ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ධනවතෙකු වෙන්න ඔබ ඔබේ දිවිය වෙනස් කරගන්න හැටි

March 8, 2017
9,399
9 Rich Habits
ලොව පුරාම ඉන්න ධනවතුන් සැලකිල්ලට ගනිමින් පසුගියදා වාර්තාවක් පිටවුනා. එහි අඩංගු කරුණු ඔබට වැදගත් කියලා හිතුනු නිසා ඒ කරුණු මේ විදිහට ගොනු කරන්න හිතුනා. ඉතාමත් සාර්ථක ව්යවසායකයින් හැම කෙනෙක්ම තමන්ගේ දිනය නියමිත විදිහට සැලසුම් කරනවා. ඒ සැලසුම් ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ ඒ සැලසුම් සහගත ජීවිතය නිසාම තමන්ගේ ව්යාපාරික ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් නියම ආකාරයට ගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

ලෝකයේ පුරාම සාර්ථක ජීවිත ගත කරන අය දවස හැඩ ගස්සවාගෙන ගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට.

පෙ.ව 05.00 ට අවදි වීම

ලෝකයේ සාර්ථක හැම කෙනෙක්ම උදෑසන 6ට කලින් අනිවාර්යයෙන් නැගිටිනවලු. උදෑසනම අවදි වෙන එකෙන් දවසේ වැඩ හොඳින් කර ගන්න පුළුවන් කම ලැබෙනවා. ඉතින් උදෙන්ම අවදි වෙන එක ගොඩාක් වැදගත්.

පෙ.ව 5.30 ට ව්යායාම

උදෑසනින්ම ව්යායාම වල නිරත වෙන එකෙන් මුළු දවස පුරාම ලොකු ජවයකින් වැඩ කරන්න පුළුවන්කම ලැබෙන නිසා ලෝකය පුරාම නම් දරාපු ලොකු ලොක්කෝ හැමෝම උදෑසන ව්යායාම කරනවා. ඒකෙන් මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා.

පෙ.ව.06.00 ට භාවනා කරන්න

ආර්ථිකව උසස් තැනකට එනවා කියන්නේ මානසික ආතතිය වැඩිවෙන කාරනා ගොන්නක් එක්ක දිනපතාම වැඩ කරන්න වෙන එක. ඉතින් ඒ දේවල් වලින් මිදිලා, හොඳ මානසික ශක්තියක් ඇති කර ගන්න. තමන්ගේ පවුලේ සම්බන්ධතා මැනවින් තියා ගන්න උදෑසනින්ම භාවනා කරලා හිත සන්සුන් කරගන්න එක ගොඩාක් වැදගත්.

පෙ ව 6.30 ට කියවන්න

ෆේස් බුක් නිර්මාතෘ මාක් සකබග්, බිල් ගේට්ස් වගේ සාර්ථක ව්යාපාරිකයෝ හැමදාම දවසේ මුලින්ම කරන්නේ හොඳ පොතක් කියවන එක. ඔවුන්ගේ දැනුම වැඩි කර ගන්න. විනෝදය සඳහා නෙමෙයි, දැනුම වර්ධනය සඳහා තමයි ඔවුන් අලුත් පොත් කියවන්නේ. මේ විදිහට මාසයකට අලුත් පොත් දෙකක් වත් ඔවුන් කියවන්වලු.

පෙ ව 07.00ට උදෑසන ආහාරය

අපි දවසේ ගන්න හැම ආහාර වේලකින්ම ප්‍රධානම ආහාරය තමයි උදෑසන ආහාරය. ලෝකයේ ආර්ථික බලය තමන්ගේ අතට ගත්තු බලවත්තු හැමෝම තමන් කොයි තරම් කාර්යය බහුල වුනත් උදෑසන අහාරය මගහරින්නෙම නෑලු. සමබර උදෑසන අහාර වේල දවසේ වැඩ හරියට කරන්න හේතු වෙනවා කියලයි කියන්නේ.

පෙ ව 08.00ට වැඩ ආරම්භ කරන්න.

ප ව 01.00ට දහවල් ආහාරය

සාමාන්යයෙන් සාර්ථක හැම දෙනාම දහවල් ආහාරය නිදහසේ ගන්නවා. වැඩි වෙලාවක් ඒ සඳහා වැය කරනවා. මොකද එතකොට මනස සැහැල්ලු කරගන්න පුළුවන්කම තියෙන නිසා. දවසේ ඉතුරු වැඩ කටයුතු වෙනුවෙන් අනවශ්ය මහන්සියක්, ආතතියක් ගන්න උවමනාවක් නැහැ එතකොට.

ප ව 06.00ට කාර්යාලයෙන් පිට වෙන්න

සාර්ථක මිනිසුන් දවසින් දවස සාර්ථක වෙන්නේ ඔවුන් ජීවිතය සැලසුමකට අනුව ගත කරන නිසා. ඒ සැලසුම් කරපු දේවල් ඒ විදිහටම කරන එකට ඔවුන් බැඳිලා ඉන්නවා. ඒ නිසාම මොන වැඩේ තිබුණත්, හවස 6 වෙනකොට රාජකාරි තැනින් පිටත් වෙනවලු. මොකද ඔවුන් තමන්ගේ පවුල වෙනුවෙන් වැය කරන කාලය පොඩ්ඩක් වත් අඩු කර ගන්න අකමැති නිසා. ඔෆිස් එකේ වැඩ ඔෆිස් එකේම තියලා ගෙදර යන්නේ සැහැල්ලු මනසකින්.

ප ව 11.00ට නිදා ගන්න

නිදන කාමරයේ ඇති සියලුම විද්යුත් උපාංග ක්‍රියා විරහිත කරලා උපරිම පැය 8ක නින්දක් ලබා ගන්න මේ හැම දෙනාම කටයුතු කරනවා. මහ රෑත් ඔෆිස් ඊමේල් බලන්න යන්නේ නෑලු කවදාවත්ම. බිල් ගේට්ස් නම් හැමදාම නිදා ගන්න කලින් පැයක් විතර පොතක් කියවලාලු නිදා ගන්නේ.

මේ විදිහට තමන්ගේ දවසේ වැඩ කටයුතු සැලසුම් කරගන්න පුළුවන් නම් අපි හැමෝටම සාර්ථක පුද්ගලයෝ වෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 109 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:29:07 PM
Script:/article/109/9-rich-habits.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:29:07 PM
Script:/article/109/9-rich-habits.html