ඔයාගේ පොඩ්ඩත් වැඩ්ඩෙක් කරන්නේ මෙහෙමයි

September 14, 2018
11,413
How to make your child a master piece
දරුවන්ගේ දියුණුව, යහපත දැකලා මේ ලෝකයේ වැඩියෙන්ම සතුටු දෙන්නෙක් තමයි අම්මයි තාත්තායි කියන්නේ. දරුවෙක් මේ ලෝකයට එනනත් කලිනුයි අම්මයි තාත්තායි ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් හීන පොදි බඳින්නේ. තමන්ගේම ලෙයින් ඉපදුණු දරුවා තමන්වත් පහු කරගෙන මේ ලෝකයේ ඉහළම තැනට යනවාට තමයි දෙමව්පියෝ හදවතින්ම දකින්න කැමති. ඔයාට ඔයාගේ ළමා කාලයට පුළුවන් නම් ටිකක් ගිහින් මතකය අවධි කරලා බලන්නකෝ. අපි පුංචි කාලේ අම්මයි තාත්තායි දෙන්නා තමයි අපිට හීන දකින්න හුරු කරන්නේ. මගේ පුතා ඩොක්ටර් කෙනෙක්, මගේ දුව ටීචර් කෙනෙක් මේ විදිහේ හීන ඔයාගේ හිතට මුලින්ම ඇතුල් කළේ ඔයාගේ අම්මයි තාත්තායි. සමහර විට ඔයා ඒ හීන දැනටමත් ළඟා කරගෙනත් ඇති. ඇතැම් විට ඒ හීනවලින් ඒහාට ගිහින් ඔයා සාර්ථක පුද්ගලයෙක් වෙලා ඇති. එත් අද සමාජයේ තියෙන තරඟකාරීත්වය පසුපස හඹා යෑම තමයි දෙමාපියන්ගේ වගේම දරුවන්ගේත් මුලික අරමුණ වෙලා තියෙන්නේ. ඉතිං මෙහෙව් පරිසරයක තමන්ට තමන් ගැන තියා තමන්ගේ දරුවන් ගැනවත් හොයන්න වේලාවක් කලාවක් නෑ. අද හැඩකාරී අපි කතා කරන්න යන්නේ ඔයාගේ පොඩ්ඩා තුළ සැගවුණු දක්ෂතා හඳුනාගෙන ඔහුව හෝ ඇයව හොඳම හොඳ වැඩ්ඩෙක් කරන්නේ කොහොමද කියලා.

අනුකරණය කරන්න දෙන්න එපා

මේ වැරැද්ද මුලින්ම කරන්නේ ඔයා. අල්ලපු ගෙදර මොකක් හරි වෙනසක් කරොත් ඔයාට ඕන වෙන්නේ ඊටත් වැඩියෙන් වෙනසක් කරන්න. ඔයා දන්නවානේ මහා සමාජයට ඔයාගේ දරුවා පය තියන්න කලින් අම්මාවයි තාත්තාවයි තමයි දරුවෝ ආදර්ශයට ගන්නේ. ඉතිං ඔයාලා කතා බහ කරන දේවල් ඔයාලගේ මේ හැසිරීම් සියල්ල දිහා දරුවෝ බලාගෙන ඉන්නවා. ඉතිං දරුවෝ ටික ටික ලොකු වෙනකොට ඔයාගේ පැටියා තවත් කෙනෙක් අනුකරණය කරන කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි දරුවාගේ හැකියාවන්, පෞර්ෂත්වය, නායකත්ව ගුණාංග සියල්ල මේ අනුකරණය කිරීම තුළ නැති වෙලා යනවා. ඉතිං කිසිම වේලාවක ඔයාගේ පැටියාට කියන්න එපා අර යාලුවා වගේ වෙන්න කියලා. ඒක ඕයාම ඔයාගේ දරුවාට කරන වැරැද්දක්. මුලින්ම ඔයා ඔයා වෙන්න. පස්සේ දරුවන්ට දරුවන් වෙන්න පුරුදු කරන්න.

