කියවීමට ප්‍රිය කරන ගැහැණු ළමයෙකුට ආදරය කරන එක හොඳ වෙන්නේ මේ නිසායි

September 16, 2020
480
This is why you should love reading girl
පොත් කියන්නේ දැනුමට වඩා වැඩි යමක් ලබ දෙන දෙයක්. පොත් වලින් ඔබට අලුත් බලාපොරොත්තු ද ලබා දෙනවා. ඒ වගේම පොත් කියවන ගැහැණු ළමයෙක් කියන්නේ ඔබට මෙතෙක් කල් මුණ ගැහුණු වඩාත්ම බලාපොරොත්තු සහිත මිනිසා වෙන්න පුලුවන්. මොකද ඇය තමන්ගේ පරිකල්පනය සමඟ හොඳින් කටයුතු කරන අතර සාමාන්‍ය ගැහැණු ළමයි වගේ ජීවිතයට අනවශ්‍ය දේවල් වෙනුවෙන් ඇගේ සිතුවිලි නාස්ති කරන්නේ නෑ. කියවන ගැහැණු ළමයෙකුට තත්පරයකටවත් කම්මැලි නොවී ආදරය කරන්න පිරිමි ළමයිට හිතෙනවා. ඒකට හේතුව ඇය සැමවිටම අනෙකාගේ ජීවිතයේ පැවැත්මට ආස්වාදයක් ලබා දීමට සහ පුනර්ජීවනය කිරීමට සමත් වෙන නිසායි. එමෙන්ම දේවල් වෙනස් ආකාරයකින් දකින්නට පුරුදු කරවමින් අනෙකාගේ හැඟීම් සමතුලිත කර ගන්නට අලුත් ක්‍රම ඇයට කියලා දෙන්න පුලුවන්. ඉතින් පිරිමි ළමයෙක්ට පුලුවන් නම් පොත් කියවන ගෑණු ළමයෙක්ට ආදරය කරන්න, ඒක වඩා හොඳම තීරණය වෙන්නේ ඇයි කියලා අපි අද ඔබට කියලා දෙන්නම්...

සැබෑ ඕනෑකමින් පොත් කියවන ගැහැණු ළමයෙකුට හැම වෙලාවේම පරිකල්පනීය පෞරුෂයක් තියනවා. ඇය නිර්මාණශීලී වන අතර එය හොඳ ගුණාංගයක්. මොකද ඇය කිසි විටෙකත් ඇගේ නිර්භීත, නව අදහස් සමඟ ඔබව වෙහෙසට පත් කරන්නේ නෑ. ඔබ කම්මැලිව සහ අක්‍රියව සිටින කොට ඇයට පැය ගණනක් පුරා ඔබට සතුටු හිතෙන දේවල් කරන්න පුලුවන්. ඔබේ ආයතනයේ ප්‍රධානියා එක්ක ඔබේ නව නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීම සඳහා අරගල කරන්න වෙලා තියනවා නම් අනිවාර්යයෙන්ම ඇයගේ උදව් පතන්න. ඇය කියවපු දේවල් වලින් හොඳම අදහස් ඔබ වෙත ගෙන එයි.  

කියවන ගැහැණු ළමයෙක් ඔබේ යහපත වෙනුවෙන් වඩා ඉවසිලිවන්තව ක්‍රියා කරනවා. ඇය පිටු 1200 ක පොතක් නොකඩවා කියවමින් එය රස විඳිනවා නම්, ඇය අනිවාර්යයෙන්ම ඉවසිලිවන්ත ස්ත්‍රී ආත්මයක්. නිසැකවම පොතකින් මනුස්සයන්ට සිතාගත නොහැකි ආකාරයෙන් ප්‍රීති ප්‍රමෝදයක් ලබා දෙනවා වගේම ඒ සමඟම මිනිස්සුන්ගේ ඉවසීම ද ගොඩනංවනවා. ඒ නිසා ඇය කියවලා අවසන් කරන කල් පොත අතහැර දමන්නේ නෑ. කේවල් කිරීම කියන්නේ මොකක්ද කියලා ඇය දන්න නිසා ඇය සමඟ ඔබ ගනුදෙනු කිරීමේදී ඇයගේ ඉවසීම ඔබට පෙනෙන්න පටන් ගනියි ; ඒකට හොඳ හෝ නරක අවසානයක් තියනවා. නමුත් ඇයගේ ඉවසීමෙන් ඔබ ප්‍රයෝජන ගන්න පෙළඹෙන්න එපා.

පොත් කියවන ගැහැණු ළමයෙක් කියන්නේ අපූරු කතන්දරකාරියක්. ඒ, ඇය දීර්ඝ විස්තර සහිත කතන්දර පැවසීමේ කුසලතාවයෙන් පිරිලා ඉන්න නිසයි. ඔබ කවදා හරි ඇය සමඟ සංවාදයකට පැටලෙනවා නම්, ඇයගේ කතන්දර කීමේ කුසලතාවයෙන් ඔබව පුදුමයට පත් කරවයි. එතකොට ඔබේ දෑස් ඇයගෙන් ගලවා ගැනීමට ඔබට අවශ්‍ය වෙන එකක් නෑ. ඇයගේ වචන වලින් පමණක් ඇය ඔබව පුදුමයට පත් කරවන හා ජවසම්පන්න ගමනක් වෙත රැගෙන යයි. එයින් අදහස් කරන්නේ නෑ ඇය කරුණු ගොතමින් ඔබට බොරු කතන්දර කියවන බව. ඇය කරන්නේ හුදෙක් සිදුවීමක් හෝ අත්දැකීමක් වචන වලට හරවලා වැඩි උද්‍යෝගයකින් විස්තර කරන එකයි. ඇය කියන දේවල් අවංකයි. මොකද ඒ සියල්ලම ඇයට පොත්පත් වලින් සත්‍යවාදීව හා උතුම් ලෙස උගන්වලා තියනවා. ඇය ඒවා ග්‍රහණය කර ගනිමින් ස්පොන්ජ් එකක් වගේ ඒවායින් තමන්ගේ මනස පොඟවා ගන්නවා. ඒ නිසා කිසි විටෙකත් ඇගේ අඛණ්ඩතාව ගැන ප්‍රශ්න කරන්න එපා.

