තනිකඩ ගැහැණු ළමයෙක් අනිවාර්‍යෙන්ම හදාගත යුතු අලුත් අවුරුදු ඉලක්ක 07ක්

January 6, 2021
3,571
New year targets for a single girls
අළුත් අවුරුද්දක් කියන්නේ ඔබ දිනය ලියන ආකාරය වෙනස් කිරීම පමණක් නෙමෙයි. අවුරුද්දක් වෙනස් වෙද්දී අපිට බොහෝ අවස්ථාවන් ගෙන එනවා.

වසරේ වෙනත් ඕනෑම දිනයකට වඩා ජනවාරි 1 න් පස්සේ නව ආරම්භයක් ලබා ගැනීම ඕනෙම කෙනෙකුට පහසුයි. පැරණි හැසිරීම් වලින් මිදීමට සහ ඔබට වඩා ප්‍රයෝජනවත් අලුත් පුරුදු හදාගෙන ජීවිතය ආරම්භ කිරීමට පුලුවන් වීම වසර අවසානයේදී ඔබටම ලොකු සතුටක් වෙයි. ඔබට ඔබේ ආත්ම විශ්වාසය ගැන දැනෙනවා නම්, ඔබ එයින් ප්‍රයෝජන ගනිමින් අලුත් විදිහේ අවුරුදු යෝජනාවන් ටිකක් ඔබටම පිළිගන්වන්න.

අනෙක් හැමෝම කරනවා වගේ මේ යෝජනා ඔබට ද කරන්න පුළුවන් : බර අඩු කර ගන්න, වඩාත් හොඳ කෑම කන්න, වැඩිපුර ව්‍යායාම් වලට යන්න, එලාර්ම් එකේ snooze බොත්තම එබීම නවත්වන්න, දුම් පානය නතර කරන්න, මධ්‍යසාර පානය අඩු කරන්න ආදී ඕනෙම එකක්. ඒත් ඔබට ටිකක් වෙනස් දේවල් ද මේ වසරේදී කරන්න හිතාගන්න පුලුවන්.

විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ තනිකඩව සිටින තරුණියන් ගැන නිසා, ඔබත් එහෙම කෙනෙක් නම්, ඔබ පෙම්වතෙක් මුණගැසීමට යන්නේ කවදාදැයි කල්පනා කර කර ඉන්න එක මේ වසරේදී නවත්වන්න ඕනේ. ඒ වෙනුවට ඔබ වඩා හොඳ, සන්තෝෂයෙන් ජීවත් වෙන තරුණියක් බවට පත් වෙන දේවල් කිරීමට පටන් ගන්න. ඒ අතරතුර ඔබේ සිහින වල හිටපු පෙම්වතා ඔබ යන මඟට ආවොත්? සුහදව පිළිගන්න.

සියලුම තනිකඩ කාන්තාවන් මෙම ජනවාරි මාසයේදී කළ යුතු අලුත් අවුරුදු යෝජනා 07 ක් මෙන්න.

1. මම යන සෑම තැනකම කෙනෙක්ව සෙවීම නවත්වනවා
ඔබ පිටතට ගිහින් ඔබේ යහළුවන් මුණගැසීම්, ආහාර ගැනීමට යෑම ආදී ඕනෑම දෙයක් භුක්ති විඳීමට වඩා වැඩි කාලයක් අලුත් අත්දැකීමක් ලබා ගන්න ගත කරන්න පුලුවන් නම්, ඔබ අනිත් කාරණා ගැන හිතන එක නවත්වන වසර බවට මේ වසර පත් කරගනීවි.

ආත්මීය මිතුරෙක් හෝ සහකරුවෙක් සෙවීම සඳහා ඔබ ගන්නා සියලු උත්සාහයන් කිසි විටෙකත් ඔබව සතුටට පත් කරන එකක් නම් නෑ. ඒ හරහා ඔබව පහතට ඇද දමන්න පුලුවන්. බොහෝ විට අවසානයේදී එම සිතුවිල්ල ඔබව පිස්සු වට්ටයි. ඒ වෙනුවට මේ වසරේදී ඔබට ඔබේම සතුට හොයාගන්න පුලුවන් ක්‍රම ගැන අවධානය යොමු කරන්න.

