අවශ්‍ය අමුද්‍රව්‍ය :
පිරිසිදු කරගත් කොහිල අල 04 ක් පමණ
රතු ළුණු ගෙඩි කිහිපයක්
අමුමිරිස් කරල් කිහිපයක්
උම්බලකඩ
කරපිංචා
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
කහ අවශ්‍ය ප්‍රමාණයට
පාන්පිටි මේස හැදි 05 ක් පමණ
කරඳමුංගු ස්වල්පයක්
වඩේ බැද ගැනීමට පොල් තෙල්
කඩල පිටි ස්වල්පයක්
සාදන ආකාරය :
01. කොහිල අලවලට ලුණු සහ කහ මිශ්‍ර කරලා හොඳින් තම්බා ගන්න.
02. තම්බාගත් කොහිල අල හීනිවට ලියා ගන්න. එහෙම නැති නම් ඔයාට බ්ලෙන්ඩර් කිරීම මගින් කුඩා කැබලිවලට කොහිල අල වෙන් කර ගන්න පුළුවන්.
03. දැන් ළුණු, අමු මිරිස්, කරපිංචා, තලාගත් කරදමුංගු, ලුණු, ගම්මිරිස්, උම්බලකඩ, කඩල පිටි හා පාන් පිටි දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
03. මේ විදිහට සකස් කරගත්ත මිශ්‍රණයෙන් පැතිලි ස්වරූපයට කොහිල වඩේ සකස් කර ගන්න. පසුව ගැඹුරු තෙලේ බැද ගන්න.