උදෑසන ආහාරවේල රජෙක් වගේ ගනිමුද?

February 22, 2017
5,001
Eat like a king in the morning
අපේ දිනපතා ආහාරයේදි උදෑසන ආහාර වේල රජෙක් වගේ ගත යුතුයි කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී මතයක් තිබුණත් එහි වටිනාකම බොහෝ දෙනෙකු නොදනී.

ඇත්තෙන්ම රාත්‍රි ආහාරයෙන් පසුව බොහෝ වේලාවක් නිරහාරව සිට උදෑසන ආහාර වේල ගන්නා කාලය තුළ එය මග හැර දැමීම ඔබට පෝෂණ ඌණතාවයකට පත් කරලීමට සමන් වෙන බව ඔබ නොදනී.

රාත්‍රි නින්ද සහ උදෑසන ආහාරය

රාත්‍රී නින්දේදී සිරුරේ සිරුරේ ගෙවී ගිය කොටස් නැවත අලුත්වැඩියා වෙන බව වෛද්‍ය විද්‍යාත්මක සත්‍යයයි. මෙම නිසා උදෑසන ආහාර වේලට ප්‍රධාන ස්ථානයක් දීමට වගා බලා ගන්න.

උදෑසන කිරි විදුරුවක රසය බලන්න

උදෑසන කිරි විදුරුවක් පානය කිරීම ඉතා වැදගත්. සමහර දරුවන් කිරි බීමට කැමැත්තක් දැක්වුවත් ඇතැම් දරුවන් කිරි රසයට අකමැති නම් එහි රසය දරුවා ප්‍රියකරන කිසියම් පෝෂණිය සංයෝගයක මුසුවක් ලෙස ලබා දෙන්නට උත්සාහ කරන්න. එය දරුවාට උදෑසන ආහාරයට එක්වන කිරි විදුරුවට රුචිකත්වයක් ඇති කළ හැකි ක්‍රම උපායකි.

උදෑසන ආහාර වේලට වඩාත් යෝග්‍ය වන්නේ කුමක්ද?

උදෑසන ආහාර වේල සහ වඩාත් සුදුසුම ආහාරය කුමක් දැයි ඔබ විමසිලිමත් වෙනවා නම් ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ බත් යන්න විය හැකිය. නමුත් බත් පමණක්ම දරුවාගේ ආහාරයේ පෝෂණය සම්පුර්ණ නොකරයි. බත් ආහාරයට ගැනීම සඳහා එළවලු, කොළමැල්ලුම් ආදියද කොතරම් එහි අත්තර්ගතද බැලීම වැදගත්. ප්‍රෝටීන කොටස් කොතරම් අන්තර්ගතද යන්නත් සොයා බලන්න.

බත් සහ පරිප්පු පමණක් ජනප්‍රිය ආහාර වේලක් නොවේ

සමහර මව්පියන් දරුවාගේ උදෑසන ආහාරයට බත් සහ පරිප්පු ජනප්‍රිය උදෑසන ආහාර වේලක් ලෙස සලකා සකස් කර දෙති. දිනපතාම පාහේ එවන් ආහාරයක් දරුවාට ලබා දෙනවාට වඩා ආහාරයේ විවිධත්වය ගැන සැලකිලිමත් වෙන්න. මන්ද එකම ආහාරයකින් එකම පෝෂණ කොටසක් ලැබීම අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක වල ඌණතාවයක් ඇති වෙන්නට හේතුවකි.

මේ නිසා දරුවාගේ පෝෂණ අවශ්‍යතා සඳහා සරිලන උදෑසන ආහාර වේලක වැදගත් කම කුඩා කළ සිටම සැලකිලිමත් විය යුතු කරුණක් බව අමතක නොකරන්න.

අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 75 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:47:09 AM
Script:/article/75/eat-like-a-king-in-the-morning.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:47:10 AM
Script:/article/75/eat-like-a-king-in-the-morning.html