ඔබ කුළුඳුල් මවක් නම් පිටගැස්ම එන්නත් දෙකක් සායන වාර දෙකකදී ලබා දෙනවා

June 22, 2017
5,833
All First Time Moms Need to Hear
ඔබේ දරුවා මව්කුස තුළ නිසි පරිදි වැඩෙනවාද?

සෑම සායන දිනකම ඔබේ දරුවාගේ වැඩීම පිළිබඳ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. "ගර්භයේ උස" වශයෙන් එය ඔබේ මව් කාඞ් පතේ සටහන් තබනවා. දරුගැබට ගතවී ඇති සති ගණන හා ගර්භයේ උස අනුව දරුවාගේ වැඩීම සාමාන්‍යද නැද්ද යන බව තීරණය කරනවා.

ඔබේ දරුවා බිහිවන්නේ කවදාද?

දරු ගැබට ගතවී ඇති සති ගණන තීරණය වන්නේත්, දරුවා බිහිවන දිනය තීරණය වන්නේත්, ඔබේ මාසික ශූද්ධ වීම නතරවී ඇති කාලය අනුවයි. ඒ නිසා ඔබට අන්තිමට ශූද්ධවීම හැදුනු දිනය පිළිබඳ ගැටලුවක් ඇත්නම් හෝ මාසික ශූද්ධවීම නියමිත දිනයට සිදුනොවුනේ නම් එය සායනයට යන පළමු දිනයේම වෛද්‍යවරයාට කිව යුතුයි. එවිට ස්කෑන් පරීක්‍ෂාවකින් දරුවාගේ නියමිත වැඩීම දැනගත හැකි වෙනවා.

කුස තුළ දරුවකු පිළිසිඳ ගත් බව දැනගත් විගසම සායනයට යාමෙන් ඔබට එවැනි ගැටළුවලට නිවැරදි විසදුම් ඉක්මණින් ලබාගත හැකිවෙනවා. එමෙන්ම දරුවා පළමුවෙන්ම දඟලන දිනය සටහන් කර තබා එය ඊළඟ සායන දිනයේදී වෛද්‍යවරයාට පැවසීමෙන් දරුවාගේ වැඩීම හා දරුවා බිහිවන දිනය තීරණය කිරීම පහසු වෙනවා.

ඔබේ දරුවාත් පිටගැස්ම රෝගයෙන් ආරක්‍ෂා කීරීමට පියවර ගෙන ඇත්ද?

අලුත උපන් දරුවා පිටගැස්ම රෝගයෙන් ආරක්‍ෂා කිරීමට ඔබට පිටගැස්ම එන්නත් ලබා දෙනවා. ගර්භණි කාලයේ මුල් සති 12 ගත වු පසුවයි මෙම එන්නත් ලබා දෙන්නෙ.

ඔබ කුළුඳුල් මවක් නම් ඔබට පිට ගැස්ම එන්නත් දෙකක් සායන වාර දෙකකදී ලබාදෙනවා.

එතැන් පටන් මවගේ ශරීරයේ දරුවාට අවශ්‍ය තරම් ප්‍රතිශක්තිය තිබෙන නිසා. පස්වෙනි දරුවාගෙන් පසු ඔබ නැවත ගැබ් ගතහොත් මේ එන්නත් ලබාදීම අවශ්‍ය නැහැ.

වෛද්‍ය සාකච්ජාවක් ඇසුරිනි
සැකසුම : අනුරාධා දිලිනි ඉලංකෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 324 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:28 AM
Script:/article/324/all-first-time-moms-need-to-hear.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:29 AM
Script:/article/324/all-first-time-moms-need-to-hear.html