සිසේරියන් සැත්කමකට පසු කාන්තාවක් මේ ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතුයි.

September 7, 2017
24,301
Care And Recovery After A C-Section
වර්තමානය වන විට බහුතරයක් කාන්තාවන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා තෝරා ගන්නේ සිසේරියන් සැත්කම්. මීට ටික කාලයකට කලින් නම් කාන්තාවක් සිසේරියන් සැත්කමක් දරුවෙකු බිහි කරන්න තෝරා ගන්නේ යම් අවධානම් තත්වයකදී සහ වෛද්‍ය වරයාගේ නිරිදේශ කිරීමක් මතයි. හැබැයි අද වෙන විට පහසුව නිසා වැඩි කාන්තාවන් ප්‍රමාණයක් දරුවන් බිහි කරන්න සිසේරියන් සැත්කම තෝරා ගන්නවා. ඒ නිසා අද අපි ඔබට කියන්නේ සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් අවධානය යොමු කල යුතු කාරණා කිහිපයක් ගැන.

1. ඇවිදීම සදහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න.

සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් ඇවිදින එක ඉතාමත් වැදගත්. ඔබට දැනෙන ශාරීරික අපහසුතාවන් සහ දරුවා ලඟින්ම ඉන්න තියෙන ආසාව නිසා ඔබට ඇවිදින එක මඟ හැරෙන්න පුළුවන්. හැබැයි ඔබට ඉක්මනින්ම යථා තත්වයට පත්වෙන්න අවශ්‍ය නම් ඔබ ඇවිදින එක ඉතාමත් වැදගත්. නිතරම ඇදට වෙලා ඉන්නේ නැතුව පරිස්සමින් පවුලේ කෙනෙකුගේ උදවුවත් ඇතිව නිවස තුල සෙමින් ඇවිදින්න. මේ නිසා ඔබට පුළුවන් ඔබට දැනෙන අපහසුතා වලින් ඉක්මනින්ම මිදිලා සාමාන්‍ය විදිහට කාලය ගත කරන්න.

2. දරුවාගේ කටයුතු වලදී පවුලේ අයගේ සහය ලබාගන්න.

සැත්කමට පසු වේදනාවන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ දරුවාගේ කටයුතු සිදු කරන විට එයට සැමියාගෙන් හෝ පවුලේ අයගෙන් සහය ලබාගන්න. දරුවාට කිරිදීමට අවශ්‍ය වූ විට ඔවුන්ට කියන්න දරුවාව ඔබ ළඟට අරන් දෙන්න කියා. ඔබට අපහසුවක් දැනෙනවා නම් පවුලේ අයට හෝ සැමියාට කියන්න දරුවාගේ කටයුතු සිදු කරන්න කියා.

3. වෛද්‍ය වරයා අනුමත කල වේදනා නාශක භාවිතා කරන්න.

සිසේරියන් සැත්කමකින් පසු ඇතිවෙන වේදනාව පාලනය කරන්න ඔබේ වෛද්‍යවරයා ලබාදෙන වේදනා නාශක නිසා මවුකිරි ලබාදීමට කිසිදු බාධාවක් සිදුවෙන්නේ නැහැ. ඔබ මේ ගැන බය වෙලා වේදනා නාශක ලබන්නේ නැතිව හිටියොත් ඔබට බොහෝ අපහසුතාවයන්ට පත්වෙන්න සිදු වෙනවා. එය ඔබට වගේම දරුවටත් බලපෑමක් එල්ල කරනවා. මේ නිසා වෛද්‍යවරයා නියම කරන බෙහෙත් නිවැරදි වේලාවට ලබාගන්න.

4. යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදු නොවුනොත් වෛද්‍යවරයාට ඒ බව පවසන්න.

සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව වගේම සිසේරියන් සැත්කමකින් පසුවත් යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම සාමාන්‍ය දෙයක් වගේම අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. මොකද මේ රුධිරය පැමිණෙන්නේ වැදෑමහ ගර්භාෂයට සම්බන්දව තිබුණු ප්‍රදේශයෙන්, ඒ වගේම එය ඔබේ ගර්භාෂය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ කොටසක්. මේ නිසා සිසේරියන් සැත්කමකින් පසු යෝනි මාර්ගයෙන් රුධිරය පිට නොවන්නේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයාව හමුවෙන්න.

5. කෙදි බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න.

සිසේරියන් සැත්කමකින් පසු බඩවැල් යථා තත්වයට පත්වෙන්න ටික කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ නිසා උදරයේ වාතය පිරුන තත්වයක්ද ඇතිවිය හැකියි. මේ නිසා ඔබට උදරයේ අපහසුතා වගේම උරහිස් වේදනාවන්ද ඇතිවිය හැකියි. මේ නිසා මේ තත්වයෙන් ඉක්මනින් මිදෙන්න කෙදි වැඩිපුර අඩංගු වෙන එළවලු පලතුරු ආහාරයට ගන්න. වැඩිපුර දියරමය දේවල් ආහාරයට ගන්න.

6. සැත්කම සිදුකල ස්ථානය වියළිව පිරිසිදුව තබාගන්න.

ඔබ පිරිසිදු කිරීමේ කාර්යයන් සිදු කරන විට තුවාලයට වතුර නොයන්න වගබලා ගන්න. මොකද තෙතමනය නිසා ඔබේ තුවාලය අසාදනය විය හැකියි. ඒ වගේම තමයි තුවාලය අවට අසාමාන්‍ය තාවයන් දැකගන්න ලැබුනොත් ඉක්මනින්ම වෛද්‍යවරයාව
හමුවෙලා උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 404 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:40:04 AM
Script:/article/404/care-and-recovery-after-a-c-section.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:40:04 AM
Script:/article/404/care-and-recovery-after-a-c-section.html