍රෑම් 250
තක්කාලි (කුඩාවට කපාගත්) ගෙඩි 1
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 1
මාගරින් ග්‍රෑම් 10
ලුණු රස පදමට

පෑන් කේක් හදමු

01. මුලින්ම වතුර භාජනයක් ලිපේ තබා හොඳින් උතුරා ගන්න.

02. දැන් උතුරන වතුරට නිවිති කොල දමාගන්න.

03. ඒවා හොඳින් තැම්බීගෙන එන විට ලිපෙන් බාගන්න.

04. ඉන්පසු තම්බාගත් නිවිති කොල නිවුණාට පසු බ්ලෙන්ඩරයට දමා වතුර ස්වලපයක් ද එයට එක්කර බ්ලෙන්ඩ් කරගන්න. එය පියුරි එකක් විදිහට හැදුණාට පසු එයට පාන් පිටි ටිකක් දමා බ්ලෙන්ඩ් කරගන්න.

05. එයටම බිත්තර, පාන් පිටි ටිකෙන් ටික දමා කැටි නොගැසෙන සේ හොඳින් කලවම් කරන්න.

06. සාදා ගත් බැටර් එක බාජනයකට දමා එයටම තක්කාලි, කුකුල් මස්, ලූනු, ලුණු එකතු කරගෙන රස පදමට කලවම් කර බැටරයක් සාදාගන්න.

07. දැන් නන්ස්ටික් පෑන් එකක් ලිප තබා සාදාගත් බැටරයෙන් ටිකක් එයට දමා පෑන් කේක් සාදාගන්න. පසුව එය කැමති ආකාරයකට නවා හෝ රෝල් කර සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1036 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:21 AM
Script:/article/1036/chicken-spinach-pan-cake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:42:22 AM
Script:/article/1036/chicken-spinach-pan-cake-recipe.html