ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

October 23, 2018
57,436
Indoor plants that cleans air inside your house
නගර ආශ්‍රිතව ජීවත් වෙන කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි වායු දූෂණය. මෝටර් රථ වලින් පිට වන දුම් වලින් හෘදවාහිණී වල සංකූලතා ඇති කරනවා. ඒත් ඔබ දන්නාවද නිවෙස තුලත් අපිට අහිතකර වායූන් නිපදවෙන බව? නිවසේ කාර්යාලයේ ඇති ගෘහභාණ්ඩ වලින් පිටවන ෆෝමැල්ඩිහයිඩ් වාෂ්ප, ලිපෙන් පිටවන නිට්‍රිජන් ඔක්සයිඩ් කියන වායු වලින් දිනපතා අපේ සෞඛ්‍යයට කරන හානිය පොඩි දෙයක් නම් නෙවෙයි. ඉතින් මේකට හැමදාටම හරියන විසඳුමක් නම් අත්‍යවශ්‍යයි.

ඔබ දන්නවාද නිවෙස තුල වවන පැල වලින් වාතයේ තියෙන කාබන්ඩ්යොක්සයිඩ්, ෆෝමැල්ඩිහයිඩ් වැනි නිරන්තරයෙන් නිවෙස තුල රැඳෙන වායූන් අවෂෝශනය කර, ශාක වලින් නිපදවන ඔක්සිජන් මගින් ඔබට හිතකර වාතාශ්‍රයක් ලබා දෙන බව. මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ.

රබර් පැල









වාතයේ ගුණාත්මක බවට රබර් පැලය ලොකු උදව්වක් කරනවා. එහි ඇති ලොකු පත්‍ර වලින් ඉහල ඔක්සිජන් ප්‍රමාණයක් මුදා හරින අතර වාතයේ ඇති ඉහත කියූ අහිතකර වායූන් උරා ගන්නවා.

ඇන්තූරියම්









අවුරුද්දේ දවස් 365න් 300ක් ම පමණ මලින් පිරෙන මේ අලංකාර පැලය වාතයේ ඇති ෆෝමැල්ඩිහයිඩ්, ඇමෝනියා, ටොලුයීන්, සයිලීන් වැනි අහිතකර වායූන් උරා ගන්නවා.

ස්නේක් ප්ලාන්ට්









ෆෝමැල්ඩිහයිඩ්, සයිලීන් වැනි අහිතකර වායූන් බොහොමයක් අපේ නිවසෙහි ඇති වාතයෙන් ඉවත් කරනවා. මෙය නඩත්තු කරන්න ඔයාට කරදර වෙන්නම ඔනෙ නැති පැලෑටියක්.

ගොල්ඩන් පොතෝස් (ඩෙවිල්ස් අයිවි)









වැල් ආකරයට වැවෙන හාට් හැඩයේ කොල ඇති මේ පැලය ගෙතුල වාතය පිරිසිදු කරන නොම්මර එකේ පැලෑටියක්.

පීස් ලිලී









අවුරුද්ද පුරාම මල් පිපෙන මේ පැලෑටිය අඳුරු ස්ථානක උනත් කරදරක් නැතුව වැවෙනවා. මේ පැලයෙන් වාතයේ ඇති ඇමෝනියා, ෆෝමැල්ඩිහයිඩ් වැනි අහිතකර වායූන් ඉවත් කරන්වා.

ඩ්‍රසීනා









විවිධ පත්‍ර හැඩ වලින් යුතු මේ පැල නිවෙස් අලංකරනයට බෙහෙවින් යොදා ගන්න පැල වර්ගයක්. වාතයේ අහිතකර වායූන් බොහොමයක් නැති කරන මේ පැලය ඇති පෝච්චියේ පස නිතර තෙත්ව තියන්න අමතක කරන්න එපා (මඩ වෙන්න දෙන්න එපා).

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1136 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:58:23 AM
Script:/article/1136/indoor-plants-that-cleans-air-inside-your-house.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:58:23 AM
Script:/article/1136/indoor-plants-that-cleans-air-inside-your-house.html