නාසි ගුරන් - Recipe

July 17, 2018
12,327
Nasi Goreng Recipe
ඉන්දුනීසියන් ෆ්‍රයිඩ් රයිස් හැදීමට අවශ්‍ය දේ :

බාස්මති රයිස් (පිස නොගත්) අඬු කෝප්ප 2
බිත්තර 2
තල තෙල් තේ හැඳි 2
ලුණු තේ හැඳි 1/2
කටු හා සම රහිත කුකුල් මස් ගාත් (අඟල් 1/2 තීරු ලෙස කපාගත්) 8
අමු ඉස්සන් (පිරිසිදු කරගත්) 6
එළවළු තෙල් මේස හැඳි 2
සුදු ලූනු (කුඩාවට කපාගත්) මේස හැඳි 2
ලොකු ලූනු (කුඩාවට කපාගත් මධ්‍යම ප්‍රමාණයේ) ගෙඩි 1
ඉඟුරු අල (කුඩාවට කපාගත්) තේ හැඳි 2
වියළි ඉස්සන් පේස්ට් මේස හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1/2
චිලි සෝස් මේස හැඳි 1
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
සෝයා සෝස් මේස හැඳි 1

සැරසීමට අවශ්‍ය දේ :
ලූනු ගස් (සිහින්ව කපාගත්) මේස හැඳි 3
කොත්තමල්ලි කොළ (කපාගත්) අඬු කෝප්ප 1/2

ඉන්දුනීසියන් ෆ්‍රයිඩ් රයිස් හදමු

01. පළමුව බාස්මතී හාල් සෝදා අවශ්‍ය පමණට වතුර තබා ලුණු ස්වල්පයක් දමා බත පිසගන්න.

02. පිසගත් බත වියළි තැටියකට දමා විසිරෙන්නට තබා නිවාගන්න. මෙය පැය 2 කට පෙර සාදා තබන්න. නැතිනම් පෙර දිනයේ රාත්‍රියේ සාදා ශීතකරණයේ තබන්න.

03. බිත්තර, තල තෙල්, ලුණු එකට දමා පසෙකින් තබන්න.

04. සුදුසු භාජනයක් ගෙන ලිප තබා හොඳින් රත්කරගෙන එළවළු තෙල් දමා හොඳින් රත් වූ පසු එයට ලූනු, ඉඟුරු, ඉස්සන් පේස්ට්, සුදු ලුනු, ගම්මිරිස් එකතු කර තෙම්පරාදු කරගන්න.

05. එය තෙම්පරාදු වන අතරතුර ඉස්සන් පේස්ට් එකක් ආකාරයට හොඳින් පොඩිකර ගන්න.

06. කුකුල් මස් හා ඉස්සන් දමා විනාඩි 2 ක් පමණ තෙම්පරාදු වන්නට තබා පසුව කලින් පිසගත් බත් එයට උඩින් දමා නැවතත් කලවම් කරගන්න.

07. දැන් එයට චිලි සෝස්, ඔයිස්ටර් සෝස් හා සෝයා සෝස් එකතු කර නැවතත් කලවම් කරන්න.

08. අවසානයට බිත්තර මිශ්‍රණය එකතු කර හොඳින් කූරු ගාමින් මිශ්‍රකර ගන්න.

09. ඕම්ලට් 2 ක් සාදා එය තීරු ආකාරයට කපාගන්න.

10. දැන් සාදාගත් බත පිඟානක් මතට දමා ලූනු ගස් ,කොත්තමල්ලි කොළ සහ කපාගත් බිත්තර තීරුවලින් සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 946 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:35:06 AM
Script:/article/946/nasi-goreng-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:35:06 AM
Script:/article/946/nasi-goreng-recipe.html