යටි බඩ මහත් වෙන කරදරෙන් ඈත් වෙන්න මෙන්න හොඳම විසඳුම්

August 12, 2019
22,786
Solutions for hanging tummy
ශරීරයේ අධික තරබාරුව හා යටි බඩේ ප්‍රමාණය වැඩි වීම ලංකාවේ වගේම ලෝකය පුරාම ගොඩක් මිනිස්සු පීඩා විඳින සෞඛ්‍යය සම්බන්ධ ප්‍රධානතම ගැටළුවක්. බඩ වැඩි වෙන්නේ නම් අපි ගන්න ආහාර වලින් ශරීරය තුළ අධිකව මේදය තැන්පත් වීම නිසයි. ඇත්ත වශයෙන්ම, මේ විදිහට මේදය විශාල ප්‍රමාණයක් තිබීම දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘදයාබාධ වැනි රෝග ඇති වීම සමඟ ද ගොඩක් සම්බන්ධ වෙනවා. මේ හේතුව නිසා, උදර තරබාරුවෙන් තොර වීම ඔබේ සෞඛ්‍යයට විශාල ප්‍රතිලාභයක් ලබා දෙනවා වගේම දිග කාලයක් ජීවත් වීමටද ඔබට උපකාරී වෙනවා.

1. හරියටම ගණන් මිනුම් මැනගන්න

ඔබේ ඉණ වටා ඇති වට ප්‍රමාණය මැනීමෙන් උදරයේ තරබාරුව සාමාන්‍යයෙන් තක්සේරු කෙරෙනවා. මෙය සරල ටේප් මිනුමකින් නිවසේදී පහසුවෙන් කළ හැකියි. පිරිමින් අඟල් 40 ට (සෙ.මී. 102) සහ කාන්තාවන් අඟල් 35 (සෙ.මී. 88) ට වැඩි නම් උදර තරබාරුව නැතිනම් ඒක ස්ථුලතාවය ලෙස හැඳිවෙනවා. ඔබේ ඉණ වටා අතිරික්ත මේදය තිබෙනවා නම්, ඔබ සමස්තයක් වශයෙන් එතරම් බරක් නැති වුණත් එයින් මිදීමට පියවර කිහිපයක් ගැනීම ඔබේම නුවණට හුරුයි.

2. අධික සීනි භාවිතයෙන් සම්පූර්යෙණ් ම ඉවත් වෙන්න

සීනි සහ සීනි ආශ්‍රිතව තැනූ පැණි බීම ආහාර සමඟ එකතු කිරීම ඉතා අහිතකරයි. අධ්‍යයන වලින් පෙනී යන්නේ එය පරිවෘත්තීය සෞඛ්‍යයට ගොඩක් හානිකර බලපෑම් ඇති කරන බවයි. බොහෝ අධ්‍යයන වලින් හෙළි වී තියෙන්නේ අතිරික්ත සීනි, බොහෝ විට ෆ්‍රක්ටෝස් විශාල ප්‍රමාණයක් නිසා බඩ හා අක්මාව තුළ මේදය ප්‍රමාණය වීම වැඩි විය හැකි බවයි. දියර සීනි ඊටත් වඩා නරකයි. ඝන කැලරි මෙන් දියර කැලරි මොළය විසින් පිලිගන්නේ නැති නිසා ඔබ සීනි පැණිරස බීම පානය කරන විට, නිකන්ම එවැනි වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු වෙනවා. මේවාට සීනි සහිත පැණිරස බීම, සීනි සහිත සෝඩා, පළතුරු යුෂ සහ ක්‍රීඩා වලදී භාවිතා කරන බීම වර්ග ද ඇතුළත්. මේ පුරුද්ද අඩු කර ගන්න අවශ්‍ය නම්, ඔබ අදාළ නිෂ්පාදන වල ලේබල් කියවීම ආරම්භ කරන්න. එතකොට ඒවායේ අන්තර්ගත සීනි ප්‍රමාණය ගැන දළ අවබෝධයක් ඔබටම ලබා ගන්න පුළුවන්. මතක තබා ගන්නවෙළඳපොලේ සෞඛ්‍යසම්පන්න ආහාර ලෙස අලෙවි කරන ආහාරවල පවා විශාල සීනි ප්‍රමාණයක් අඩංගු වෙන්න පුළුවන්.

