මේ ලිපිය කියෙව්වාට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම රබර් අත්වැසුම් පැළඳීමට පටන් ගනියි

August 3, 2020
6,217
You will start to wear rubber gloves after reading this
ගොඩක් කාන්තාවන් මුලුතැන්ගෙයිහි පිඟන් කෝප්ප හෝදන්නේ කිසිම අත් වැසුමක් නැතුවයි. මොකද ගොඩක් අය ඒකට පුරුදු වෙලා නෑ. නමුත් පුංචි කාලයේදී පිඟන් කෝප්ප හෝදන්න දෙමාපියන් රබර් අත්වැසුම් පැළඳ ඉන්න ආකාරය දැකපු අයට නම් ඒ පුරුද්ද ඉබේම හුරු වෙලා ඇති. ඒ නිසා ඔබ ඒ වගේ නිවැරදී පියවරක් අනුගමනය කළොත් ඔබේ දරුවන්ද අනාගතයේදී ඒකට පුරුදු වෙනවා. සමහර ගෘහණියන් අත් වැසුම් පැළඳීමේ වැදගත්කම ගැන හිතලා වත් නෑ. ඒත් ඒවා පැළඳගෙන කුස්සියේ සේදීම් ටික කරනවා නම් කොච්චර වටින වාසි ලැබෙනවාද කියලා අපි අද ඔබට කියලා දෙන්නම්. ඔබ පිඟන් කෝප්ප හෝදද්දී නිතරම රබර් අත්වැසුම් පළඳින්න ඕනේ මේ නිසායි...

1. ග්‍රහණය කර ගන්නට
ජලය, සබන් සහ සිනිඳු ද්‍රව්‍ය කියන්නේ ගැලපෙන සංයෝජනයක් නෙමෙයි. ඒ නිසයි හෝදද්දී අපේ අතින් නිතරම අහම්බෙන් වීදුරු සහ පිඟන් ඇඟිලිවලින් ලිස්සලා යන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ වෙලාවට පිඟන්, කෝප්ප බිඳෙන්න යන්නේ එක තත්ත්පරයයි. රබර් අත්වැසුම් පැළඳීමෙන් ඔබට ඒ කරදරය වළක්වා ගෙන ඒවා හොඳින් අත් දෙකට ග්‍රහණය කරගන්න පුලුවන් වෙනවා. මේවායින් ඔබට තවත් වාසියක් සහතිකවම තියනවා. ඔබේ අතින් යම් භාණ්ඩයක් බිඳෙන්න කලින් හෝ අත ඒවාට කැපෙන්න කලින් ඔබේ අත් දෙක ආරක්ෂා කරගන්න පුලුවන් වෙනවා.

2. සමට
උණුසුම් ජලය සහ සේදීම් වලට ගන්න සබන් පවා ඔබේ සමට එතරම්ම හොඳ නෑ. උණුසුම් ජලය ඔබේ දෑත් විජලනය කරන අතර සබන් වලින් ද ඔබේ අත් වලට හොඳක් නන් වෙන්නේ නෑ. ඔබේ සමට ඇත්තෙන්ම ඒ වගේ සබන් වලින් දැවිල්ලක් වුණත් ඇති වෙන්න පුලුවන්. සබන් නියපොතු අතර රැඳුනාම නිය ආසාදන පවා ඇති වෙනවා. විශේෂයෙන් ඔබට දැනටමත් තියෙන්නේ වියළි සමක් හෝ සංවේදී සමක් නම්, රබර් අත්වැසුම් භාවිතා කළොත් මේ සෑම උවදුරකින්ම ඔබේ සම ආරක්ෂා වෙනවා.

3. අපිරිසිදු දේවල් 
ඔබ අත්වැසුම් පැළඳ සිටිනවා නම් පිඟන් සෝදද්දී ඉතුරු වෙලා තියන ආහාර ඉවත් කරද්දී ඒවා අතින් ඇල්ලීමට ඔබට සිද්ධ වෙන්නේ නෑ. සෝදද්දී ඒවා ඔබේ නියපොතු යටට යන්නේත් නෑ. ඔබෙ නිය ආලේපන ආලේප කරනවාද? එහෙනම් ඔබ දිනපතා ඔබේ අත් දෙක සබන් වතුරට දමන්නේ නැති තරමට ඒවා බොහෝ කාලයක් ඔබේ ඇඟිලි මත රඳවා ගන්න පුලුවන්. ඒ වගේම සේදීම් සඳහා නිතරම උණුසුම් ජලය භාවිතා කරනවා නම් දීර්ඝ කාලීනව අත් ඒවාට නිරාවරණය වෙද්දී ඔබේ නියපොතු පැලීමට හෝ කැඩීමටද හේතු වෙනවා. 

4. උණුසුම
ඔබේ පිඟන් භාණ්ඩ නිසි ලෙස පිරිසිදු කරන්න සමහර කාන්තාවන් උණු වතුර භාවිතා කරනවා. නමුත් ඔබේ දෑත් ඒ සඳහා කිසිසේත් කැමති වෙන්නේ නෑ. මොකද ඒ හරහා ඔබේ සම වියළී යනවා විතරක් නෙමෙයි, ඔබේ සමට බොහෝ විට උණුසුම දරා ගන්නත් බැරි වෙනවා. රබර් අත්වැසුම් පළඳින්න. එතකොට උණු වතුර ඔබේ අත් වලට කරදරයක් වෙන්නෙ නෑ. මේ ආකාරයෙන් ඔබට ඔබේ කෑම පිඟන් වඩා හොඳින් හා ඉක්මනින් පිරිසිදු කරගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1742 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:58 AM
Script:/article/1742/you-will-start-to-wear-rubber-gloves-after-reading-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:58 AM
Script:/article/1742/you-will-start-to-wear-rubber-gloves-after-reading-this.html