මේ ලක්ෂණ ළඟ තියෙනවා නම් හැම කෙනෙක්ගෙම ගෞරවාදරයට පත් වෙන්න හැම කාන්තාවකටම පුළුවන්

February 21, 2018
15,908
If you have these qualities you'll be loved and honoured by everyone
 
ආදරය, පිළිගැනීම, ගෞරවය කියන දේවල් අපිට ගොඩාක් වැදගත්. විශේෂයෙන් කාන්තාවකට. ඒ වගේම ඒ දේවල් අපි එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙනවා. මේ කියන දේවල් අපිට මොන තරම් වැදගත්ද කියන එක හොඳටම දැනෙන්න නම් ගෞරවය, ආදරය කියන දේවල් අපිට අහිමි වෙන්න ඕන. මොකද ඕනෑම දෙයක වටිනාකම දැනෙන්න නම් ඒ දේවල් අපිට අහිමි වෙන්න ඕන කියලා කතාවකුත් අහලා ඇතිනේ.

ආදරය, සෙනෙහස වගේම හැම කාන්තාවකට අනිවාර්යෙන් ගෞරවය කියන දේ අතිශය වැදගත්. තමන්ට තමන් ගැන ගෞරවයක් තියෙන්න ඕන වගේම අනිත් අයගෙන් ඔබට ලැබෙන ගෞරවාදයත්, පිලිගැනීමත් හරියට ඔබට ලැබෙන ආභරණයක් වගේ කියලා කිව්වොත් හරියටම හරි. මොකද ඒ දේවල් ඔබට තවත් වටිනාකමක් එකතු කරනවා. ඒ දේවල් වලින් අපි පුදුමාකාර මානසික තෘප්තියක් ලබනවා වගේම එයින් ඔබට තව තවත් ශතිමත් වෙන්න පුළුවන්කම ලැබෙනවා.

හැබැයි ඉතින් මේ කියන ගෞරවය ඔබට නිකන්ම ලබා ගන්න බැහැ. ඒ සඳහා කාන්තාවක් විදියට ඔබ තුළ අනිවාර්යෙන් වර්ධනය කර ගත යුතු ලක්ෂණ කිහිපයක්ම තියෙනවා.

මේක තමයි අංක එක. ඔබ අනිත් අයගෙන් ඔබ කෙරේ ගෞරවය, ආදරය බලාපොරොත්තු වෙන්න කලින් ඔබ අනිත් අයට ගෞරව කල යුතයි. ආදරය කල යුතුයි. එකිනෙකාගේ වටිනාකම් හඳුනා ගත යුතුයි. එහෙම නැතිව කවදාවත් තව කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. තව තව කෙනෙක්ව විවේචනය කරලා, අපහාස කරලා, හෑල්ලුවට ලක් කරලා ඔබට ලැබිය යුතු ගෞරවය, පිලි ගැනීම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කෙනෙක්ට ලබන්නේ ඒ වගේම ප්‍රතිචාර තමයි.

තවත් දෙයක් තමයි හැසිරීම. ඔයාගේ හැසිරීමෙන්, කතා බහෙන්, අඳින පළඳින විදිහෙන් ඔයාගේ චරිතය මොන වගේද කියලා අනිත් අයට මැන ගන්න පුළුවන්. ඒ නිසා කාන්තාවක් විදිහට ඔබගේ ආත්ම ගරුත්වය රැකෙන විදිහට කටයුතු කරන්න සිහි තබා ගන්න. ඔබගේ ප්‍රතිරූපයට හානි වෙන දේවල් වලින් ඈත් වෙන්න. එහෙම නැති වුනොත් අනිත් අයගේ ගෞරවාදරය දිනා ගන්නවා වෙනුවට ඔබට ලැබෙන්නේ ගල්, මුල් ප්‍රහාර තමයි. කාන්තාවකගේ මනා හැසිරීම මොන තරම් නම් වැදගත්ද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන වෙන්නේ නැහැනේ.

වගකීම් සහගත බව කාන්තාවකට අත්‍යාවශ්‍යයි. ඔයා කරන කියන දේවල් ගැන වගකීමක් ඇතුව වැඩ කරන කෙනෙක් වීම ඔයාගේ ප්‍රතිරූපය වැඩි කරන්න හේතු වෙනවා. එයින් ඔබ වටා ඉන්න අයට ඔබ ගැන විශ්වසනීයත්වයක් ඇති වෙනවා. ඔබ, ඔබ කරන වැරදි වෙන අය පිට පටවන්න දක්ෂයෙක් නම් කිසිම කෙනෙක් ඔබට ළං වෙන්නේ නැහැ. එහෙම වුනොත් අනිත් අය අතරේ ඔබ කැපී පෙනෙන්නේ හොඳ පුද්ගලයෙක් විදිහට නෙවෙයි.

නිවසේ හා ඉන් පිටත් ඔබ ඇසුරු කරන අයට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න. පවුල, රැකියා ස්ථානය, හිතමිතුරන් ආදී සියල්ලන්ටම ඔබ කෙරේ විශ්වාසයක් ඇති වෙන විදියට වැඩ කටයුතු කරන්න. විශ්වාසය කියන්නේ කිසිම වෙලාවක ඉල්ලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය දිනා ගත යුතු දෙයක්. ඒ වගේම නැති කර ගත්තොත් ආපහු ඇති කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. විශ්වාස කරන්න බැරි කෙනෙක්ට කවුද ගෞරව කරන්නේ? ඒ වගේ අය ගැන අපේ හිතේ ඇති වෙන්නේ අප්‍රසාදයක් විතරයි.

තවත් කෙනෙක්ගේ දුක, වේදනාව හැගීම් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා නම් ඔබ ඇත්තටම අනිත් අයට වඩා සුවිශේෂී කෙනෙක්. මොකද ඒ ගුණය හැමෝම ළඟ නැහැ. මෙම ගතිගුණය අනිත් අයව ඔබ වෙත ආකර්ශනය වීමට වඩාත් හේතුවනවා. මොකද අඩුම තරම අනිත් කෙනා කියන්නේ මොකද්ද කියලා වත් තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක තව කෙනෙක් කිසිම දෙයක් ගැන කතා කරන්න, බෙදා හදා ගන්න හිතන්නේ නැහැ. ඒ වගේම එහෙම කෙන්ක්ට අපි හැමෝම ආදරය කරනවා, ගෞරව කරනවා. එහෙම කෙනෙක්ට අනිත් අය අතරේ ඉහළ පිළිගැනීමක් ලැබෙනවා.

ඉතින් මෙන්න මේ කියන දේවල් ඔබ ළඟත් වර්ධනය කර ගන්නවා නම් කාන්තාවකට ලැබිය යුතු ගෞරවය, පිළිගැනීම, තත්ත්වය ඔය කියන දේවල් ලබා ගන්න අමුතුවෙන් සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ වටිනාකම් ඔප් නංවා ගැනීමයි කල යුත්තේ. මේ ලක්ෂණ ළඟ තියෙනවා නම් හැම කෙනෙක්ගෙම ගෞරවාදරයට පත් වෙන්න හැම කාන්තාවකටම පුළුවන්.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 668 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:53 AM
Script:/article/668/if-you-have-these-qualities-youll-be-loved-and-honoured-by-everyone.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:54 AM
Script:/article/668/if-you-have-these-qualities-youll-be-loved-and-honoured-by-everyone.html