මේ කරුණු ටික දන්නවා නම් පොඩ්ඩොන්ට කෑම කවන්න ඔට්ටු වෙන්න ඕන වෙන්නේ නෑ

September 7, 2018
12,352
No need to fuss to feed your kids if you know these tips
පුංචි දරුවන්ට කවලා පොවලා උස් මහත් කරන එක දෙමාපියන්ගේ වගකීමක් වගේම යුතුකමක්. මේ වගකීම වෙනුවෙන් දවසේ වැඩිපුර වේලාවක් ඔයාගේ පැටියා එක්ක ඔට්ටු වෙන්නේ අම්මා. ඔයා දැනටමත් අම්මා කෙනෙක් නම් මේ අත්දැකීම ඔයාට ඕනවටත් වඩා ඇති. සමාන්‍යයෙන් පුංචි පැටවුන්ට කෑම කවන එක ලෙහෙසි පහසුවක් දෙයක් නම් නෙමෙයි. ඔයා කෑම කන්න කියලා කොච්චර කෑ ගැහුවත්, තරවටු කළත් පොඩ්ඩෝ නෙමෙයි මේ කිසිවක් ගණනකට ගන්නේ. ඔයාගේ මහත්තයා එහෙමත් නැතිනම් වැඩිමහල් දරුවන් කෑම කන්නේ නැතුව ඉන්නකොට කන වේලාවක කයි කියලා ඔයා පැත්තකට වෙලා නිශ්සබ්දව වුණත්, ඔයාගේ පොඩි දරුවෙක් කන්නේ නැති වුණාම නම් ඔයාට ලේසියෙන් පැත්තකට වෙලා ඉන්න බෑ. මොකද වැඩෙන දරුවන්ට පෝෂ්‍යදායී ආහාර නැති වුණොත් ඔවුන් රෝගී වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඉතිං පොඩ්ඩන්ට කෑම කවලම තෙහෙට්ටු වෙලා ඉන්න ඔයාට පහසුවෙන් පැටියට කෑම ටික කවා ගන්න උපකාරී වෙන ටිප්ස් කිහිපයක් කියලා දෙන්න අපි තීරණය කළා.

01. ප්‍රියජනක ආහාරවලට මුල් තැන දෙන්න

ඔයාගේ පැටියා වැඩියෙන්ම කන්න කැමති මොනවගේ කෑමද කියලා හොඳින්ම දන්නේ ඔයානේ. ඉතිං ඔහුගේ හෝ ඇයගේ රුචිකත්වයට පළමු තැන දෙන්න. අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ පැටියා බිත්තර කන්න අකමැතියි කියලා. ඉතිං බිත්තර කන්න කැමති නැත්තම් බිත්තරම කන්න බල කරන්න එපා. බිත්තර තම්බලා කන්න අකමැති නම් බුල්සායි එකක් හදලා දීලා බලන්න. එහෙමත් නැතිනම් කැරට්, ලීක්ස්, ලුණු එකතු කරලා බිත්තර හදලා දෙන්න පුළුවන්. එයට දරුවා කැමති වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒ වගේම දරුවා වැඩිපුර ආහාරයට ගන්න කැමති ආහාර දෙන එක තමයි හොඳම දේ වෙන්නේ. එතකොට දරුවා තුළ ආහාර රුචිය තියෙන නිසා කෑම කනවා වගේම ඔයාට කෑම කවන්න ඔයාට ඔට්ටු වෙන්න ඕන වෙන්නේත් නෑ.

02. ආහාර විවිධත්වයක් ඇති කරන්න

පුංචි දරුවෙකුගේ කෑම වට්ටෝරුවක් හදනකොට පෝෂණය ගැන ඔයාට හිතන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවාගේ ආහාර රුචිය ඇති වෙන විදිහේ ආහාර තෝරා ගන්නත් ඔයාට සිදු වෙනවා. ඉතිං දරුවාට එකම විදිහේ ආහාර දෙන්නේ නැතුව ආහාර විවිධත්වයක් එකතු කරන්න අමතක කරන්න එපා. ඔයාගේ පොඩ්ඩා වැඩිපුර බත් කන්න කැමති නම් හැමදාම බත් එකම විදිහකින් හදන්න එපා. අද සුදු බත් දුන්නා නම් හෙට එළවලු ටිකක් එකතු කරලා එළවලු බත් එකක් හදලා දෙන්න. ඊළඟ දවසේ කහ බත් එකක් හදලා දෙන්න. මේ විවිධත්වයට පුංචි දරුවෝ ඉතාමත් කැමතියි.