කියවන ගැහැණු ළමයෙක් කියන්නේ නුවණින් පහර දීමේ හා උපහාසයේ මහ මොළකාරිණියක්. ඇගේ බුද්ධිය සෑම තැනකම ඇය පසුපස ගොස් ඇය වඩාත් ප්‍රිය කරන දේවල් කරනවා. කියවන ගැහැණු ළමයෙක්ට ඉක්මන් නුවණක් ඇති අතර උපහාසාත්මක ලෙස පහර දෙන්නත් ඇය දක්ෂයි. එයට හේතුව පොත් වලින් ඇයට ඉංග්‍රීසි භාෂාව හෝ ඇය කියවන වෙනත් භාෂාවක් පිළිබඳ අවබෝධය ලබා දෙන අතර එමඟින් ඇගේ වාග් කෝෂයේ වාක්‍ය ඛණ්ඩ අර්ථවත් කරන නිසායි. ඇය ඔබට බොහෝ දේවල් කියයි. ඒවා අකුණු වලට වඩා වේගවත් වන අතර සමහර විට ඔබව බිය ගැන්වීමටත් ඉඩ තියනවා. නමුත් ඒ ගැන ඔබට නරකක් දැනෙන්න දෙන්න එපා! දක්ෂ බුද්ධිමත් ගැහැණු ළමයින් කියන්නේ ජීවිතයට සැමවිටම ප්‍රබෝධයක්! පොත්පත් වලින් දැනුම ලබා දෙන නිසා ඇය දැනුම පදනම් කර ගෙන අදහස් දැක්වීම හරිම සාමාන්‍යයි !

කියවන ගැහැණු ළමයෙක් ලෝකයේ යතාර්ථය ගැන දැක්මක් සහිතවයි ජීවත් වෙන්නේ. ඇයට සෑම දෙයක් ගැනම නැවුම් ඉදිරි දර්ශනයක් තියනවා. නැවුම් ඉදිරිදර්ශනක් නි‍ර්මාණය කරන්න පොත් විසින් විශාල වශයෙන් උපකාර කරනවා. ඒ නිසාම ඇය බුද්ධිමත් හා ඥානවන්ත උපදෙස් ලබා දීමට දක්ෂයි. ඔබට කරන්න පුලුවන් බොහෝ දේවල් පිළිබඳව සමබර මතයක් ඇය දරයි. ඒ හැරෙන්නට ඇගේ මනස එක අරමුණක තබා ගැනීමට දක්ෂ වන අතර ඒ නිසාම ඇය අත්විඳින ඕනෑම හැඟීමක් පහසුවෙන් හසුරුවගන්නත් පුලුවන්. ඔබ කවදාහරි මානසික ගැටලුවකට පත් වුණොත් ඔබට එයින් මිදෙන්නට ඇය අනිවාර්‍යෙන්ම උදව් කරයි. ඔව්... මේ සියල්ල සහ තවත් බොහෝ ගුණාංග ඒ වගේ ගැහැණු ළමයෙක්ට හිමි වෙන්නේ පොත් කියවීමෙනුයි !

ඉතින් පොත් කියවන ගැහැනු ළමයෙකුට ආදරය කරලා බලන්න. ඇගේ පොත් ඇගේ ජීවිතයේ පිටුපසින් ඉන්නවා වගේම ඇය ද සැමවිටම ඔබේ ජීවිතයේ ඕනෙම අවස්ථාවකදී ඔබේ පිටුපසින් ඉඳියි. ඇය කලබලයට පත්වන සෑම අවස්ථාවකම ඇය ඇගේම ලෝකය තුළට ගිහින් නිහඬව ඉන්න බලනවා. ඇයට යළිත් සුවයක් දැනෙනකොට, ඇය නොවරදින උද්යෝගයකින් හා ආශ්චර්යමත් ප්‍රීතියකින් ආපසු ඔබ වෙතට පැමිණෙනවා! කියවන ගැහැණු ළමයෙක් සමඟ සම්බන්ධතාවයක් පවත්වන්න ලැබුණොත් ඒ අවස්ථාව මඟ හැර ගන්න එපා. නැත්නම් ජීවිත කාලය පුරාම ඔබට විඳින්නට තිබෙන සතුට හා ආදරණීය කතන්දර ඇය සමඟම නැති වෙලා යයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   12,207
   6,321

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
See your lovers zodiac sign
   1,499
   1,127

ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි
Things Guys Notice When You First Meet
   47,277
   227

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි
Day to day protection ideas from cover 19
   2,097
   185

එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් එදිනෙදා විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන මෙසේ සටහන් වුනා..
Day to day tips for a outstanding beauty
   21,551
   179

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ

Latest Articles

Most Viwed