සංසන්දනය කරන්න එපා

අද ගොඩක් දෙමව්පියෝ කරන ලොකුම වැරැද්දක් තමයි තමන්ගේ දරුවා තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරන එක. ඔයාට මේ වගේ අත්දැකීම් අනන්තවත් ඇති. මොන්ටිසෝරියේ, පාසලේ එහෙමත් නැත්තම් ටියුෂන් එකේ වෙනත් දරුවෝ දිහා බලලා ඔයාගේ දරුවා සංසන්දනය කරනවාද? මෙහෙම දෙයක් කළොත් කවදාවත් ඔයාට ඔයාගේ පැටියාගේ දක්ෂතාවන්, හැකියාවන් හඳුනා ගන්න ඔයාට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මොකද අතේ ඇ`ඟිලි 05 ම එකම විදිහට නෑ කියලා ඔයා දන්නවානේ. අන්න ඒ වගේම තමයි දරුවනුත්. වෙනත් දරුවෙක් ළඟ තියෙන හැකියාවක් ඔයාගේ දරුවා ළඟ නෑ කියලා දුක් වෙන්න එපා. සමහර විට ඔයාගේ දරුවා ළඟ ඊට වඩා වෙනස් හැකියාවක් තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාගේ දරුවා කවුද? ඔහුගේ හැකියාවන් මොනවද? කියලා ඔයාම හඳුනා ගන්න. එහෙම නැතුව ඔයා දරුවාව සංසන්දනය කළොත් දරුවා තුළ මානසික ආතතිය, පීඩනය ඇති වෙලා තියෙන හැකියාවත් යටපත් වෙන්න පුළුවන්.

තරවටු කරන්නේ බලාගෙන

පුංචි හිත් මල් වගේ කියලා ඔයා දන්නවානේ. ටිකක් ඇත්නම් ඇස්වල කඳුලු පුරෝ ගන්නවා. ඒ විතරක් නෙමෙයි දවස් ගානක් යනකම් ඒ දේ හොඳට මතක තියා ගන්නවා. සමාන්‍යයෙන් පොඩ්ඩෝ ටිකක් දඟයි. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමුකෝ. ඔයාගේ දරුවා නිවසේ බිත්ති පාට වලින් පාට කරනවා කියලා. ඔයා දිගින් දිගටම මේ වගේ වැඩ නතර කරන්න හිතාගෙන දරුවාට තරවටු කළොත් දරුවා තුළ වැඩි දියුණු වෙන්න තියෙන හැකියාවක් නැති වෙලාම යන්න පුළුවන්. ඉතිං ගෙදර බිත්ති ටික කැත වෙනවා නම් ඔයා ඒ වෙනුවට විකල්ප ක්‍රම ටිකක් භාවිත කරන්න.. හොඳම දේ වෙන්නේ දරුවාව නතර කරන එක නෙමෙයි. දරුවාගේ සෑම ඉරියව්වකින්ම හොඳට අධික්ෂණය කරන එක. එතකොට ඔයාටත් නොදැනීම ඔයාගේ පැටියා වැඩ්ඩෙක් වෙලා.

බාධා කරන්න එපා

පොඩි දරුවන් වැලි, මැටි, පාට ගා ගන්නවාට අම්මලා එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැනේ. ඒත් හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ මේ වගේ ක්‍රි‍යාකාරකම්වලින් ඔයාගේ පැටියා ඈත් කරන්න එපා කියලා. ඔයා හරියට මේ ක්‍රියාකාරකම් දිහා බලාගෙන හිටියොත් ඔයාගේ පැටියාගේ දක්ෂතාවන් ගොඩක් ඔයාට හඳුනා ගත හැකියි. ඉතිං පුංචි දැරුවන්ගේ සිතුවිලිවලට ඔහේ වැඩ කරන්න දෙන්න. සමාන්‍යයෙන් අපි කියන්නේ පුංචි පැටව් චිත්‍ර අඳිනකොට කුරුටු බලි අඳිනවා කියලානේ. ඔයා හරියට ඒ කුරුටු බලි දිහා බැලුවොත් ඔයාට ඒ තුළින් නිර්මාණශීලි හැකියාවක් හඳුනාගත හැකියි. ඔයා දිගින් දිගටම මේ විදිහට පොඩ්ඩගේ පොඩි පොඩි ක්‍රියාකාරකම්වලට බාධා කරාම වෙන්නේ ඔයාගේ පැටියා උදාසීන වෙන එක.