2. මම තවත් "ඔව්" යැයි කියනවා
අපි යෝජනා කරන්නේ නැහැ ඔබ ඔබේ ආදරය සම්බන්ධයෙන් දරන ප්‍රමිතීන් සියල්ලම ඉවත දමා සෑම තරුණයෙක්ටම අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. ආදරයේදී ඔබේ සීමා මායිම් තවමත් වැදගත් වන අතර නිවැරදි සම්බන්ධතාවයක් සොයා ගැනීමට නම් ඔබට අවශ්‍ය දේවල් ගැන අනෙකා දැන ගැනීම ද අත්‍යවශ්‍ය වෙනවා.

නමුත් ඔබ ඔබේ මනස ටිකක් විවෘත කරලා හිතන්න උත්සහ කරන්න. ඔබත් එක්ක මීට පෙර සිටි අයගේ වැරදි ගැන ඔලුවේ තියාගෙන දැන් අලුතෙන් ඔබට කැමැත්තෙන් සිටින පුද්ගලයාව ආශ්‍රය කරන්න එපා.

ඔහු ඔබේ ප්‍රමිති බොහොමයකට සුදුසු නමුත් ඒ සියල්ලටම සුදුසු කෙනෙක් නොවුණත්, ඔහුට අවස්ථාවක් දීලා බලන්න. මොකක් වෙයිද කියලා ඔබ දන්නේ නැ තමයි. ඒ නිසා ඔබේ සීමා මායිම් පන්නන්නේ නැතුව අවස්ථාවක් දෙන්න. මෙම රීතිය ආදරය සඳහා පමණක් අදාළ කරගන්න එපා - එය පොදුවේ ඔබේ ජීවිතයට ද අදාළ වෙන්න ඕනේ.

3. මම අතීතය අත්හරිනවා
ඔබේ අසහනකාරී සබඳතා වල බිඳවැටීම් සහ හිටපු දරුණු පෙම්වතුන්ව තවමත් ඔබ මනසින් අල්ලාගෙන නම් ඉන්නේ, ඔවුන්ට සදහටම යාමට ඉඩ දෙන වර්ෂය බවට 2021 පත් කරන්න. එම ගමන් මලු ඔබ සමඟ රැගෙන යාමට හේතුවක් දැන් තියාගන්න එපා. අතීතය තදින් අල්ලා ගත්තොත් ඔබේ ජීවිතය සමඟ ඉදිරියට යාම දුෂ්කර වෙනවා. ඒ අතර ඔබවම එයින් විනාශ කරගන්න ඕනේ නෑ.

ඒ අතීතය වසා දැමීම සඳහා ඔබ කළ යුතු ඕනෑම දෙයක් කරන්න. ඔහුට ලිපියක් ලියා අවසන් කිරීම, එම පුද්ගලයාව ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වලින් මකා දැමීම හෝ ඔහු අමතා අවසන් වරට කියන්න ඕනේ සියල්ල කියලා ඉවර කිරීම ආදී ඕනෙම දෙයක් කරලා ඒක අවසන් කරන්න. ඔබේ ජීවිතයේ දේවල් නිවැරදි කරන්න. එතකොට ඔබේ උරහිස් වලින් අනවශ්‍ය බරක් ඔසවගෙන ඉන්න බවක් ඔබට දැනෙන්නේ නෑ.

4. මම නව මිතුරන් ඇති කර ගන්නවා
ඔබ තනිකඩයි, එයින් අදහස් කරන්නේ ඔබේ සුඛෝපභෝගී ස්වාධීන ජීවිතය කිසිවෙකුත් පාලනය නොකරන බවයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අළුත් මිතුරන් අසුරු කරන්න. එවිට ඒ මිතුරන්ගේ මිතුරන්වත් ඔබට දැන හැඳින ගැනීමට අවස්ථාව තියෙනවා.

ආදර සබඳතා පවත්වන ඔබේ මිතුරන්ට වඩා ඔබ වගේම තනිකඩ මිතුරන්ට සමීප වීම ඔබට පහසුවක් වෙයි. ඔබ කිසිසේත් අලුත් දේවල් කියලා දෙන පුද්ගලයින්ව ඔබගේ ජීවිතයෙන් ඉවත් කරන්න එපා. හැබැ‍යි මේ සියල්ලම කරන්න ඕනේ ඔබට ඔවුන්ගෙන් යහපත් බලපෑමක් හෝ යහපත් දේවල් ලැබෙනවා නම් විතරයි.

