කේන්ති ගන්න පොඩ්ඩොන්ව මට්ටු කරන්න tips 05 ක්

November 13, 2018
14,091
How to control your arrogant child
කේන්තිය එහෙමත් නැතිනම් තරහව යන එකට ලොකු, කුඩා කියලා භේදයක් නෑ. ගොඩක් වේලාවට වැඩිහිටියන්ට වඩා පුංචි දරුවන්ට තරහා යනවා බොහොම ඉක්මනින්. ඔයාගේ පොඩ්ඩා ජීවත් වෙන වටපිටාවද ඔවුන් කේන්තියට පත්වෙන්න අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. ගොඩක් වේලාවට ඔයාගේ පුංචි දරුවන් තරහා ගන්නකොට එහෙමත් නැතිනම් කේන්ති ගන්න විට වැඩිහිටියන් කියන කතාවක් තමයි ආරේ ගුණ නෑරේ කියන කතාව. මොකද අම්මට තාත්තට තරහව යනවා නම් අම්මා තාත්තා ටිකක් වැඩිපුර කේන්ති ගන්න කෙනෙක් නම් දෙමාපියන් හිතන්නේ දරුවන්ටත් ඒ පුරුද්ද ඒ විදිහටම ඇවිත් කියලා. ඔයත් ඔයාගේ පොඩ්ඩා කේන්ති ගන්නකොට මෙහෙම හිතෙන කෙනෙක් නම් හැඩකාරී අපි කවදාවත් ඔයා එක්ක එකඟ වෙන්නේ නැහැ. ඔයාගේ දරුවා කේන්තියෙන් අඬනවිට, කෙන්තියෙන් කෑ ගහන විට, එහෙමත් නැනිනම් පවුලේ සමාජිකයන් එක්ක අඩ දබර කරන විට ඔයා කවදාකවත් හිතලා බැලුවද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඇයිද කියලා. ඔයාත් දරුවාට අනන්ත කෑ ගහලාඇති. බැනලා ඇති. තරවටු කරලා ඇති. ඉතිං අද හැඩකාරී ඔයාට මේ කියන කතාව ඇහුවට පස්සේ ඔයාටම තේරුම් යයි ඔයාගේ දරුවාගේ තරහව පාලනය කරන්න ඔයා හරියටම කළ යුතු දේවල් මොනවාද කියලා.

දරුවාගේ භාෂාව තේරුම් ගන්න

වැඩිහිටියන් ගොඩක් වේලාවට හිතන්නේ පුංචි දරුවන්ට කිසිවක් තේරුම් ගැනීමට හැකියාවක් නැහැ කියලා. ඒත් ඔයා නොදන්නවා වුණාට පුංචි දරුවන්ටත් විවිධ අවශ්‍යතාවන් තියෙනවා. ඕනෑ එපාකම් තියෙනවා. ඉතිං වැඩිහිටියෙක්ට වගේ සියල්ල එක ලෙස ඉල්ලීමට හෝ දෙමාපියන්ට කියන්න හැකියාවක් පුංචි දරුවන්ට නැහැ. ඔවුන්ගේ එකී අවශ්‍යතාවන්වලට දෙමාපියන් විදිහට ඔයා ප්‍රතිචාර නොදක්වන විට දරුවන් කේන්තියට පත් වෙනවා. ඉතිං හොඳම දේ වෙන්නේ මුලින්ම ඔයා ඔයාගේ දරුවාගේ භාෂාව තේරුම් ගන්න. පසුව ඔහුට හොඳින් ඇහුම්කම් දෙන්න. එය දරුවාගේ ඉදිරි පැවැත්මටත් ඉතා වැදගත් වේවී. ඒ වගේම කේන්තියාම නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵලවලින් ඔයාගේ දරුවාව ආරක්ෂා කර ගන්නත් හැකියාව ලැබේවී.

කේන්ති ගැනීමේ ආදීනව කියලා දෙන්න

දරුවන් කේන්ති ගන්නා විට ඔවුන්ට සැර කරලා, තරවටු කරලා එයින් ඔවුන්ව සන්සුන් කරන්න හැකියාවක් ඇත්තටම ලැබෙන්නේ නෑ. ඔයා පළමුවෙන්ම දරුවාට සමීප වෙන්න. කෙන්ති ගැනීමෙන් ඇතිවන ආදීනව ගැන ආදරයෙන් දරුවාට කියලා දෙන්න. එය යහපත් නොවන පුරුද්දක් බවට ඒන්තු ගන්වන්න. එවිට දරුවා යම්තාක් දුරට කේන්තිය පාලනය කර ගනිවී. කේන්තිය නිසා තවත් කෙනෙක්ගෙන් පළි ගන්න, රිදවන්න වැනි හැගීම් දරුවා තුළින් ඉස්මතු වෙනවා නම් ඔයාගේ මැදිහත් වීමෙන් ඒවා අඩාල කරන්න. මේ හැමදේම ඔයා කළ යුතු වන්නේ ඉතාමත් ආදරයෙන්. ඔයත් දරුවාට මේවා කේන්තියෙන් කියලා දුන්නොත් දරුවා කවදාවත් ඔයා එක්ක එකඟ වෙන එකක් නම් නෑ.

ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා

මේ වැරැද්ද අද ගොඩක් දෙදෙනක් කරනවා. විශේෂයෙන්ම පුවුලේ සමාජිකයින් කිහිප දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. පුංචි දරුවෙක් කේන්තියෙන් කෑ ගහන විට නිවසේ අනිත් අය ඔහුට හෝ ඇයට තවත් උල්පන්දන් දෙනවා. මෙයින් පුංචි දරුවා තවත් ධෛර්යමත් වෙලා ඊටත් වැඩියෙන් කේන්ති අරගෙන කෑ ගහන තත්ත්වයට පත් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒ නිසා පුංචි දරුවෙක් කේන්තියෙන් ඉන්නා විට කේන්තිය ඇවිස්සෙන සුළු කිසිවක් කරන්න එපා. හොඳම දේ තමයි සියලු දෙනා එකතු වෙලා දරුවාගේ කේන්ති යාම පාලනය කර ගන්න උදව් කරන එක. ඔයාට එහෙම කරන්න හැකියාවක් නොමැති නම් ඇවිලෙන ගින්නට පිදුරු දානවට වැඩියෙන් නිශ්ශබ්දව ඉන්න එක තමයි වඩාත් හොඳ.

අවධානය වෙනස් කරන්න

පොඩ්ඩොන්ට හේතුවක් නැතුව කිසිම අවස්ථාවක කේන්තිය එන්නේ නෑ. සාධරණ හෝ සාධාරණ නොවන හේතුවක් නිසා ඔයාගේ පොඩ්ඩා කේන්තියට පත් වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. මෙවැනි අවස්ථාවක ඔයාට පුළුවන් පුංචි උපක්‍රම කිහිපයක් අනුගමනය කරලා දරුවාගේ අවධානය වෙනත් දෙයකට යොමු කරන්න. සිනහව උපදවන කතාවක් කියලා දෙන්න. එහෙම නැතිනම් දරුවා ආසන්නතම කාලය තුළ වැඩියෙන්ම සතුටු වුණු දවසක් ගැන මතක් කරලා දෙන්න. එවිට යම්තාක් හෝ ඔහුගේ හෝ ඇයගේ අවධානය වෙනස් කළ හැකියි. ගොඩක් වෙලාවට ඔයා අහලා ඇති තරහා එනවා නම් එකේ ඉඳන් දහයට ගණන් කරන්න කියලා කියනවා. ඉතිං මේ පෙරහුරුව දරුවා තුළ ඇති කරන්න අමතක කරන්න එපා. දරුවාගේ කේන්තිය නැති කරන්න හිතාගෙන ඔයා මොන දේ කළත් මානසික අල්ලස් නම් කිසිම විටෙක දෙන්න එපා. මොකද එතකොට දරුවා පුංචි පුංචි දේවල් නොලැඹෙන කොට හිතාමතාම කෙන්ති ගන්නවා.

අගය කරන්න

පුංචි දරුවන් අම්මාගෙන් තාත්තාගෙන් එහෙමත් නැතිනම් වැඩිහිටියන්ගෙන් ලැබෙන ආදරයට වගේම මේ කියන ප්‍රශංසාවටත් හරිම කැමතියි. ඉතිං ඔයාගේ දරුවාවැඩි පුර කේන්ති ගන්න කෙනෙක් නම්, එය හොඳ දෙයක් නොවන බව ඔයා කියලා දුන්නට පස්සේ දරුවා විසින්ම කෙන්තිය පාලනය කර ගන්නවා නම්, පළමු මොහොතේදී දරුවාව අඟය කරන්න. එය හොඳ යහපත් ක්‍රියාවක් බව නිතර නිතර දරුවාට ඒන්තු ගන්වන්න. එවිට දරුවාට යළි කේනතිය එනවිට ඔයා මේ කියපු දේ මතක් වෙලා දරුවා විසින්ම එය පාලනය කර ගන්න තත්ත්වයට පත් වෙනවා. පළමුව, දෙවනුව හා තෙවනුවද දරුවාව අඟය කරන්න. එවිට ඔයාටත් නොදැනීම ඔයාගේ පොඩ්ඩා කේන්ති නොයන සාමකාමී මනසකින් යුතුව ජීවත් වෙන දරුවෙක් බවට පත්වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1164 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:19:09 PM
Script:/article/1164/how-to-control-your-arrogant-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:19:09 PM
Script:/article/1164/how-to-control-your-arrogant-child.html