03. ආහාර ගන්න කියලා තරවටු කරන්න එපා

අද අම්මලා කරන ලෙකු වැරැද්දක් තමයි මේක. සමහර අම්මලා දරුවන්ට ආහාර කවන්න පටන් ගන්නේ කෝට්ටක් අතට අරගෙන. තරවටු කරාම ඔයාට තියෙන බය නිසාම දරුවා ඒ දවසට විතරක් ආහාර ගනීවී. ඒ වුණත් දරුවා කැමැත්තකින් නෙමෙයි ආහාර ගන්නේ.

එවැනි පසුබිමක ඔයා කොච්චර පෝෂණයෙන් ඉහළ ආහාර දුන්නත් වැඩක් නෑ. නිසි පෝෂණයක් සිරුරට ලැබෙන්නේ නෑ. ඔයා දවසක් දෙකක් තරවටු කරලා පුරුදු වුණාම දරුවන්ට ඒක සමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අනික ඔයා නිතර දරුවන්ට කෑම කන්න තරවටු කිරීමෙන් දරුවාගේ මනසට එය පීඩනයක් විය හැකියි.

04. රස, සුවඳ, පාට ගැන හිතලා කෑම එක හදන්න

පුංචි දරුවන් ගොඩක්ම කැමති වර්ණවත් කෑමවලට. උදාරණයක් විදිහට රතු අලවල තියෙන වර්ණය තියෙන බත්වලට පොඩ්ඩෝ ගොඩක් කැමතියි. දරුවන් ආහාරවල සුවඳටත් ඉතාමත් සංවේදීයි. සමහර පොඩ්ඩෝ සමහර ආහාරවල සුවඳට කැමති නෑ. ඉතිං ඒ වගේ ආහාර ඔයා කොච්චර දුන්නත් දරුවා කන්න කැමති වෙන්නේ නෑ. ඉතිං ඔයා දරුවාගේ ආහාරවල සුවඳ හදුනා ගන්න. එතකොට ඔයාට කෑම එක සකස් කර ගන්න ලේසියි.

05. කෑම දෙන විදිහ වෙනස් කරන්න

මෙයින් අදහස් කරන්නේ ඔයා පැටියට කෑම ටික පිළිගන්වන විදිහ යම් යම් වෙනස් වීම් කළ හැකියි. දරුවාට කෑම දෙන පිගාන කෝප්පය ඉතා විසිතුරුව යොදා ගන්න. දිනෙන් දින කෑම කන පිගාන කෝප්පය වෙනස් කරන්න. මේ වෙනසට ඔවුන් ඉතාමත් කැමතියි. ඔයා දන්නවානේ පොඩ්ඩෝ කැමතියි තමන්ගේ ගෙදර හදලා දෙන ආහාරවලට වඩා වෙනත් ගෙදරකින් ලැබෙන කෑම එකකට. ඒ ඇයි කියලා දැන් ඔයාට තේරෙනවා නේද? පොඩ්ඩෝ ගොඩක් කැමතියි ඒ විවිධත්වයට. පුළුවන් නම් කෑම එක කෙසෙල් කොලයක ඔතලා පාර්සලයක් හදලා දෙන්න. එතකොට ආසාවෙන් කෑම එක කන්න පෙළඹෙයි.

06. කෑම කන්න කියලා අල්ලස් දෙන්න එපා

අම්මලා තමන්ගේ පැටියට කෑම ටික කවා ගන්න බැරි වුණාම විවිධ විදිහේ බොරු කියනවා. ඔයත් ඔයාගේ පැටියට කෑම ටික කවන්න ඕන නිසා අනන්තවත් බොරු කියලා ඇති. සෙල්ලම්බඩු අරන් දෙනවා කියලා පැණි රස කෑම දෙනවා කියලා දරුවන්ව රවට්ටන්න එපා. මේක දරුවෝ පුරුද්දක් කර ගන්නවා. මේ දෙන පොරොන්දු ඔයා කඩ කළාම ඔවුන්ට ඊළඟ දවසේ කෑම ටික කවන්න ඉතාමත් අමාරුයි. අනික වැදගත්ම දේ වෙන්නේ ඔයා බොරු කියලා මේ දෙන නරක ආදර්ශය දරුවාගේ පැවැත්මට යහපත් දෙයක් නෙමෙයි. ඉතිං ඒ නිසා බොරු කියලා අල්ලස් දීලා දරුවන්ට ආහාර කවන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1069 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:41:50 PM
Script:/article/1069/no-need-to-fuss-to-feed-your-kids-if-you-know-these-tips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:41:50 PM
Script:/article/1069/no-need-to-fuss-to-feed-your-kids-if-you-know-these-tips.html