මහෝගනී ප්‍රවණතාවය සමඟ ආපු අලුත්ම හිසකෙස් වර්ණ රැසක් ගැන මීට කලින් ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කළා. ඊට පස්සේ එන ප්‍රශ්නය වර්ණ කරපු හිසකෙස් රැකබලා ගන්නේ කොහොමද කියන එකයි. ඔබගේ සිහින වල තිබුණු හිසකෙස් වර්ණය ලබාගත්තාට පස්සේ ඔබේ කෙස් කළඹේ සුන්දර, අලුත් පැහැය පවත්වා ගන්නේ කොහොමද කියලා ඔබත් කල්පනා කරනවා වෙන්න පුලුවන්. ඔබේ කොණ්ඩය සඳහා යොදන නිවැරදි හිසකෙස් රැකවරණයන් සහ කොණ්ඩා මෝස්තරය සමඟින්, ඔබේ පෙනුම වඩාත් හොඳින් තබා ගන්න පුලුවන්. එහිදී ඔබේ දින චර්යාවට එකතු කර ගන්න සුදුසු උපදෙස් හතරක් මෙන්න...
# 1: ෂැම්පූ කරන සිස්ටම් එක මාරු කරන්න
ඔබේ සාමාන්‍ය ෂැම්පූ සහ කන්ඩිෂනර් වලින් සමුගන්න. ඒ වෙනුවට වර්ණ ගැන්වූ හිසකෙස් සඳහාම වෙන් වූ ශැම්පූ සහ කන්ඩිශනර් නිෂ්පාදන වෙතට මාරු වෙන්න. වර්ණ ගැන්වූ හිසකෙස් සඳහාම නිම වුණු නිෂ්පාදන භාවිතා කරද්දී, එහි ඔබේ කෙස් කළඹ පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරන, හිසකෙස් වල වර්ණය මැකී යාමෙන් ආරක්ෂා කරන අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මිලදී ගන්න. ඒ හරහා වර්ණ ගැන්වූ හිසකෙස් දීප්තිමත් විදිහට තබා ගන්න පුලුවන්.
# 2: Hair Mask එකක් දමන්න
සෑම කෙනෙක්ගේම ජීවිතයට විටින් විට කායිකව සහ මානසිකව අමතර සැලකිල්ලක් අවශ්‍ය වෙනවා. ඔබේ හිසකෙස් සඳහාද ඒ සැළකිල්ලක් දෙන්න. ඔබේ දෛනික කටයුතු අතරතුරේදී Hair Mask එකක් දාන්න. එයින් ඔබේ කෙස් වඩාත් හොඳින් පෙනෙන ආකාරයට සහ ඔබට දැනෙන ලෙස තබා ගන්න පුලුවන්. මීට අමතරව හිස කෙස් වල වර්ණය අළුත්වැඩියා කරන සහ ආරක්ෂා කරන හෙයාර් බාම් නිෂ්පාදනයකින් ඔබේ කෙස් වලට සැලෝන් එකකින් ලබා දෙන නැවුම්, සේද වන් පෙනුමක් ලබා ගන්න පුලුවන්. හැකි සෑම විටම ඔබේ සාමාන්‍ය කන්ඩිෂනර් එකෙන් මිදිලා සතියට එක් වරක් හෝ දෙවරක් ඔබේ හිසකෙස් වලට ගැලපෙන Hair Mask එකක් දාන්න.
# 3: බ්ලෝ ඩ්‍රයි/ අයන් විලාසිතා සඳහා විකල්ප
හිසකෙස් වලට තාපය එක් කරන heat tools නිතරම භාවිතා කරන එක නවත්වන්න. දිනපතා බ්ලෝ ඩ්‍රයර් එක හෝ අයන් එක සමඟ ඔබේ හිස කෙස් වලට තාපය යොදනවාට වඩා, ඒවා භාවිතා කරන්න අවශ්‍ය නොවන කොණ්ඩා මෝස්තර එක්ක කෙස් වලට පොඩි විවේකයක් ලබා දෙන්න. අලංකාර කර්ල්ස් විලාසිතාවක් කොණ්ඩයට දාන්න ඕනේ වුනාම හෙයාර් මූස් එකක් ගන්න. ඔබ කරන්න ඕනේ බිත්තරයක ප්‍රමාණයට මූස් ටිකක් අතට අරන් ඔබේ කොණ්ඩයට ආලේප කරමින් කැරළි වලට කොණ්ඩය කොටස් කර ගන්න එකයි. ඊට පස්සේ scrunch කරන්න. අවසානයේදී ස්වාභාවික වාතයට වියළෙන්න ඉඩ දෙන්න. ඔබට ඕනෑම වේලාවක දී මේ විදිහට කොණ්ඩය කර්ල් කරගන්න පුලුවන්.
# 4: සෑම විටම HEAT PROTECTANT (උණුසුමෙන් ආරක්ෂා කරන දේවල්) භාවිතා කරන්න
සමහර කොණ්ඩා මෝස්තර වලට තාප මෙවලම් අවශ්‍ය වෙන බව ප්‍රතික්ෂේප කරන්න බෑ. කෙසේ වෙතත් එයින් අදහස් කරන්නේ ඔබ ඔබේ හිසකෙස් තාපයෙන් ආරක්ෂා නොකළ යුතු බව නෙමෙයි. ඔබ කොණ්ඩා මෝස්තර මෙවලම් භාවිතා කරන්න කලින් Heatspray වගේ ඔබේ කොණ්ඩය තාපයෙන් ආරක්ෂා කරන නිෂ්පාදනයක් භාවිතා කරන්න මතක තියා ගන්න.