ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන පරිදි බොබ් කොණ්ඩා මෝස්තරය කපන්නේ මෙහෙමයි

July 13, 2020
10,230
Which bob hair cut suits your face
බොබ් කොණ්ඩා මෝස්තරයකට ඔයා කැමති වුණත් ඔයාගේ මුහුණේ හැඩය සමඟ ඒ විලාසිතාව ගැලපෙනවාද කියලා ඔයා​ට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. මේ කොණ්ඩා මෝස්තරය මගින්  මුහුණේ හැඩය, හිසකෙස්වල පෙනු​ම සහ වයස පවා වෙනස් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම හො​ඳ පෙනුමක් ගෙන දෙනවා. නමුත් යම් තැනකදී වැරදුණොත් ඔයාගේ දිග කොණ්ඩය අපරාදේ කියලා හිතෙන්න පුළුවන්. ඉතිං අද හැඩකාරී අපි ඔයාට මුහුණේ හැඩයට අනුව ගැළපෙන බොබ් කොණ්ඩා මොස්තර මොනවාද යන්න ගැ​න කියලා දෙනවා. ඔයාගේ කොණ්ඩය කැපීමට පෙර කියවිය යුතුම ලිපියක් තමයි මේ. 

1. රවුම් හැඩැති මුහුණක් සඳහා බොබ් කොණ්ඩා මෝස්තරය යොදද්දී නිකට​ට යටින් කොණ්ඩය කැපිය යුතුයි. එමගින් මුහුණට තරමක දිගටි හැඩයක් ලැබෙනවා. කොණ්ඩය පැත්තට පිරීමෙන් හෝ කොණ්ඩය නළල සහ කම්මුල් දෙක වැසෙන ලෙස කැපීමෙන් රවුම් මුහුණක ලක්ෂණ හොඳින් ඉස්මතු කරගන්නත් පුළුවන්.





2. ඕවල් හැඩැති මුහුණක් ඔයාට තියෙනවා නම් නිකට මට්ටමට හෝ නිකටට යාන්ත​ම් පහළින් සිටින ​සේ කොණ්ඩය කප​න බොබ් මෝස්තරයක් තෝරා ගන්න. ඒ වගේම මේ විදිහේ බොබ් කට් එකකදී කොණ්ඩය නළලට වැටෙන සේ ඉදිරිප​ස හිසකෙස් සකසා ගැනීමෙනුත් ඕවලාකාර මුහුණකට හොඳ හැඩයක් ලැබෙනවා.





3. හතරැස් හැඩයේ මුහුණක් ඇති යුවතියක් නම් මධ්‍යම ප්‍රමාණ​යේ Mid-Length Layered බොබ් මෝස්තරය හොඳින් ගැලපෙනවා. සාමාන්‍යයෙන් හතරැස් මුහුණක් සහිත යුවතියන්ගේ කම්මුල් සහ හකු ප්‍රදේශ ශක්තිමත් පෙනුමෙන් යුක්ත නිසා මුහුණේ එම ප්‍රදේශවල ස්වභාවික සුන්දරත්වය මතුව​න ආකාරයට කම්මුල් සහ හකු නිරාවරණය වෙන පරිදි කොණ්ඩය සකසා ගැනීම වඩාත් සුදුසුයි.





4. හදවත් (Heart) හැඩති මුහුණක් ඇති තරුණියන්ගේ මුහුණේ පෙනුම කැපී පෙනෙනන්ට ෆ්‍රින්ජ් සහිත කොණ්ඩ මෝස්තරයක් සමග එන බොබ් විලාසිතාවක් වඩාත් සුදුසුයි. කෙළින්ම ඉදිරිපස හිසකෙස් නළලට වැටෙන්නට හෝ නළලේ කොටසක් වැසෙන පරිසි කොණ්ඩය සකසා ගැනීම මගින් හාර්ට් හැඩයේ මුහුණක් සහිත යුවතියකට බොබ් කොණ්ඩා විලාසිතාව දමන්න පුළුවන්. කොණ්ඩය කැපීමේදී උරහිස් මට්ටමට හෝ ඊට මදක් ඉහළට වන්නට කොණ්ඩය කොට කරන්න පුළුවන්.




Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1695 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:35 AM
Script:/article/1695/which-bob-hair-cut-suits-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:35 AM
Script:/article/1695/which-bob-hair-cut-suits-your-face.html