යටි පතුල්  වේදනා වලට සත්කාර කරන ගමන් ලස්සන දෙපා වල හිමිකාරිණියක් වෙන්න

December 3, 2018
21,999
Heal your feet while making them pretty
මුළු දවස පුරාම වැඩියෙන්ම වෙහෙස වෙන ස්ථානයක් තමා යටි පතුල කියන්නේ. ඇවිදින නිසා අපේ යටි පතුල රළු පෘෂ්ඨයන් සමග නිතරම ගැටෙනවා. සෙරප්පු නැතිව ඇවිදිනකොට ගල් වැලි වලින් වේදනාවක් ගෙනල්ලා දෙනවා අතර සෙරප්පු භාවිතා කරත් ගල් ඇනිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා තමා ඔයාගේ යටි පතුල් අනිත් තැන් වලට වඩා ගොරෝසුවට පිහිටන්නේ. මේ ගොරෝසු බව නිසා ඇති වෙන යටි පතුල් පැලීම නිසා දරා ගන්න බැරි වේදනාවක් දැනෙනවා. අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ ඔයාගේ දෙපතුල් වලට සහනයක් ලබා දෙන සත්කාර ටිකක් ගැන. මේ සත්කාර මගින් දෙපතුල් පැලීම නතර කරනවා වගේම, ඔයාගේ දෙපතුලට පැහැපත් දීප්තිමත් බවක් ලබා දෙනවා.

ස්ට්‍රෝබෙරි සහ සිනි

අවශ්‍ය ද්‍රව්‍ය :
ස්ට්‍රොබරි ගෙඩි-2
සිනි කෝප්ප -1/2
ඔලිව් තෙල් මේස හැඳි - 1

සිනි සමග ස්ට්‍රොබරි සහ ඔලිව් තෙල් මිශ්‍රකර විනාඩි 20ක් පමණ ස්ක්‍රබ් කර සෝදන්න. ස්ක්‍රබ් එක නිසා ඔයාගේ සමට පෝෂණය ලැබෙනවා වගේම මෙම ස්ක්‍රබ් එක ඕනෑම සමකට ගැලපෙනවා. ස්ට්‍රොබරි වලට වයස් ගත වීමේ ලක්ෂණ නැති කිරීමට මනා හැකියාවක් ඇති අතර යටි පතුල පැළුණු තැන් සුවපත් කිරීම සහ හිරු කිරණ වලින් ආරක්ෂා කර ගැනීමට මෙම ස්ට්‍රොබරි සත්කාරය සුදුසුයි.

විටමින් E සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය :
විටමින් E මේස හැඳි - 3
ලුණු කුඩු මේස හැඳි  - 5
පොල් තෙල් මේස හැඳි - 3

ලුණු කුඩු වලට විටමින්  E සහ පොල් තෙල් එකිනෙක මිශ්‍රකර විදුරු බදුනකට දමා දින කිහිපයක් වස තබන්න. විනාඩි 20ක් යටි පතුල ස්ක්‍රබ් කරන්න. මෙමගින් ඔයාගේ දෙපතුල් පැලීම සුවපත් කරනවා, වයස් ගත වීමේ ලක්ෂණ නැති කරනවා, දෙපතුල් වලට පෝෂණය  ලබා දෙනවා සහ සම සුමුදු කිරීමත් මෙම ස්ක්‍රබ් මගින් ඉටු කරනවා.

ඔලිව් ඔයිල් සහ දුඹුරු සිනි සත්කාරය 

අවශ්‍ය ද්‍රව්‍ය :
දුඹුරු සිනි මේස හැඳි - 1
ඔලිව් ඔයිල් මේස හැඳි - 1
බේකින් සෝඩා මේස හැඳි - 1

සිනි, ඔලිව් ඔයිල් සහ බේකින් සෝඩා එකිනෙක මිශ්‍ර කර විනාඩි 20ක් යටි පතුල ස්ක්‍රබ් කර සෝදා හරින්න. දවස පුරා ඇතිවෙන පීඩාකාරී තත්වයන් මග හරවා ගැනීමට සුදුසුයි. මෙම ස්ක්‍රබ් එකෙන් ඔයාගේ දෙපතුලට පෝෂණය වගේම සුමුදු බවක් ලබා දෙනවා.

කෝපි කුඩු 

අවශ්‍ය ද්‍රව්‍ය :
කෝපි කුඩු මේස හැඳි - 2
සිනි මේස හැඳි - 2
පොල් තෙල් මේස හැඳි - 1

සියලුම ද්‍රව්‍ය එකිනෙක මිශ්‍රකර විනාඩි 15-20ක් යටි පතුල ස්ක්‍රබ් කර සෝදා හරින්න. මෙම ස්ක්‍රබ් එක මගින් දෙපතුලේ ඇති වෙන තඩිස්සි වීම සහ ඇති වෙන වේදනකාරී තත්වයන් සුවපත් කරන අතර දෙපතුලේ රුධිර සංසරණ ක්‍රියාවලියටද මෙම ස්ක්‍රබ් එක දායක වෙනවා.

මි පැණි සහ කපුරු තෙල් සත්කාරය 

අවශ්‍ය ද්‍රව්‍ය :
මි පැණි මේස හැඳි - 1
කපුරු තෙල් මේස හැඳි - 2
ලුණු කුඩු මේස හැඳි - 3

සියල්ලම එකට මිශ්‍රකර විනාඩි 15ක් යටි පතුල ස්ක්‍රබ් කර මද රස්නේ වතුරෙන් සෝදා හැර පිරිසිදු තුවායකින් තෙතමාත්තු කර මොයිස්චරයිසින් ක්‍රීම් එකක් අලේප කරන්න. මෙම ස්ක්‍රබ් එක ගොරෝසු යටි පතුල් සඳහා සුදුසුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1187 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:06:48 AM
Script:/article/1187/heal-your-feet-while-making-them-pretty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:06:49 AM
Script:/article/1187/heal-your-feet-while-making-them-pretty.html