3. වැඩිපුර ප්‍රෝටීන් ආහාරයට ගැනීම බඩේ මේදය අඩු කිරීම සඳහා දිගු කාලීන හොඳ පුරුද්දක්

බර අඩු කර ගැනීමේදී ප්‍රෝටීන් වඩාත් වැදගත් සර්ව පෝෂකයක්. බර අඩු කර ගැනීම ඔබේ ඉලක්කය නම්, ප්‍රෝටීන් එකතු කිරීම ඔබේ ආහාර වේලෙහි කළ හැකි වඩාත්ම ඵලදායී වෙනසයි. ඒ නිසා බිත්තර, මාළු, මුහුදු ආහාර, රනිල කුලයට අයත් බෝග, ඇට වර්ග, මස් සහ කිරි නිෂ්පාදන වැනි ඉහළ ප්‍රෝටීන් සහිත ආහාර අනුභව කිරීම වැඩි කිරීමට උත්සාහ කරන්න. මේවා ආහාර වල ඇති හොඳම ප්‍රෝටීන් ප්‍රභවයන් විදිහට ගැනෙනවා. ඔබේ ආහාර වේලෙහි ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නැති නම්, ගුණාත්මක
ප්‍රෝටීන් අතිරේකයක් (තිරිඟු ප්‍රෝටීන් වැනි) විදිහට පරිභෝජනය කරන්න පුළුවන්.

4. කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරවලින් ඈත් වෙන්න

පර්යේෂණ මඟින් හෙළි වී ඇත්තේ බඩවැල්, අවයව හා අක්මාව තුළ ඇති මේද ප්‍රමාණය වැඩි කිරීමට කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර විශේෂයෙන් හේතු වන බවයි. මේ නිසා එම ආහාර සීමා කිරීම මේදය අඩු කිරීමට ඔබට ගන්න පුළුවන් ඉතා ඵලදායී පියවරක්. විශේෂයෙන්ම පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර (සීනි, කැන්ඩි, සුදු පාන් ආදිය) පරිභෝජනය ඈත් කරන්න.

5. තන්තුමය ආහාර මගින් බඩේ මේද ප්‍රමාණය අඩු කළ හැකියි

කෙඳි බහුල තන්තුමය ආහාර ගැනීමෙන් බර අඩු කර ගත හැකි බව බොහෝ විට කියවෙනවානේ. ඒක ඇත්තක්. නමුත් සෑම තන්තුමය ආහාරයක්ම එක හා සමාන විදිහට නිර්මාණය වී නැති බව මතක තබා ගන්න. වැඩිපුර තන්තුමය ආහාර ලබා ගත හැකි හොඳම ක්‍රමය තමයි එළවළු සහ පළතුරු වැනි ශාකමය ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීම. රනිල කුලයට අයත් බෝග ද ඒ සදහා හොඳ විසදුමක් වන අතර ඕට්ස් වැනි ධාන්‍ය වර්ග ද ඒ සදහා සුදුසුයි. ඒත් සමඟ ම ඔබට “ග්ලූකොමැනන්” (Glucomannan) වැනි තන්තුමය පෝෂණ අතිරේකයක් ගැනීමට උත්සාහ කළ හැකිය. ආහාර ඔබගේ පරිවෘත්තීය සෞඛ්‍යයේ විශාල දියුණුවක් ඇති කරන අතර රෝග කිහිපයක ම අවදානම
අඩු කරනවා.

6. ව්‍යායාම හරිම වැදගත්

ඇරබික් ව්‍යායාම (ඇවිදීම, ධාවනය, පිහිනීම වැනි) මඟින් බොහෝ අධ්‍යයනයන්හි දී බඩේ මේදය විශාල වශයෙන් අඩු කිරීමට හේතු වී ඇති බව සොයාගෙන තිබෙනවා. අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙන්නේ ව්‍යායාම වලින් බර අඩු වීමෙන් පස්සේ උදර‍යේ මේදය නිර්මාණය වීම සම්පූර්ණයෙන්ම නතර වෙන බවයි. ඊට අමතරව ඔබ උදරයේ ඇතුළත් මේදය නැති කිරීමට ‍ව්‍යායාම ඉතා හොඳ බලපෑමක් ලබා දෙනවා. ඕනෑම ව්‍යායමයකින් ශරීරයේ දැවිල්ල අඩු වීම, රුධිරයේ සීනි මට්ටම අඩු වීම සහ අතිරික්ත උදර මේදය සහ ශරීරය සමඟ සම්බන්ධ අනෙකුත් සියලුම සෞඛ්‍ය ගැටලු නිරාකරණය කරගන්න ඔබට පුළුවන්. ඒකෙන් කියවෙන්නේ බර නඩත්තු කිරීමේදී ව්‍යායාම කොච්චර දුරට වැදගත් වෙනවා ද කියන එක නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 1385 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 6:11:13 PM
Script:/article/1385/solutions-for-hanging-tummy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 6:11:14 PM
Script:/article/1385/solutions-for-hanging-tummy.html