5. මගේ යහපත උදෙසා අවධානය යොමු කරනවා
ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, ඒක ඇත්තටම ඔබට අවශ්‍ය නිසා කරන්න - එහෙම නැතුව ඒක කරන්න ඕනේ නෑ. බාහිර පුද්ගලයින් ඔබට වැඩි කැමැත්තක් දක්වයි කියලා ඔබ ඒක කරන්න එපා. ඔබට අලුත් විනෝදාංශයක් ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, ඔබ කැමති දෙයක් ඉගෙන ගන්න - ඒත් ඒක ඔබට සමාජයෙන් අවධානයක් ලැබෙයි කියලා සිතමින් කරන දෙයක් නොවිය යුතුයි.

ඔබ වෙනුවෙන් පමණක් දේවල් කරන්න, වෙන අය වෙනුවෙන් සීමා රහිතව දේවල් කරන්න ඕනේ නැ. මෙහිදී ඔබ ටිකක් ආත්මාර්ථකාමී වෙන්න! සමහර වෙලාවට ජීවිතයට ඒ වගේ තීරණ අවශ්‍යයි.

6. මම බොහෝ විට අලුත් දේවල් උත්සාහ කරනවා
ඔබව වඩා හොඳ පුද්ගලයෙක් කර ගැනීමේ කොටසක් වන්නේ නව අත්දැකීම් වලට ඔබව හඳුන්වා දීමයි. පොදුවේ ජීවිතයට "ඔව්" යැයි කීමට පටන් ගන්න ඕනේ කියලා අපි ඔබට කිව්වා මතකද? අපි මෙතනදීත් අදහස් කළේ ඒකයි.

ඔබ මීට පෙර කවදාවත් නොසිතූ දේවල් කරන වසර මේ 2021 කර ගන්න. අළුත් දෙයක් උත්සාහ කරන්න, ඔබ කවදාවත් නොගියපු තැනකට යන්න. ඔබ ඒවාට කැමතිද නැද්ද යන්න ගැන ඔබට සැකයක් තිබුණත් දේවල් කරන්න. මොකද අවසානයේදී ඔබට පුදුමයට පත් වෙන්න පුලුවන්.

7. මම තනිවම පිටතට යාමට බිය වීම නවත්වනවා
පෙම්වතෙකු හෝ මිතුරෙකු නොමැතිව තනියම ලෝකය ඉදිරියට ගිහින්, තනිවම දේවල් කිරීමට බොහෝ කාන්තාවන් බිය වෙනවා. ඒ වෙනුවට මේ අලුත් වසර තුළ, "ඔබ ඔබටම ආදරය කිරීම" ආරම්භ කරන්න.

ඔබට අලුත් චිත්‍රපටයක් බැලීමට අවශ්‍ය නම් ඔබට මිලදී ගන්න පුලුවන් විශාලතම පොප්කෝන් එකත් එක්ක ඒ ගමන තනිවම යන්න. ඔබට අලුත් අවන්හලක ආහාර අත්හදා බැලීමට ආසයි නමුත් ඔබේ මිතුරන් කිසිවෙක් ඒකට යන්නේ නැත්නම් නම්, බය නැතුව ගිහින් ඔබේම රාත්‍රී භෝජන දිනයක් වෙන් කර ගන්න. ඒ එක්කම පොතක් ද ගෙනියන්න - ඔබේ මනස ලිහිල් කරවන්න පොත් වලට පුලුවන්. ඒ වගේම ඔබට යන්න අවශ්‍ය වන සාදවලට හෝ මංගල උත්සවවලට ද තනියම යන්න පසුබට වෙන්න එපා. මේ වගේ ගමන් ඔබ තනිවම යාමේ වරදක් නැ. ඒ සඳහා ඔබ ගැනම විශ්වාසයක් ඇති කරගන්න විතරයි ඕනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1934 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:48 AM
Script:/article/1934/new-year-targets-for-a-single-girls.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:48 AM
Script:/article/1934/new-year-targets-for-a-single-girls.html