හුදෙකලා කරන්න එපා

අද ගොඩක් පැටව් ජීවත් වෙන්නේ තාප්පවලින් වටවුණු ලෝකයක. ඔවුන් දකින්නේ තාප්පයෙන් ඇතුළේ ලෝකය විතරයි. ඔයා දන්නේ නැතුවම පුංචි කාලේ ඉඳලම ඔයාගේ දරුවාගේ නිර්මාණශීලි හැකියාවන් දක්ෂතාවන් සීමාවකට කොටු වෙලා. පුළුවන් තරම් ඔයාගේ දරුවාට සමාජය දිහා බලන්න දෙන්න සීමාවක් තියාගෙන. එවිට ඔයාගේ පැටියා අර්ථවත් දෙයක් ජීවිතයට එකතු කර ගනීවී. එහෙම නැතිනම් ඔයාගේ පොඩ්ඩා ටික ටික ලොකු වෙනකොට මහා සමාජයට යන්න බයයි. දරුවාගේ හැකියාවන් වලට දක්ෂතා වලට වේදීකාවක් තිබුණත් දරුවාට පෞර්ෂත්වයක් නැති නිසා දරුවා තුළ සබකෝල ගතිය වැඩියි. අන්න ඒ නිසා පුළුවන් තරම් නිවසෙන් එපිට තියෙන ලෝකයට දරුවන්ව අරගෙන යන්න.

මිතුරු ඇසුර සීමා කරන්න එපා

ඔයාට තවමත් මතක ඇතිනේ ඔයාගේ පුංචි කාලයේ යහළුවෝ. ඉතිං අද ඉන්න දරුවන්ට යහලුවන් එක්ක ගත කරන්න තියෙන කාලය ඉතාමත් අඩුයි. මිතුරු ඇසුර අද දරුවන්ගෙන් ඈත් වෙලා. ගොඩක් පැටව්ගේ යහලුවෝ වෙන්නේ නාට්‍යවල, කාටුන්වල ඉන්න කාටුන් චරිත. ඔයාගේ දරුවාට මිතුරන් ඇසුරු කරන්න දෙන එක අයහපත් දෙයක් විදිහට දකින්න එපා. ඕනෑම දරුවෙක් තුළ විශේෂ දක්ෂතා තියෙනවා කියලා ඔයා දන්නවානේ. ඉතිං විවිධ හැකියාවන් තියෙන දරුවෝ අතරේ ඔයාගේ පැටියා ඉන්නකොට ඔයාගේ පැටියා තුළත් යම් සැගවුණු දක්ෂතාවන් හැකියාවන් තියෙනවා නම් ඒය වර්ධනය වෙන්න පුළුවන් දරුවා මිතුරු ඇසුරට යොමු කළොත්. සිමාවක් තියාගෙන තමයි ඔයා මේ හැමදේම කරන්න ඕන වෙන්නේ.

හොඳම දේ තෑගී කරන්න

සමාන්‍යයෙන් පොඩ්ඩොන්ට තෑගී දෙන්න කවුරුත් කැමතියිනේ. ඉතිං යමක් තේරෙන පොඩ්ඩෙක්ට ඔයා තෑගී දෙනකොට නිර්මාණත්මකව යමක් කළ හැකි දේවල් පමණක් තෑගී කරන්න. පාට, කොළ වර්ග, පාට පොත් සායම්, ක්ලේ, වැනි දේවල් තෑගි දෙන්න. පොඩ්ඩෝ මේවායින් අත්හදා බැලීම් කරනවා. සෙල්ලම් කාර්, සෙල්ලම් පිස්තෝල දෙනවාට වඩා ගොඩක් හොඳයි මවුත් ඕගන් එකක් වගේ සංගීත භාණ්ඩයක් දෙන්න පුළුවන් නම්.

ඇහුම්කන් දෙන්න

අද දෙමවිපියෝ කරන්නේම නැති වැඩක් තමයි මේ කරුණ. වැඩිහිටියෙක්ට විතරක් නෙමෙයි ඔයා පොඩි දරුවන්ටත් ඇහුම්කන් දෙන්න ඕන. මොකද ඔයා දරුවාට සවන් දෙන්නේ නෑ කියලා දරුවට දැනුනම දරුවා මුරණ්ඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා එක්ක අදහස් හුවමාරු කර ගන්න තියෙන අවස්ථාව කිසිම විටෙක නැති කරන්න එපා කියලයි අපි ඔයාට කියන්නේ. සමහර විට ඒ ඇහුම්කම් දීම තුළින්ම ඔයාගේ දරුවාව අනාගතයෙන් යහපත් තැනකට ගේන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1077 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:13:22 PM
Script:/article/1077/how-to-make-your-child-a-master-piece.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:13:23 PM
Script:/article/1077/how-to-make-your-child-a-master-piece.html