ඔබගේ සිරුරට විටමින් අවශ්‍ය බව හඟවන සංඥා රැසක්

August 10, 2018
19,612
Signs that show your body is lack of vitamins
අද අපි ජීවත් වෙන සමාජය එදාට වඩා තරඟකාරීයි. මේ තරඟකාරී බව එක්ක ගණදෙනු කරන බොහෝ අවස්ථාවල ඔබව මග හැරෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අද නිර්මාණය වෙලා තියෙන පාරිභෝජන සමාජය තුළ ඔයාට ඔයා ගැනවත් හිතන්න කාලයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අද ජිවත් වෙන ගොඩක් දෙනෙක් කායික වශයෙන්  වගේම මානසික වශයෙන්ද පිරිහීමකට, පසුබෑමකට ලක් වෙලා. ලංකාවේ තියෙන රජයේ හෝ පෞද්ගලික රෝහලකට
ගිහින් බැලුවොත් ජනතාව අද කොතරම් නිරෝගීද කියලා තමන්ටම නිශ්චය කර ගන්න පුළුවන්.

අද ජනතාවගේන් බොහෝ පිරිසක් විටමින් ඌනතාවලින් පෙළෙන අතර විටමන් ඌනතාව රෝග රැසකට බලපාන ප්‍ර‍බල ගැටලුවක්. පෝෂදායී නොවන ආහාර රටාව නිසා බහුතර කාන්තාවක් පිරිසක් විටමින් ඌනතාවයකින් පෙළෙනවා. ගොඩක් මව්වරු තමන්ගේ පවුලේ සමාජිකයන්ට පෝෂ්‍යදායී කෑම, බීම දුන්නත් තමන් ගැන සැළකිලිමත් වෙන ප්‍ර‍මාණය ඉතාමත් අඩුයි. මේ ගැටළුවෙන් මිදෙන්න කාන්තාවන් ගොඩක් දෙනෙක් කරන්නේ විටමින් පෙති බොන එක. එය ශරීරයට එතරම් ගුණදායක දෙයක් වෙන්නේ නෑ. සිරුරට අවශ්‍ය විටමින් වර්ග සමබරව ලබා ගැනීම ඉතාමත් වැදගත්. අපි එහෙම කියන්නේ ඇයි කියලා මේ ලිපිය කියලවම බලන්නකෝ.

හිස කෙස් වැටීම

හිස කෙස් වැටීමට හේතු වෙන්නේ සිරුරේ බයෝටීන් ප්‍ර‍මාණය අවම වීමයි. මේ ගැටළුව සදහා සිරුරේ බයොටීන් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි. මේ වෙනුවෙන් ආමන්ඞ්, සෝයා ඇට, අර්තාපල්, කෙසෙල් ආහාරයට ගැනීමෙන් බයෝටීන් ‍ප්‍රමාණය වර්ධනය කරගත හැකියි.

කෙණ්ඩා පෙරළීම

ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි කෙණ්ඩා පෙරළීම. බොහෝ දෙනෙක් මෙම රෝගී තත්ත්වයට නිසි හේතු සාධක හඳුනා ගන්නේ නැහැ. නිතර නිතර ඔබේ කෙණ්ඩා පෙරළෙනවා නම් එය ඔබේ සිරුරේ තිබිය යතු කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් ආදී පෝෂක ඌනතාවක් බවට හඟවන සංඥාවක් විය හැකියි. ඇතැම් විට මෙය සිදු වෙන්නේ අධික ලෙස වෙහෙසීම හා ක්‍රී‍ඩා කිරීම නිසා සිරුරේ අඩංගු මිනරල් වර්ග දහඩිය හරහා පිටවීම නිසයි. මේ වෙනුවෙන් ධාන්‍ය වර්ග, ආමන්ඞ්, වට්ටක්කා, කෙසෙල් සහ ඇපල් වැඩිපුර ආහාරයට ලබා ගැනීමෙන් මෙයට විසඳුම් සෙවිය හැකියි.

