සාර්ථක නායිකාවක් ළඟ මේ දේවල් අනිවාර්යෙන් තිබිය යුතුයි

March 6, 2018
7,337
Facts to be a successful leading woman
 
ධනාත්මකව හිතන පතන කාන්තාවන්ට වැදගත්වෙන දේවල් වගේම කාන්තාවන්ගේ සාර්ථකත්වයට අවශ්‍ය කරන නිවරදි මාර්ගයන් පෙන්වන එක අපි හැමදාමත් කරනවා. හැම කාන්තාවක්ම විටින් විට විවිධ භුම්කාවන් තුල කටුතු කරනවා. වෙලාවකට මවක්, දියණියක්, සහෝදරියක්, මිතුරියක් වගේම වෙලාවකට ගුරුවරියක්, ඒ වගේම ඔබ තවත් වෙලාවකට නායිකාවක් වෙනවා. ඒ කාටද? කොහොමද? කොතනදීද කියන එක නෙවෙයි වැදගත්. සාර්ථක නායිකාවක් වෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ

වෘත්තීය ජීවිතය තුලදී වගේම පවුල් ජීවිතය තුළදීත් ඔබ තුල වර්ධනය කර ගත යුතු නායකත්ව ගුණාංග බොහොමයක් තියෙනවා. මේ දේවල් ටිකෙන් ටික ඔබ තුල වර්ධනය කර ගනිමින් ඔබේ සාර්ථකත්වය ළඟා කර ගන්න. මොකද කාන්තාව කියන්නේ තවදුරටත් දුර්වල චරිතයක් නෙවෙයි. අද වන විට ලෝකය පුරා කාන්තාවන් පිරිමින් සමඟ හරි හරියට සාර්ථකත්වය හඹා යනවා. ඒ ගමනේදී ඔබට ශක්තියක් වෙන්න මේ දේවල් වලට පුළුවන්.

හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්න. සන්නිවේදනය දුර්වල වුනොත් අපිට එකිනෙකා සමඟ සාර්ථක සම්බන්ධතාවක් ගොඩ ගනා ගන්න බැරිව යනවා.

හොඳ ජාලගත සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමත් සාර්ථක කාන්තාවකගේ වැදගත් ලක්ෂණයක්. පවුල තුලත්, රැකියා ස්ථානයේත් එහෙමත් නැත්තන් ඔබේම ව්‍යාපාරික කටයුත්තකදී කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කටයුතු සාර්ථක වෙන්නේ එකිනෙකා අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගෙන ගියොත් විතරයි.

නිවස තුලත්, වෘත්තීය පරිසරය තුලත් ඔබට නිදහසේ වැඩ කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගා ගන්න.අපි අහල තියනවා සාර්ථක වෘත්තීය තත්ත්වයකට වගේම පවුල් ජිවිතයක් ඇතුළු හැම කාර්යකදීම නිවැරදි ගැලපීම් ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ඔබට ඔබේ අරමුණු හඹා යාමට හැකි වන පරිදි හිතකර පරිසරයක් අදාළ ස්ථානයන් වල ගොඩ නගා ගන්න. නිදහසේ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්න.

හැමදේකටම වඩා ඔබේ හැකියාවන්, දක්ෂතාවයන් හා රුචිකත්වයන්ට මුලිකත්වය ලබා දෙන්න. ඒ දේවල් එක්ක සාර්ථක හා දිගු කාලින ගමනක් යන්න ඔබට පුළුවන් වෙනවා. නායිකාවක් වුනාම ඔබේ දක්ෂතාවයන් ගැන වගේම ඔබ එක්ක කටයුතු කරන අනෙක් පාර්ශවයන්ගේත් රුචිකත්වයන්ටත් අවදානය දෙන්න. ඒ දේවල් ගැනත් සංවේදී වෙන්න.

වෙලාවට වැඩ කරන්න. අපිට ගොඩක් වෙලාවට මදි වෙන දේත් මේක තමයි. ඒ කොහොම වුනත් වෙලාවට වැඩ නැත්තන් ඔබ නායිකාවක් වුනත් සාර්ථක නායිකාවක් වෙන්නේ නැහැ. කාල කළමනාකරණය ගැන වැඩි අවදානයක් දෙන්න. අද කරන්න තියෙන වැඩේ තව දවසකින් දෙකකින් කරන්න වෙන විදියට වැඩ එකතු කර ගන්න එක, වැඩ කල් දාන එක නම් එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ නිසා කාල කළමනාකරණය කර ගන්න.

ඔබ එක්ක වැඩ කරන අනිත් අය ගැනත් වැඩි අවදානයක් දිය යුතුමයි. වෘත්තීය ජීවිතයේදී වගේම පවුල් ජීවිතය තුළත් ඒ අවදානය එක වගේම ලබා දිය යුතුයි. ඔවුන්ගේ අවශ්‍යතාවන් ගැන සංවේදී වෙන්න. සොයා බලන්න, අවශ්‍යතා සම්පුර්ණ කර දීමට අවශ්‍ය පියවර ගන්න. එහෙම නොවුනොත් ඔබ හොඳ නායිකාවක් වෙන්නේ නැහැ.

මේක තමයි වැදගත්ම දේ. ඉතිරියත් එක්ක ඉදිරිය පැහැදිලි කර ගන්න. හැම වෙලාවකම ඉතිරිය කියන හොඳ පුරුද්ද නායිකාවක් තුල පැවතිය යුතුයි. ඉතිරිය කියන්නේ මුදල්ම විතරක් නෙවෙයි. හැම දෙයක්ම. හැබැයි එයින් වැඩි අවදානයක් මුල්‍යමය පැත්තටත් යොමු කරන්න. මොකද නායිකාවක් තුල ඉතා හොඳ මුල්‍ය කළමනාකරණයක් පැවතිය යුතුයි. ඉතුරුවකින් වෙන්නේ ඔබ ලොකු මුදලක හිමිකාරයෙක් වෙන එක විතරක් නෙවෙයි. එයින් ඔබේ අනාගතය සුරක්ෂිත වෙනවා. ඔබ යටතේ කටයුතු කරන අයගේ අනාගතය සුරක්ෂිත වෙනවා. ඔබට ශක්තිමත්ව තීරණ වලට එළඹීමට හැකි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඉතිරි කිරීමේ හොඳ පුරුද්ද ඔබ තුලත් ඇති කර ගන්න. ඒ විතරක් නෙවෙයි එකට සුදුසුම තැන තෝරා ගන්න. NDB "අරලිය" කියන්නේ ඔබ වැනි කාන්තාවන්ට ශක්තියක් වෙන ඔබේම ඉතුරුම් ගිණුමයි. මොකද ඔබේ සාර්ථකත්වය පිටුපස ඇය හුස්ම සේ හැමදාමත් රැඳෙනවා.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 689 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:21 AM
Script:/article/689/facts-to-be-a-successful-leading-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:21 AM
Script:/article/689/facts-to-be-a-successful-leading-woman.html