 මුහුණේ පලු ඇති වීම

ශරීරයේ විටමින් ඌනතාවක් පවතින බවට සංඥා කරන තවත් ආකාරයක් තමයි මුහුණේ පලු ඇති විම. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ සිරුරේ බයෝටීන් හිඟතාවයක් ඇති වු විටයි. මේ ගැටළු විසඳා ගැනීමට චීස්, හතු, අර්තාපල්, තැම්බු බිත්තර, නිවිති, මල්ගෝවා ඔබ ආහාරයට වැඩියෙන් එකතු කරගත හැකියි. ස්වභාවික ආහාර
මගින් බයෝටීන් සපයා ගැනීමට අමරතව බයොටීන් අඩංගු පෝෂක අතිරේක ලබා ගැනීමෙන්ද මේ ගැටළුවට විසඳුම් සෙවිය හැකියි.

අතපය හිරි වැටීම

මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔබේ සිරුරේ B 6, B 12, B 9 සහ ෆෝලීක් අම්ලය ආදී වූ පෝෂක කොටස්වල හිඟතාවය නිසයි. සිරුරේ සෛලවලට රුධිරය මගින් සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය සීමා වීමක් මෙහිදි සිදුවිය හැකියි. බෝංචි, දොඩම්, මාළු ඇතුළු මුහුදු ආහාර සහ කුකුළු මස් ආහාරයට වැඩිපුර එකතු කර ගැනීමෙන් මෙම තත්ත්වය අවම කරගන්න පුළුවන්.

උකුල සහ අත් මතුපිට ඇති වන තඩිස්සි වීම්

අත් සහ උකුලේ තඩිස්සි වීම් වැනි පලු හට ගැනීම සිදු වෙන්නේ සිරුරේ විටමින් A හා D මෙන්ම මේද අම්ලයේ හිඟතාවය නිසයි. මේ සඳහා ඔබ වැඩිපුර සැමන්, මාලු හා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම ඉතාමත් වැදගත්. විටමින් බහුල කැරට් ආදී එළවලු ඔබේ ආහාරවේලට එකතු කර ගන්න අමතක කරන්න එපා.

ඇහේ සුදු ඉංගිරියාව කහ පැහැති වීම

මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ විටමින් B12 අඩු වු විටදීයි. මේ සදහා කුකුළු හෝ හරක් මස් පීකුදු, කිරි, සැමන්, බලමාලු සහ එළු මස් ආදීය ආහාරයට එකතු කරගත යුතුයි.

දත් ආශ්‍රිත රෝග

දත් ආශ්‍රි‍ත රෝග ඇති වීමට හේතුව වෙන්නේ විටමින් D අබු බැවින්. විටමින් D කැල්සියම් සහ පොස්පරස් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මෙම ගැටළුව විසඳාගත හැකියි. කිරි ආහාර, රතු සහල්, තක්කාලී, බෝංචි, මාලු, දොඩම් සහ මිදි වර්ග ආදීය බහුලව ආහාරයට එකතු කරගත යුතුයි.

සමේ ඇතිවන පැලීම්

ඔබට විටමින් ඌනතාවක් පවතින බවට සංඥා හඟවන තවත් එක් කරුණක් ලෙස සමේ පැලීම් ඇති විය හැකියි. මෙසේ ඇති වීමට හේතු වන්නේ විටමින් B3 , B2 සහ B12 වල හිගතාවය නිසායි. මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා කුකුළු මස්, බිත්තර, බෝංචි සහ ඇට වර්ග ආහාරයට එක් කර ගැනීම ඉතා වැදගත්. මීට අමතරව විටමින් C අඩංගු ආහාරද ලබා ගැනීමට කටයුතු කරන්න. එය සිරුරට යකඩ උරා ගැනීමට උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1010 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:26:32 PM
Script:/article/1010/signs-that-show-your-body-is-lack-of-vitamins.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:26:32 PM
Script:/article/1010/signs-that-show-your-body-is-lack-of-vitamins.html